ആദ്യത്തെ 200 വരികൾ.
ජැක්සන් මගෙ දෙවියො!
ජැක්සන් මගෙ දෙවියො!
නෝනාවරුනි,මහත්වරුනි, මම,මයිකල් ජැක්සන්!
ෆන්කිටවුන් ඩිස්කො එකේ හිමිකරු!
මුළු ලෝකයම දන්න විදිහට...
මාසෙ දවස් 30 පුරාම...
ෆන්කිටවුන් ඩිස්කෝ නටන්න තැනක්. හරියට මයිකල් ජැක්සන් වගේ නටන.
ඒත් මාසෙ අන්තිම දවසෙ...
ෆන්කිටවුන් ඩිස්කො පරිණාමය වෙනවා සටන් බිමකට.
මේ තමා අවස්ථාව ඔබ සැමටම මුදල් උපයන්න!!
මෙන්න රුසියාවේ අංක එකේ වීදි සටන්කරු...
සබිස්කෝ!
මොහුගේ නම සබිස්කො,ඇවිදින් ෆන්කිටවුන් ඩිස්කො...
කවුද පරදවන්නෙ ඔහුව?
ඔබ ඔට්ටු අල්ලන හැම රුපියලකටම ඔබට පහක් දෙනවා!
කවුරුහරි ඉන්නවද සබිස්කො එක්ක සටන් කරන්න?
කවුරුහරි ඉන්නවද?
කවුරුත් නෑ.
මගෙ මයිකල් ජැක්සන් දෙවියො පල්ලා...
මෙහෙ කවුරුත් නෑ නිර්භීත තැනැත්තෙක්.
සිංහල උපසිරැසි සහ අදහස කැලුම් රණවක ≡≡≡≡≡≡≡≡≡≡≡≡≡
නීර්භීත තැනැත්තා
අලුත් ගණන!
එකට දෙකයි!
එකට දෙකයි!
මේ කෝච්චියටත් දැන්ම එන්න ඕනි වුනා මගෙ නින්ද විනාශ කරන්න...
'ටිකට් කපලා'!
අවුරුදු ගාණක ඉඳන් මෙ නැවතුමෙන් කවුරුත් බැහැලා නෑ...
මම පරීක්ෂා කරන්නෙ කාගෙ ටිකට් එකද.. මගේමද?
ආශ්චර්යයක්!
එක මඟියෙක්!
ආශ්චර්යයක්!
අවුරුදු කීයකට පස්සෙද කෙනෙක්ගෙ ටිකට් එකක් කපන්නෙ!
ආශ්චර්යයක්!
ආශ්චර්යයක් නෙවෙයි,මම රවී.
නෑ නෑ නෑ,ඔයා රවී නෙවෙයි...
ඔබ නිර්භිත තැනැත්තා.
නිර්භීත තැනැත්තා?
ඔව්!
රාම්නගර් වලට එන්න ධෛර්යයක් තියෙන්නෙ නිර්භීත තැනැත්තෙක්ට විතරයි.
රාම්නගර් එන්න නිර්භීතකම මොකටද?
මොකද,අද වෙනකම් මම මිනිස්සු මෙහෙන් යනවා විතරයි දැක්කෙ.
කවුරුත් එනවා දැකලා නෑ.
ඔයා තමා පළවෙනි මනුස්සයා...
සමහරවිට අන්තිම කෙනත්...
'ටිකට් කපලා'!
ඔයා කියන්නෙ එහෙ භූතයෙක් ඉන්නවා කියලද? 'ටිකට් කපලා'!
භූතයෙක් නෙවෙයි මනුස්සයෙක්.
භූතයෙක්ටත් වඩා භයානක මනුස්සයෙක්.
එයා මෙහෙ හැමකෙනෙක්ගෙම ටිකට් කපලා දැම්මා...
'ටිකට් කපලා'!
එයත් ඔයා වගේ ටිකට් පරීක්ෂකයෙක්ද? 'ටිකට් කපලා'!
නෑ නෑ,ඔහු තමා ගමේ නායකයා.
හැම ගම්වැසියෙක්ගෙම ඉරණම තියෙන්නෙ එයා අතේ. 'ටිකට් කපලා'!
එයා නිසා මෙහෙ කිසිම පාසැලක්,පොලිස් ස්ථානයක්,රෝහලක් නෑ.
මෙහෙ දෙයක් තියෙනවනම් එයාගෙ රාවණ රාජ්‍යය විතරයි.
එයා මේ ගමේ භීෂණය...
ශේර් සින්ග්.
අපේ ගම අහමදාබාද් වගේ දියුණු වෙලා.
කවුරු නිසාද?
මම නිසා.
හිරු වගේ හැම ගම්වැසියෙක්ම සංතෘප්තයි.
කවුරු නිසාද?
මම නිසා.
සමහරු රාජ්කොට්වල වගේ ජීවත් වෙනවා...
අනෙක් අය පූනෙ අය වගෙ භක්තිමත්.
කවුරු නිසාද?
මම නිසා.
ඔබලා ප්‍රීතිඝෝෂා කරන්න නැගී සිටිනවා මම වෙනුවෙන්...
ශේර් සින්ග් මහත්මයා!
අත්පොඩි ගහන්න!
ගම්වැසියෙනි,මම කියපු හැමදේම සිද්ධවුනෙ එයා නිසා.
ආයුබෝවන් මස්සිනා.
ඔයා මගේ පිටිපස්සෙ හිටියා.
මම හිතුවෙ වල්මීමෙක් අං වලින් හෙමීට අනිනවා කියලා.
විකාර නවත්වනවා!
යනවා.
මස්සිනා.
කොහොමද මම ඔයාව දාලා යන්නෙ, මස්සිනා?
ඔයා දූරදර්ශන් නම් මම චායාගීත්!
ඔයා කසළ නළයක් නම්..
මොකක්ද...?
මම තමා ඒක දිගෙ යන අපිරිසිදු වතුර.
ඔයාව අතහැරලා යන්න බැහැ.
නාරායන් දාස්!
මස්සිනා!
ඔයා මා ගැන වර්ණනා කැන හැම වෙලාවකදිම, නින්දා කරනවා වගේ දැනෙන්නෙ ඇයි?
නින්දා කරනවා?
මගේ නමම නාරායන්.
මම වර්ණනා කලා.
ගම්වැසියනි...
මෙයා ලබන මාසෙ තියෙන ඡන්දය ගැන ඔබට පැහැදිලි කරලා දෙයි.
බුරන්න!
මම කිව්වෙ,කතා කරන්න!
ගම්වැසියනි...
වාඩිවෙන්න,වාඩිවෙන්න.
හැම අවුරුදු පහකට වතාවක්ම පවත්වන ප්‍රාදේශීය ඡන්දය...
මගේ කීමට ඔබ මාව තේරගෙන තියෙනවා ඔබලාගෙ අපේක්ෂකයා විදිහට.
මේ ඔබලාගෙ ආදරය නෙවෙයිනම් මොකක්ද?
තමන්ම තමන්ගෙ නමින්ම එක ඡන්දයක් දාලා ඒකෙන් දිනනවා!
ශේර් සින්ග්!
ඒත් මේ වතාවෙ,මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා...
මට විරුද්ධව එක අපේක්ෂකයෙක් මගෙ ඉස්සරහ නැඟිටුවන්න.
ශ්‍යාම්... බිර්ජු...
යුසුෆ්... කිෂන්...
නැද්ද?
හොඳයි ගම්වැසියනි, දැනුම් තේරුම් තියෙනවා.
නාරායන් දාස්,යමු.
ශේර් සින්ග්,මම ඔයාට විරුද්ධව තරඟ කරනවා.
උඹට පිස්සු හැදිලද?
මට කියන්න දෙන්න.
ගම්වැසියො ඔයාට එයාලගෙ ඉඩම් උගස් කරලා...
ඒ හේතුව නිසයි එයාලා සද්ද නැතිව ඉන්නෙ.
ඒත් මට කිසිම ඉඩමක් නෑ.
මම ඔයාට විරුද්ධව ඉදිරිපත්වෙනවා.
මම රාම්නගර් වල සත්‍ය වැසියෙක්.
ගෝපි,මෙහෙ එන්න.
එන්න මම ඔයාට ඡන්දය ගැන ටිකක් කියලා දෙන්නම්.
ඔයා සත්‍ය වැසියෙක් නේද?
මෙහෙ එන්න.
බයවෙන්න එපා.
ඔව්,මම ඔයාලට කතා කරන්නෙ.
මෙහෙ එන්න.
මේ සත්‍ය වැසියා දන්නෙ නෑ ඉක්මණින්ම එයා සත්‍ය ලෙසම මැරෙනවා කියලා.
බයවෙන්න එපා...
මම ඔයාට මොනවත් කියන්නෙ නෑ.
සද්ද නැතිව මෙහෙන් යන්න යනවා.
මම ගියාට පස්සෙ...
ඔයාගෙ මුහුණෙ ජයග්‍රහණයෙ සිනහවක් ඒවි...
ඔයා ආඩම්බරයෙන් ඔයාගෙ කැඩුන පැල්පතට යාවි...
කෑම කන්න වාඩිවෙයි...
එතකොට පටන්ගනියි කතාව, ශේර් සින්ග්ගෙ දණ්ඩෙ.
එපා!
ගෝපි...
ඔයාගෙ හෙට ගැන මම ඔයාට අද තේරුම් කරලා දුන්නා.
ඉතින් අද තීරණය කරන්න ඔයාට මොන වගේ හෙට දවසක්ද ඕනි.
යමු.
ගම්මු බලා ඉන්නවා.
බොහොම සතුටට කාරණයක්,ගෝපි මට විරුද්ධව තරඟ කරන්න යන්නෙ.
නැ,නෑ!
ඡන්දෙට නෙවෙයි, මගෙ කකුල්වලින්වත් මම නැගීහිටින්නෙ නෑ.
මට සමාවෙන්න!
කියන්න,ශේර් සින්ග්ට ජය වේවා!
මේ සේරම ඔයාලගෙ ආදරය නෙවෙයි නම් මොකක්ද?.
යන්න ගෙදර යන්න.
පිළිගන්න වෙනවා.
කවුරුහරි ඔයා කියන දේ පිළිගත්තෙ නැත්නම්...
ඔයා එයාලගෙ අනාගතය පෙන්නලා එයාලට අවබෝධය ලබා දෙනවා.
මොනවා කරන්නද,නාරයන් දාස්.
මේ ගමේ එහෙම කවුරුත් ඉපදිලා නෑ...
ශේර් එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක්!
සහෝදරයා...
ඔව්?
මේ සාවිත්‍රි දේවිගෙ ගෙදර නේද?
ඔව්,ඒත් දැන් එයාලා මෙහෙ නෙවෙයි ජීවත්වෙන්නෙ.
අවුරුදු ගාණකට කළින් එයා දුවත් එක්ක මෙහෙන් ගියා.
කොහේද?
මේ ගම ලඟම තියෙන..
පුංචි අතුපැලේ ජීවත්වෙන්නෙ.
අම්මේ.
සුශ්මා නැන්දා මහන්න දුන්න ඇඳුම මම මහලා ඉවර කලා.
මම ගිහින් දීලා එන්නම්.
හොඳයි...
අහන්න.
අද රෑට අපි ලඟ කෑම කිසිදෙයක් නෑ.
කඩේට ගිහින් කිෂන් මහත්තයගෙන් ණයට හාල් ටිකක් අරන් එන්න
එයා එක එක කතා කියයි ඒත්...
කමක් නෑ,අම්මෙ.මම අරන් එන්නම්.
හොඳයි.
ඔයා?
මම අහලා තියෙනවා...
අම්මා කෙනෙක්ට දැනෙනවා කියලා එයාගෙ පුතා ලඟට එනකොට.
රවී!
රවී!
අම්මේ...
පද්මා,අනේ මට සමාවෙන්න.
ඒක මම පොඩි කාලෙ වුන වැරදි වටහා ගැනීමක්.
මම හිතුවෙ ඔයාලා දෙන්නම මියගියා කියලා.
ඒකයි මම රාම්නගර් වලට ආයෙත් ආවෙ නැත්තෙ.
ඒත් මම දැනගත්තහම ඔයාලා දෙන්නා...
මට තේරෙන්නෙ නෑ...
මේ සතුටු කඳුළුද නැත්නම් දුක් කඳුළුද කියලා.
සතුටුයි මගෙ අම්මයි නංගියි ජීවතුන් අතර ඉන්න නිසා.
ඒත් දුක මේ ගැනයි,මේ විදිහට.
ඇයි අම්මේ?
ඔයයි පද්මායි පුංචියි.
ඔයාගෙ තාත්තා රාම්නගර් කෝවිලේ ගෞවරනීය පූජකයෙක්.
ගම්මු ශේර් සින්ග්ට වෛර කරපු තරමටම ඔයාගෙ තාත්තාට ගෞරව කලා.
ඒත් එක දවසක්...
එයා දැක්කා ශේර් සින්ග් කෙනෙක්ව මරනවා.
ඔයාගෙ තාත්තා තීරණය කලා ගමේ මිනිස්සුන්ට ශේර් සින්ග්ගෙ අපරාධය ගැන කියන්න.
ඒත් එයා ගම්මු වෙතට එන්න කළින්...
ශේර් සින්ග් කෝවිලේ ස්වර්ණාභරණ හොරකම් කරලා...
ඒවා අපේ ගේ ඇතුලෙ හංඟලා.
ගම්මු ඉස්සරහ ඔයාගෙ තාත්තාට හොරකම් චෝදනාවක් කලා.
මේක කුමන්ත්‍රණයක්.
පණ්ඩිත් සහ පඨාන්ගෙ නියම එකතුවක්නෙ.
ඉක්බාල්,හැමෝම දන්නවා මෙයා ඔයාගෙ යාළුවා කියලා.
ශේර් සින්ග්,ගම්මුන්ට මං ගැන විශ්වාසයි.
ඒ විශ්වාසයට උඹ ද්‍රෝහි වුනා,පණ්ඩිත්.
No comments yet. Be the first to leave one.