Deepwater Horizon

Deepwater Horizon

Скачать Sinhala субтитры

Информация о релизе

Deepwater Horizon (2016) YIFY 720p
Комментарий от SLCT

Теги

720p
720
Опубликовано: 2017-01-20
Загрузки: 102
Для слабослышащих: No

Предпросмотр субтитров (Sinhala)

Первые 200 строк.

මට සියලු දෙනාගේම අවධානය ලබා ගන්න පුලුවන්ද?

විලියම් මහත්මයා කරුණාකර නැගිටින්න.

කරුණාකර ඔබේ දකුණු අත ඔසවන්න, සර්.

ඔබ ගරු ප්‍රකාරව ප්‍රකාශ කරනවද ඔබ මේ ලබා දීමට යන වාචික ප්‍රකාශය,

සියල්ලක්ම සත්‍ය බවත්, සත්‍යය හැරෙන්න වෙන කිසිත් නැති

බවත් දෙවියන් ඉදිරියේ දිවුරා ප්‍රකාශ කර සිටිනවද?

- ඔව් සර්. - ඔබට ස්තුතියි, සර්.

කරුණාකර අසුන්ගන්න.

විලියම්ස් මහත්මයා, කරුණාකර ඔබට පුලුවන්ද ඩීප්වෝටර් හොරයිසන් හි

සිදුවූ දේ සම්බන්ධව ඔබ සතු හොඳම මතකයන් අපහා අපහට ලබා දෙන්න?

මම 9.30 පමණ මගේ බිරිඳ සමඟ දුරකතනයෙන් කතා කරමින් සිටියා.

ඒ අවස්ථාවේදී තමයි මට සූ හඬ ඇසෙන්න පටන් ගත්තේ.

මට එන්ජින් කැරකෙන ශබ්දය ඇසුනා.

සූ හඬ ක්‍රමයෙන් ගිගුම් නද දෙන විශාල හඬක් බවට පත් උනා.

මට මීට කලින් ඇහුන කිසිම සද්දෙකට වඩා ඉහල සහ

තප්පර කීපයකින් විශාල පිපිරීමක් ඇති උනා,

එත් එක්කම කැබලි විසිවෙන්න ගත්තා හැම පැත්තකින්ම. දරන්න බැරි තරමේ රස්නයක් ඇති උනා.

ඔබට පුලුවන්ද මට කියන්න ඩීප් වෝටර් හොරයිසන්හි අනතුරු ඇඟවීමේ පද්ධතිය සකසා තිබෙන්නේ මොන විදිහටද කියල?

සාමාන්‍යය අනතුරු ඇඟවීම සකසා තියෙන්නේ මුළු විදුම්යත පුරාවටම අනතුරු ඇඟවීමක් කරන්න,

අංක එක: ගින්නක්, අංක දෙක: ගිනි ඇවිලෙන වායුන් ;තුන: විෂ වායුන්.

සෑම තත්වයකදිම වෙනස්වූ සයිරන් හඬක් සහ වෙනස් සහ දර්ශණය වෙන විදිහේ ආලෝකයක් නිකුත් කරනවා.

අප්‍රේල් 20 දින සන්ධ්‍යාවේදී

ඔබට මෙවැනි හඬක් ඇසුනද ඩීප්වෝටර් හොරයිසන් වලදී?

නැහැ, සර්.

ඔබ දන්නවද ඊට කලින් ඔබට කිසිම අනතුරු ඇඟවීමක් ඇසුනේ නැත්තේ ඇයි කියල?

විලියම්ස් මහත්මයා?

විලියම්ස් මහත්මයා!

අඩි 3000 පසු කරමින්.

පහලට යාම දිගටම සිදු කරනවා.

මේ දක්වා දිගටම උතුරු දෙසටම ගමන් කරනවා.

එය පරික්ෂා කරනවා.

වාකඩුලු නිවාරකය දකින්න තිබෙනවා.

කොහොමද ළිං කටේ පෙනුම?

සුළු මළ බැඳීමක් පමණයි,

පෑස්සුම සිදුකර මෙතරම් කාලයක් ගිහින් ඇති වියහැකි තරමේ මළ බැඳීමක් නොවේ

හරි ඒක සලකුණු කරගෙන උඩට එන්න.

මම මේ දැක්කේ මෙච්චර කාලෙකට දැකපු විකාරම හීනේ.

වාව්.

ඔහ්හ්, නියමයිනේ, මාත් හිටියද ඒකෙ?

මම... නැහැ.

මම.. මම හිටියේ සංදර්ශනයක..කොනකට වෙන්න.

එතන හිටියා හරියට නිකන්..

හරියට කකුල් දෙකේ හාවෙක් වගේ.

මම දන්නේ නැහැ මම බය උනේ මොකටද කියලා..

මේ අහන්නකො. මේ අහන්නකො.

මම හෙල්ලුනොත්...

ඌ මම කරන හැම දේම ඔච්චමට අරගන්නවා.

මට තවත් කියන්නෙපා මම දන්නවා දැන් මේක නතර වෙන්නේ කොහෙන්ද කියල.

- මම හිතන්නේ ඒ හාවා මගේ අම්මා කියලා. - අම්මා, ඔව් මම දන්නවා.

ස්තුතියි ඔයාට දැන් ඒක මගේ නරකම හීනයක් වෙලා තියෙන්නේ.

ස්තුතියි ඔයාට.

-ඌ හතුරෙක්. - හරි.

- හතුරු හාවෙක්. - හරි මට තේරුනා.

මට තේරුනා.

සමාවෙන්න, ඔයා මොකෝ ඔය කරන්නේ?

එච්චරද?

දැන් මෙහෙමද ඔයා මාව දවස් 21 සහ රෑ 21කට දාල යන්නේ?

මම ඔයාට නිදා ගන්න ඇරියා.

ඔව්, මට නිදියනවට වඩා තව දේවල් ඕනේ.

එහෙනම් ඔයා පොරොන්දු වෙන්න ඕනේ අම්මව එක්කන් එන්නේ නැහැ කියල.

හාද?

ඔයාට ඕන 30ද? 60ද?

එහෙම නැත්තන් තප්පර අනුවේ ආදර පැකේජ් එකක්ද?

වස්තුවේ,මම මුළු තප්පර අනුවම අරගන්නවා.

අපොයි, දැනෙන පීඩනය!

පීඩනය, පීඩනය.... පීඩනය, පීඩනය..

මට ඔය හිනාව ගොඩක් මතක් වෙයි.

ඔය කටත් මට මතක් වෙයි.

හෙයි.

මගේ දිහා අර විදිහට බලන්න.

ආදරෙයි.

මෙහෙම නෙමේ අපි කතා උනේ යාළුවා.

හරි! හරි!

ඔයා දිගින් දිගටම ඕනෙවටත් වඩා මහලොකු මිකැනික් කියල හිතාගෙන ඉන්නවා වැඩි.

මොකද්ද ඒ කිව්වේ?

අපි යමු බබෝ.

මට පදින්න දෙන්න.

- මට පදින්න දෙන්න. - බැහැ.

- මට පදින්න දෙන්න. - බැහැ.

අනේ දෙනවද ?

- ඔයාට ඇත්තටම පදින්න ඕනෙද? - ඔව්.

එහෙනම් අර පතෝල මැස්ස විකුණලා දාල ඩුකාටි එකක් ගන්න.

ශා! චීන සාප්පුවට කුළු හරකෙක් පැනලානේ.

මම තට්ටු කළේවත් නැත්තේ මට මල්ලි කෙනෙක් ඕනේ නිසාමයි.

අපොයි ඒක නම් හරිම කරදරයක් තමයි.

ඔයා ඒ ගැන කිසිම දෙයක් දැනගන්න ඕනේ නැති හින්දා,

ඔයා හිතනවා පොඩි ළමයි හුරතල් කියල.

- සද්දේ! - ඔයත් ටිකක් ඉඳගන්නවාද එහෙනම්.

මට ඇත්තටම මල්ලියෙක් ඕනේ.

- කොහොමද ඉතින්? - හොඳයි.

පැටියෝ, තාත්තිට ඒක පෙන්නන්නකෝ.

මම ඉවර නැහැනේ. - ඔයා මාර වැඩක්නේ කරලා තියෙන්නේ.

දැන් ඉතින් වැඩ පෙන්නන වෙලාව. ඒක නියමයිනේ.

ඔයා මගේ දිහා බලන්න බැහැ. ඇයි?

එතකොට මට මේක හරියට කරන්න බැහැ.

මම බලං හිටියම ඔයාට අමාරුයි?

නවත්තන්න! -හරි.

මගේ තාත්තා තමයි මයික්.

එයා වැඩ කරන්නේ මුහුදු පතුලේ ඉඳන් තෙල් උඩට අරගන්න තෙල් ලිඳක.

නැහැ, නැහැ, ඩීප්වෝටර් හොරයිසන් එකේ තෙල් බින්දුවක් වත් පොම්ප කරන්නේ නැහැ,

බබෝ අපි තමයි ගවේශකයෝ.

ඉතින් මගේ තාත්තයි එයාගේ යාළුවොයි තෙල් හොයාගෙන

එව්වා බට දිගේ අනික් වැඩකට කණ්ඩායම් වලට දෙනවා...

- එහෙම කියන්නෙපා. - එයාල වැඩකට නැහැ තමා.

එත් අහන්නකො, වැඩකට නැති උනත් එයාලට කිසි දෙයක් පොම්ප කරන්න දෙයක් නැහැ, මතකනේ?

මොකද තෙල් වලට උඩට එන්න උවමනාව තියෙනවා..

නැහැ, නැහැ, නැහැ, ශ්හ්හ්! - හරි. හරි.

මොකද ඒ තෙල් කියන්නේ රාක්ෂයෙක්.

හරියට අර පරණ වස ඩයිනොසර්ලා වගේමයි.

ඉතින් අවුරුදු මිලියන 300ක් පුරාවට

මේ වස ඩයිනොසර්ලා ගොඩක් හිරවෙලා, හිරවෙලා, ජිරවෙලා....තවත් හිරවෙලා..

හරි අපිට තේරනවා. දෙපාරක් හිර උනාම ඇති.

එයාලගේ උඩින් පස් ගොඩකින් සහ මුහුදෙන් යටවෙලා...

එයාල හිරවෙලා.

තාත්තයි එයාගේ යාළුවොයි එකතු වෙලා එයාලගේ වහලේ හිලක් හදනවා.

ඔව්!

මේ නාකි වස ඩයිනොසර්ලට මේක විශ්වාස කරගන්නවත් බැහැ ඉතින්.

ඉතින් එයාල සේරම මේ හිලෙන් එලියට එන්න පොරකනවා!

එයාල ලොකු යන්ත්‍රෙකට එනවා තාත්තයි එයාගේ යාළුවොයි

මුහුදු පතුලේ හයි කරලා තියෙන, ඒකට කියන්නේ...ලොකු මිනිස්සු නිවාරකය?

වාකඩුලු නිවාරකය.

ඒක ඉතින් මේ මඩ කියලා දෙයක් හරහා යවන්නේ...

- හරි ඒක ඇතුලට යවන්න. - එයාලට බටයක් යවනවා යටට..

මේ මඩ හරිම ඝනකම් සහ තදයි, එකෙන් මේ රාක්ෂය එලියට එන එක වළක්වනවා.

ඉතින් පස්සේ එයාලට එතනින් වෙන තැනකට යාත්‍රා කරනවා.

පස්සේ මේ වැඩකට නැති අය ඇවිල්ලා ඒක එයාල කළා වගේ සතුටු වෙනවා.

වැඩකට නැති අය කියන්නෙපා.

එත් මගේ තාත්තා තමයි මේ ඩයිනෝසෝරයින් මෙල්ල කරගන්නේ.

- හරි! - හරි!

එක නම් නියමයි, හැමදාම වයස දහයේම ඉන්නකෝ.

තාත්ති, ඔයා මට පොසිලයක් ගෙනෙල්ල දෙන්න ඕන.

-ඇත්තටම. - මම ගේන්නම්.

මට ඒක අතේ තියාගෙන කියන්න පුළුවන් වෙන්න ඕනේ, මගේ තාත්ති තමයි ඩයිනෝසෝරයින් මෙල්ල කලේ කියලා

කියන්නකෝ මැගීගේ තාත්ති මොකෝ කලේ කියලා.

එයාගේ තාත්ති වැඩ කරන්නේ සත්තු වත්තක, ඉතින් එයා මැගිට ඇත්ත පෙන්ගුයින් කෙනෙක් ගෙනත් දීලා.

එයාට එහෙම කරන්න බැහැනේ! එයා පෙන්ගුයින් කෙනෙක් ගෙනෙල්ලා.

ඔයා කොහොමද පෙන්ගුයින් කෙනෙක් එක්ක තරඟ කරන්නේ?

- ඔයා පොසිලයක් ගෙන්න. - නීතියක් තියෙන්න එපයි!

අනේ හපොයි!

වස්තුවේ! - මොකෝ?

කෑන් එක ඇතුලේ සෑහෙන්න දේවල් තියෙනවනේ. - හරි. නතර කරන්න. නතර කරන්න..

සල්ලි දීල ගෑස් ගහනවා, වැඩට යනවා ගෑස් සල්ලි වලට ගන්නවා ආයෙත් වැඩට යනවා.

තව ගෑස් ගන්න ආයෙත් වැඩට යනවා.

ඔයා රක්ෂණ සමාගම් වල පාස්වර්ඩ් එහෙම දන්නවද?

කොහෙද රක්ෂණ තියෙන්නේ එහෙම දන්නවද?. ශුමන්ට මුලින්ම කෝල් කරන්න?

මොනවද ඔයා මේ කියවන්නේ? මම නිකන්...

මොනවද මේ? මම මේ...

මම අන්තිම පාරට එනකොට චොපර් එකේ උන සිද්දියට පොඩ්ඩක් බයවෙලා ඉන්නේ.

මට ඕවගෙන් ටිකක් දෙන්න.

බබෝ, ඔයා නාවිකයෙක් වෙන එක ගැන වදවෙන එක නතරවෙන්න ඕන

එයා ඒ ගැන ආඩපාලි කියන එක නතර කලාම විතරයි.

-ඔයා මගේ වචන මටම පාවිච්චි කරනවා. - මම ඔයාගේ වචනම තමා ඔයාට විරුද්ධව පාවිච්චි කරන්නේ.

- මගේ වාක්‍ය පාවිච්චි කරන්නෙපා! - මම මේ දැන් කලේ.

හරි එහෙනම් බබෝ. -හොඳමයි, ආච්චියේ.

-ආදරෙයි.. -ආදරෙයි.

- සති තුනකින් හම්බෙමු එහෙනම්. -හරි, සති තුනයි..

හොඳට ඉන්න ඕන.

ඊළඟ!

සුබ උදෑසනක් ජිමි මහත්තයා.

කොහොමද ඉතින් සාරා? - හොඳයි ඔයාට කොහොමද?

මම හොඳින්. - ඔයාගේ මලු ටික තරාදිය

උඩින් තියල හිටගන්න.

-අද කොහෙද යන්නේ? - එකම තැන, ඩීප්වෝටර් හොරයිසන්.

- කොහෙටද යන්නේ? - ඩීප්වෝටර් හොරයිසන්.

- කාටද ඔයා වැඩ කරන්නේ? - ට්‍රාන්ස්ඕෂන්.

ඔයා කොච්චර බාරද කියල දැනගන්න කැමතිද?

දන්නවනේ මම කැමති කියල. - 181.

මම කිව්වේ මොකද්ද මතකද? - ඔයා හොඳට ඉඳල තියෙනවා.

එහෙමම ඉන්න බලන්න. - හරි.

හරි එහෙනම් ලොබි ඒකෙන් ඉඳගන්න.

අපි කතා කරන්නම් යන්න සූදානම් උනහම. - ස්තුතියි.

සිම්ස් මහත්තයා?

ඕබ්‍රයන් මහත්මයා? - ඩේවිඩ් සිම්ස්.

මගේ නම ජිමි හැරල්,

ඩීප්වෝටර් වල සවිකිරීම් කළමනාකාර.

යාළුවා, අපිව එක්කගෙන යන එකට බොහොම ස්තුතියි,

මම දන්නවා ඔයාලට ඇති පදමට වැඩ තියෙනවා මෙව්වා කරන්න උවමනාවක් නැහැ කියල.

ඔව්, මට කරන්න වෙලානේ. මේ අහන්න, ඔය ටයි පටිය ගැලෙව්වා කියල අවුලක් හෙම නැහැ නේ?

ඔව් අවුලක් තියෙනවා.

ටයි එකේ නෙමේ අවුල, ඔකේ පාට තමා අවුල.

දම්පාට? වැඩිපුර රතට හුරු දම්පාට.

ඉතින්?

ඔව්, රතට හුරු තද දම් පාට කියන්නේ තෙල් කුඹ හැරෙන්න පුළුවන් නරකම අතට හැරුනම දාන අනතුරු ඇඟවීම.

මිත්‍යාවන් විශ්වාස කරන එකත් වටිනවා තරමකට.

- උදෑසනක්. - මයික් විලියම්ස්.

- ඔයා කොහෙද යන්නේ අද? - ඩීප්වෝටර් හොරයිසන්.

හරි.

නිවාඩු ටිකේ මොනවද ඔයා කලේ?

මම අර බෝට්ටුවේ වැඩ පටන් ගත්ත ආයෙත්.

ඇත්තට?

මම ඒක අශ්වබල 600 ඉඳල 1200 දක්වා වැඩි කරගෙන යනවා.

මම සෙන්සෙනික් අවරපෙත්තේ පොඩි වෙනස් කම් වගයක් කලා.

- ඔයා ඒක පියාසර කරවන්නද හදන්නේ? - නැහැ, මට ඕනේ ඒකෙ වේගේ වැඩිකරගන්න.

පැහැදිලියි.

හරි. හැමෝම ගොඩ උනා.

බොස්කෝ, මට ඩීප්වෝටර් හොරයිසන් වලට ඛණ්ඩාංක FMS එකට ලැබුනා.

492, ඔබට ඉහල නැගීම ගැටලුවකින් තොරයි.

සුළඟ සන්සුන්.. 2-1 භාවිත කරනවා. උච්චමාපකය 2997.

පැරිස් පාලන මධ්‍යස්ථානය, මේ අමතන්නේ බ්‍රිස්ටෝ ටු බ්‍රාවෝ ගල්ෆ්,

අපි විවෘත සාගරය දෙසට ගමන් කරනවා. ඩීප්වෝටර් හොරයිසන් වලට ලඟා වීමට කාලය විනාඩි 45යි.

Комментарии

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left