ആദ്യത്തെ 200 വരികൾ.
I N T E R E S T E L L A R
මගේ තාත්තා ගොවියෙක්.
ඒ කාලේ උන්න අනික් අය වගේම.
මුලින්ම නම් එයා එහෙම කෙනෙක් නෙවෙයි.
පරිගණකයෙන් කියනවා ඔයා ලඟ වැඩියි කියලා.
- මම පාලනයේ ඉන්නෙ. - අසීරු තත්වයක් උදා වෙලා.
- මට ඒක වහන්න වෙනවා කූපර්. - ඒයි.
- ඔක්කොම වහනවා. - කිසි දෙයක් වහන්න ඕනා නෑ.
තාත්තේ?
සමාවෙන්න මර්ෆ්.
ආයේ ඇඳට යන්න.
මම හිතුවෙ ඔයා හොල්මනක් කියලා.
හොල්මන් කියල දෙයක් නෑ.
සීයා නම් කියනවා ඉන්නව කියල.
නෑ වස්තුවේ. එයා එහෙම කෙනෙක් වෙන්න කිට්ටු හින්දයි එහෙම කියන්නේ.
ආපහු ඇඳට යන්න.
ඔයා හීනෙන් දැක්කෙ කඩා වැටිච්ච එකද?
ආපහු ඇඳට යන්න මර්ෆ්.
තිරිඟු වගාව මැරිල ගියා.
දිලීර රෝගය ආව හින්දා ඒවා පුච්චන්න වුණා. ඒත් බඩ ඉරිඟු ඉතුරු වුණා.
අක්කර ගානක වගාවක් තිබ්බා. ඒත් වැඩිපුර තිබ්බෙ දූවිලි.
මට ඒක විස්තර කරන්න අමාරුයි. ඒක නොනවත්වා වුණා.
එක දිගට එන දූවිල්ලක්.
අපි පොඩි පළඳනා දාගෙන උන්නෙ.
අපේ නහයයි කටයි වැහෙන්න. එතකොට ඒවා හුස්ම එක්ක ඇතුලට යන්නෙ නෑ.
අපි මේසෙ ලෑස්ති කරද්දි පිඟන් අනික් පැත්ත හරවල තිබ්බෙ.
වීදුරු වුණත් කෝප්ප වුණත් මොනා වුණත් අනික් පැත්ත හරවල තිබ්බෙ.
- පණ ඇතුව එන්න මර්ෆ් අපි යන්න ඕනා. - අද දවල් එකට අපි දෙන්නා...
- ... අටුවෙදි පලිබෝධනාශක 101 පරීක්ෂාව හරිද? - හරි සර්.
මේසෙ උඩ තියන්න එපා. මර්ෆ්
තාත්තේ මේක හැදුවැහැකිද?
- මගේ යානයට මොනාද කළේ? - මම නෙවෙයි ඔන්න.
- ඉන්න කියන්න. ඔයාගේ භූතයා වෙන්න ඇති. - භූතයා වැට්ටුවා.
- පොතුත් වැට්ටුවා. - භූතයෝ කියල කට්ටියක් නෑ මෝඩියේ.
මම ඒ ගැන බැලුවා. ඒකට කියන්නෙ අවතාර කියලා.
- තාත්තේ මෙයාට කියල දෙන්න. - ඒක නම් එච්චර විද්‍යාත්මක නෑ මර්ෆ්.
ඔයා කිව්වනේ විද්‍යාව කියන්නෙ අපි නොදන්න දේවල් පිළිගන්න එක කියලා.
අන්න ඔයා අහුවුණා.
ඔයාගේ බඩු ගැන බලාගන්න පටන් ගන්න.
කූප්.
හොඳයි, මර්ෆ් ඔයාට කතා කරන්න ඕනා විද්‍යාව ගැනද?
ඔයා අවතාරයකට බයයි කියල විතරක් කියන්න එපා.
ඊට වඩා දුර ඔයා යන්න ඕනා.
ඔයා කරුණු ගැන බලලා, විශ්ලේෂණය කරලා...
...ඇයි හා කොහොමද කියන එකට ඇවිල්ලා නිගමනය දෙන්න. එකඟද?
- එකඟයි. - හොඳයි!
- ඉස්කෝලේදි හොඳ දවසක් ලැබේවා. - ඉන්න පොඩ්ඩක්.
දෙමාපිය ගුරු හමුව. දෙමාපිය මිසක් සීයල නෙවෙයි.
දඟලන්න එපා. අරක නම් දූවිලි කුණාටුවක් නෙවෙයි.
- නෙල්සන් එයාගේ වගාව පුච්චනවා. - දීලීරද?
එයාල කියන්නෙ නම් ඒක තමා අන්තිම බණ්ඩක්කා අස්වැන්න කියල.
- එයාලට තිබ්බෙ අනික් අය වගේ බඩඉරිඟු වවන්න. - හැන්ලි මෙනවියට හොඳට කතා කරන්න.
- එයා තනිකඩ කෙනෙක්. - මොකක්ද ඒකේ තේරුම?
පෘථිවියේ ආපහු ජනගහනය ඇතිකරන එක.
අනික් අය වගේ මහන්සි වෙලා වැඩ කරන්න තරුණයෝ.
ඇයි ඔයාගේ වැඩක් බලාගන්නෙ නැත්තෙ නාකියෝ?
හරි මර්ෆ් මට තත්පරයක් දෙන්න.
තු......න.
ගියර් එක හොයාගන්න මෝඩියේ.
- දාන්න! - කටවහපන් ටොම්!
- මොනාද කළේ මර්ෆ්? - එයා මුකුත් කළේ නෑ.
ටයරේ ගියා එච්චරයි.
- මර්ෆිගේ න්‍යාය. - කට වහනවා!
- අතිරේක එක ගන්න ටොම්. - ඔය ඒක තමා.
පැච් කිට් එක ගන්න.
මෙතන ඉඳන් කොහොමද ඒක කරන්නේ?
ඔයාට හිතන්න වෙනවා.
මම හැමවෙලාවෙම ඉන්නෙ නෑ ඔයාට උදව් කරන්න.
මොනාද වෙන්නෙ මර්ෆ්?
ඇයි ඔයයි අම්මයි මර නරක දෙයකට කියන නමක් තිබ්බෙ?
නෑ අපි එහෙම කළේ නෑ.
මර්ෆිගේ න්‍යාය?
ඒකෙන් කියවෙන්නෙ නෑ නරක දෙයක් වෙනවා කියලා.
ඒකෙන් කියවෙන්නෙ වෙන්න ඉඩක් තියෙන දේ වෙයි කියලයි.
ඒකට අපිට කිසි අවුලක් නෑ.
නඟින්න.
නඟින්න යමු.
එතකොට ටයරේ?
හරි.
ඒක ඉන්දීය ගුවන් හමුදා ඩ්‍රෝනයක්.
ඒ සූර්ය කෝෂ වලින් මුළු ගොවිපලටම බලය දෙන්න පුලුවන්.
මේක ගන්න ටොම්.
යමු, යමු, යමු.
අරක දිහාටම යන්න.
- හයියෙන් ටොම්. ඒක යනවා. - හරි.
ඒක දිහාටම යන්න.
ඔන්න එහෙනම් අපි කරනවා.
නියම එලවීම ටොම්.
- තාත්තේ? - දැන් හරි, නවත්තන්න එපා.
- තාත්තේ?! - ටොම්!!!
මොකද? ඔයා කිව්වනේ දිගටම එලවන්න කියලා.
මම කන්දෙන් පහලට හරි එලවන්න කිව්වනම් තමා ඒ උත්තරේ දෙන්න ඕනා.
- ඒක ගියා. - නෑ.
පොඩ්ඩක් බලන්න ඕනද?
බලන්න.
හරි.
බැම්ම උඩට බස්සමු.
නියමෙට කළා.
කොච්චර වෙලා උඩ තියෙන්න ඇති කියලද හිතන්නෙ?
දිල්ලි මෙහෙයුම් පාලන මැදිරිය අක්‍රීය වුණේ අපේ එක කාලෙමයි. අවුරුදු 10 කට කලින්.
ඒ කියන්නෙ අවුරුදු 10 ක්?
- ඇයි මෙච්චර පහලට ආවේ? - මම දන්නෙ නෑ.
සමහර විට ඒකේ මොලේ ඉර පුච්චන්න ඇති.
- නැත්තම් මොනාහරි හොයනවා ඇති. - මොනාද?
මට ලොකු නියන දෙන්න. සංඥාවක්ද දන්නෙ නෑ.
මම දන්නෙ නෑ.
මොනාද කරන්න යන්නේ?
මම සමාජ වගකීමක් ඉටු කරනවා.
- ...හරියට අස්වනු නෙලන එකක් එලෝන හැටි වගේ. - ඒකට යන්න දෙන්න බැරි ඇයි?
ඒකෙන් කාටවත් රිද්දුවෙ නෑ.
අහන්න. අනික් අය වගේම මේකත් ඉගෙන ගන්න ඕනා හුරු වෙන්න මර්ෆ්.
- කොහොමද මේක වෙන්නෙ? ඔයාල එනවද? - මට පංතියක් තියෙනවා.
මෙයාට ඉන්න වෙනවා.
- ඔයා මොනාද කළේ? - ඔයා ගියාම එයාලම කියයි.
- මට තරහ යයිද? - මා එක්ක නෙවෙයි.
අනේ එහෙම නොවී ඉන්න බලන්න.
හරි මම බලාගන්නම්.
- ඔයා පරක්කුයිඉ කූප්. - ඔව්, ටයරයක් ගියා.
මට පේන්නෙ ඔයාට ආසියානු හමුදා යානා කඩේකත් නවතින්න වෙලා වගේ.
නෑ ඇත්තටම සර් ඕක නිරීක්ෂණ ඩ්‍රෝනයක්.
නියම සූර්ය කෝෂත් තියෙනවා. ඉන්දියන් එකක්.
ඉඳගන්න.
ටොම් ගේ ලකුණු ආවා.
- එයා දක්ෂ ගොවියෙක් වෙයි. - ඔව් එයාට උපතින්ම ඒක පිහිටල තියෙනවා.
උසස් අධ්‍යාපනයට යවන එක ගැන මොකද වෙන්නෙ?
විශ්වවිද්‍යාලවලට ගන්නෙ අතලොස්සයි. එයාලට පහසුකම් නෑ දැන්.
මම තාම බදු ගෙවනවනේ. ඒවට මොකෝ වෙන්නෙ?
දැන් හමුදාත් නෑනේ.
ඒ සල්ලි විශ්වවිද්‍යාල වලට යන්නෙත් නෑ.
බලන්න කූප්, ඔයාට ඇත්ත තත්වය පිළිගන්න වෙනවා.
ඔයා මගේ ළමයව එලියට දානවද? එයාට තාම 15 යි.
- ටොම්ගේ ලකුණු මදි. - ඔයාගේ ඉඟ කීයද?
- 32 ද. 33 මොකෝ වෙන්නෙ? - මට තේරෙන්නෙ නෑ ඔයා කියන්න හදන දේ.
ඔයා කියන්නෙ ඔයාගේ පස්ස මනින්න අංක දෙකක් බැලුවට...
... මගේ ළමයගේ අනාගතය මනින්නෙ එක අංකයෙන් කියලද?
අයියෝ ඔයා උගත් කෙනෙක් කූප්...
- ... ඒ වගේම පුහුණු ගුවන් නියමුවෙක්. - ඒ වගේම ඉංජිනේරුවක්.
දැන් අපිට ඉංජිනේරුවන්ගෙන් වැඩක් නෑ.
අපේ රූපවාහිණි වත් ගුවන් යානාවත් හිඟ වේගන යන්නෙ නෑ.
අපිට කෑමයි හිඟ වේගන යන්නෙ!
ලෝකෙට ගොවියෝ ඕනා. ඔයයි ටොමුයි වගේ දක්ෂ අය.
- නූගත් ගොවියෝ. - අපි බාරකාර පරම්පරාවක් කූප්.
දේවල් හොඳ වේගන යන්නෙ. සමහර විට අපේ මුණුබුරෝ...
කතාව ඉවරද සර්?
නෑ.
මිස් හැන්ලිට මර්ෆ් ගැන කතාකරන්න ඕනලු.
මර්ෆ් හොඳ ළමයෙක්, ඇත්තටම දක්ෂ කෙනෙක්.
ඒත් මේ ලඟකදි ඉඳන් ටිකක් කරදර කරන්න අරගෙන.
එයා මේ පොත ගෙනල්ලා අනික් අයට පෙන්නන්න.
හඳට ගොඩ බැහැපු කොටස.
ඔව්, මේ මගේ පරණ පොත් වලින් එකක්.
එයා මේකේ පිංතූර වලට ආසයි.
ඕක පරණ ෆෙඩරල් පොතක්.
අපි ඕකේ වැරදි හරි ගස්සලයි දැන් පාවිච්චි කරන්නෙ.
- හරිගස්සලා? - සෝවියට් දේශය බිඳවට්ටන්න...
... ඇපලෝ මෙහෙයුම් බොරුවට කරපු හැටි පැහැදිලි කරලා.
එතකොට අපි හඳට ගියා කියලා ඔයා විශ්වාස කරන්නෙ නෑ?
මම විශ්වාස කරන්නෙ ඒක සෝවියට් දේශයේ සම්පත් රොකට් වලටයි අනික් වැඩකට නැති දේවලටයි...
...දම්මලා රට බංකොලොත් කරවපු නියමම ප්‍රචාරක උපක්‍රමයක් කියලා.
වැඩකට නැති යන්ත්‍ර?
20 වෙනි ශතවර්ෂයේ සීමාව ඉක්මවලා නාස්ති කරවීම ආපහු දකින්න ඕනා නැත්තම්...
...අපිට ළමයින්ට උගන්වන්න වෙනවා මේ ග්‍රහලෝකය ගැන.
නැතුව ඒක දාල යන එක ගැන නෙවෙයි.
දන්නවද එයාල හදපු එක වැඩකට නැති යන්ත්‍රයක් තමා MRI එක කියන්නෙ.
ඒ එකක් හරි ඉතුරු වෙලා තිබ්බ නම්, දොස්තරලට පුළුවන් වෙන්න තිබ්බා...
... මගේ නෝනා මැරෙන්න කලින් එයාගේ මොලේ බලලා තිබ්බ ගෙඩිය අයින් කරන්න.
එහෙම වුණානම් මම නෙවෙයි එයයි මෙතන ඉන්න ගියේ.
ඒක ගොඩක් හොඳක් වෙන්න තිබ්බා මොකද එයා මට වඩා සංසුන් කෙනෙක්.
ඔයාගේ නෝනා ගැන කණගාටුයි කූපර් මහත්තයෝ.
ඒත් මේ ඇපලෝ බොරුව හින්දා මර්ෆ් යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක ගහගෙන.
ඉතින් අපි හිතුවා ඔයාව ගෙන්නල ගෙදර පැත්තෙන්...
...එයාගේ හැසිරීම ගැන අදහස් ටිකක් ගන්න එක හොඳයි කියලා.
හරි, දන්නවද හෙට රෑට තරඟයක් තියෙනවා.
එයා ටිකක් බේස් බෝල් වලට කැමතියි.
එයා කැමතිම කණ්ඩායමයි සෙල්ලම් කරන්නේ.
රස කැවිලියි සෝඩයි තියෙයි.
මම එයාව ඒකට ගෙනියන්නම්.
- මොකෝ වුණේ? - මම ඔයාව අස්කරගත්තා.
- මොකක්?? - කූපර්.
- කියන්න. - කූපර් ඔයා හදපු යන්ත්‍ර අයාලේ යනවා.
- පාලක ආපහු සකස් කරන්න. - මම කළා. ඒත් ඔයා ඇවිල්ලා බලන එක හොඳා.
එකක් පස්සෙ එකක් ගානෙ පිට පැනල යන්න ගත්තා.
මොකකින් හරි මාලිමාවට බලපෑම් කරනවා.
චුම්බකත්වය හරි ඒවගේ දේකින් හරි.
කොයි පොතද කියලා විශේෂයක් නෑ. මම ඔයා කිව්ව විදියට ඒ ගැන බලනවා.
- මම හිස් තැන් ගණන් කළා. - ඇයි ඒ?
අවතාරය කතා කරන්න හදනවා කියල හිතලා. මම මෝර්ස් කේත බැලුවා.
- මෝර්ස් කේතය? - ඔව්, තිතුයි ඉරියි. ඒක...
මම දන්නවා මෝර්ස් කේත ගැන මර්ෆ්. ඒත් මම තාම හිතන්නෙ නෑ...
...ඔයාගේ පොත් රාක්කෙ කතා කරන්න හිතනවා කියලා.
හැම මාලිමා වෙලාවයි, GPS එකයි ආයෙ හදන්න වුනා අවුල හදන්න.
- මොකක්ද අවුල? - මම දන්නෙ නෑ.
මේ ගේ හදල තියෙන්නෙ චුම්බක ලෝපස් වල වුණානම්...
...අපි මෙවා හදපු මුල් පාරම මෙහෙම වෙන්න ඕනා.
ඉස්කෝලෙ හමුව එච්චර හොඳට වුණේ නෑ කියලා ආරංචි වුනා.
එහෙමද? ඒක හරියට අපි අපිවම අමතක කරල වගෙයි ඩොනල්ඩ්.
ගවේෂකයෝ, පුරෝගාමීන් මිසක් බාරකාරයෝ නෙවෙයි.
මම පොඩි කාලේ හරියට හැමදාම අලුත් දෙයක් හැදුව වගේ තමා දැනුනේ.
අලුත් බඩුවක් හරි අදහසක් හරි.
හරියට හැම දාම නත්තල් වගේ. ඒත් මිනිස්සු බිලියන හයක්.
No comments yet. Be the first to leave one.