Musim 2

Informasi rilis

wistoria wand and sword s02e05
Komentar oleh dinesh madushanka

Tag

other
Diterbitkan pada: 2026-05-11
Unduhan: 47
Tuna Rungu: No

Pratinjau subtitle Assamese

149 baris pertama.

වසර 3කට කලින්

පුදුමයි, එල්වෙරියා සාමා!

එතකොට මේක තමයි ඇත්තම වැස්ස!

මම මේ වගේ දෙයක් දැක්ක මුල්ම වතාව මේකයි!

මේ මැගියා ෆෙන්ඩර්ට අහස පාලනය කරන්නත් පුළුවන්නේ!

මේක ගොඩක් ඈතයි... ඇත්තටම ගොඩක්ම ඈතයි.

ඔයා ළඟින්ම ඉන්න මට ඕනෙ වුණත්, මට එක වතුර බින්දුවක්වත් පාලනය කරගන්න බෑ.

...එල්ෆී

මට කවදාහරි ඔයා ගාවට එන්න පුළුවන් වෙයිද?

ඔයාට හෙම්බිරිස්සාව හැදෙයි

මේකට කියන්නේ කුඩයක් කියලා

මේක මමමයි හැදුවේ

මට දක්ෂ කාර්මිකයෙක් වෙන්න ඕනේ

කවුද ඔයා?

මම රස්ටි. රස්ටි නියුමන්

අද ඉඳන් මම ඔයාගේ රූම් මේට්.

මට ඔයාගේ යාළුවෙක් වෙන්න ඕනේ, විල් සර්වෝට්

...රස්ටි

ඔයා මායාකාර රැජිනගේ උරුමය හොඳටම ප්‍රගුණ කරලා වගෙයි, කැල්ඩරෝන්.

එයාව මේ ඇකඩමිය ඇතුළෙම තියාගත්තේ මමයි.

එයාට මඟ පෙන්වන එකත්, උදව් කරන එකත් මගේ වගකීමක්.

මතකය වෙනස් කරන වැඩේ කිසිම කරදරයක් නැතුව වෙනවා.

මේ විදිහට එයාට ආයෙත් සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වෙයි.

ඒ අතරේ, එයාගේ ආදරණීය නිදන කුමාරි මතකයන් අතරේ තවමත් තනිවෙලා ඉන්නවා.

ඔයා දැන් මොන වගේ හීනයක් දකිනවා ඇද්ද?

17 වැනි කොටස: පිටත්ව යන දිනය

ඔන්න මම අන්තිමේදී ඇහැරුණා!

...ක්ලෙරි...එඩ්

...තමන්ගේ තුවාල ගැන කිසිම ගාණක් නැතුව

ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනේ, මෝඩයා.

උන් ඔයාව මැරුවේ නැතත්, ඔයා මීට වඩා ඔයාගේ ජීවිතේ ගැන හිතන්න ඕනේ.

අපි කොහෙද ඉන්නේ?

ඉස්කෝලේ හොස්පිට්ල් එකේ

එලයිසා

ඊයේ රෑ ඇකඩමියේ වහල උඩ ඔයාට සිහිය නැති වුණා, ඒකයි අපි ඔයාව මෙහෙට අරන් ආවේ.

ඔයාට සිහිය ආපු එක ගැන සතුටුයි, වෝක්නර්.

මොකද මේ නීත්‍යානුකූල බිරිඳ වගේ රඟපාන්නේ, මගේ වැම්පයර් නංගියේ?

මෝඩ මායාකාර අක්කා

මට හිතෙන්නේ ඔයා තමයි ඔය කපටි වැඩයි ලැජ්ජා නැති කමයි නතර කරන්න ඕනේ.

වැරදි වටහා ගැනීම් නිසා ලොකු හානියක් වෙන්න පුළුවන්, ඒක බලන් ඉන්නත් අමාරුයි.

මට වෝක්නර් එක්කයි එඩ් එක්කයි ලොකු බැඳීමක් තියෙනවා! ඒක ගැඹුරු යාළුකමක්!

තමන්ගේම පන්තියේ අයට වහ වැටෙන්න හදන්න එපා, හොර ගෑණි!

විල් කොහේ ද? එයාට මොකද වුණේ?

දඟලන්නේ නැතුව ඉන්නවා, මෝඩයා!

මැනේජර් කැල්ඩරෝන් එයා ගැන බලාගන්නවා.

මැනේජර්?

ඔය මායාකාරියව විශ්වාස කළොත් හැමදේම හොඳින් සිද්ධ වෙයි.

දැනට කීකරු වෙලා නිදාගන්න.

ඔයාලා හැමෝම!

මම ඇහුවා වෝක්නර් ප්‍රොෆෙසර්ට දැන් සනීපයි කියලා! එයාටත් එහෙමමයි.

ඇත්තටමද, ලයිරෙල්?

ඔව්, එලයිසා ප්‍රොෆෙසර් මට කිව්වා.

...කිව්වා.

ග්‍රැජුවේෂන් එකට (උපාධි ප්‍රදානෝත්සවයට) "බුක් කීපර්" ට එන්න පුළුවන් වෙයි.

ඒක සතුටක්!

වැඩිම මහන්සියක් වුණේ එයානේ, නේද?

එයා බේරුණේ නැත්නම් හැමදේම විනාශ වෙලා.

එයා මිට්ටෙක් (Dwarf) වගේම හයියයි.

අනේ මෝඩයෝ ටික!

ජූලියස්?

ඒ අතීත බලය එයාගේ ඇඟ ඇතුළේ තියෙනවා.

එයා ගැන වද වෙන්න දෙයක් තිබුණේ නැහැ.

ඇයි ජූලියස් ඔයා ඔය වගේ පිළිකුල් සහගත දේවල් කියන්නේ?

ඔයා ඉස්සර හිටපු විදිහ

එමා, කරුණාකරලා මගේ පරණ චරිතය ගැන මතක් කරන්නේ නැත්නම් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා!

අනික, ළඟදී ඔයාලා හැමෝම අමාරුවේ වැටුණා නේද?

ඔයාලා තමන්ට ඕන විදිහට වෙනස් වුණ අය නේද?

...මගේ "එල්ෆ්" ස්වාමියා වගේම ඔයාලා හැමෝමත් දූෂිත වෙලා.

මට පේන විදිහට මෙතන ඉන්න මුරණ්ඩුම කෙනා ඔයා.

ඔයා දැන් අනිත් අයට බලපෑම් කරනවද?

මේ වගේ දේකට මට යටත් වෙන්න බැහැ.

ඔයා ඒක පිළිගත්තේ නැතත්,

එයා ඔයාව බේරගත්ත නිසා, ඔයාගේ හිත යට ලොකු කෘතඥතාවයක් තියෙනවා වෙන්න ඕන.

නැත්නම් මායාකාරයෙක්ගේ උදාරත්වය ඔයාට අමතක වෙලාද, ස්වාමියනි?

මොනවා වුණත්, එයාට මේ කුළුණට නගින්න බැහැ.

ඒක නම් ලොකු සහනයක් වෙයි!

ෂියොන්, ඔයා මොකද හිතන්නේ?

තොරතුරු?

ටර්මිනාලියා වලදී අපිට වුණු පාඩුව, මියගිය සහ තුවාල ලැබූවන් තුන්දහසකට ආසන්නයි.

ප්‍රහාරයට වගකිවයුතු නායකයින් ගැන තවමත් කිසිම තොරතුරක් නැහැ.

පරීක්ෂණ කටයුතු කණ්ඩායම් අතර බෙදා දෙන්න.

දැනට ප්‍රධාන නගරය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමුඛත්වය දෙන්න.

තේරුණා, ආරොන්-සාමා.

...ඒ වගේම

විල් සර්ෆෝට්.

එයා ඇකඩමියේ ශිෂ්‍යයෙක්.

පහුගිය අවුරුදු හය ඇතුළත එයා ගැන තොරතුරු හොයාගන්න බැරි වුණේ ඇයි?

මේක බොහෝ විට කැල්ඩෙරොන්ගේ වැඩක් වෙන්න ඇති.

මම හිතන්නේ එයා මේක හරියටම පල දරනකල් හංගගෙන ඉන්න ඇති.

...ඒ "විට්ච් ඔෆ් ද පොට්" (කළයේ මායාකාරිය).

ලුගෙල් හැරුණාම, එයා ගොඩක් තීරණ ගන්නේ කිසිම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නේ නැතුව.

මෙතැන් පටන්, කඩුව ගැන සොයා බැලීම ෆින්ට භාර කරනවා.

ආරොන්-සාමා, ඔයා විල් සර්වෝට් ගැන මොකද හිතන්නේ?

කිසිම වෙනසක් වෙලා නැහැ.

මේක සූනියම් රැජිනගේ සැරයටිය සහ කඩුව නම්,

කවදා හරි හැමදේම එකම තැනකදී හමුවෙයි.

පමා වුණාට සමාවෙන්න, මගේ රජතුමනි.

ඊයේට පස්සේ ආයෙත් අපිව කැඳෙව්වද?

මේකත් අර පරණ මෝඩ ඇගයීම් රැස්වීමක්ද?

ඔය විකාර නතර කරනවා, වනචරයා!

ඔයාගේ කටහඬ මගේ කන් වලට රිදවනවා.

අපි වැරදිකරුවන් ගැන තොරතුරු බෙදාගමු.

ශිෂ්‍යයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණය අතරතුර වුණු ඒ සිද්ධිය ගැන තොරතුරු එයාලා තවමත් හාරා හාරා බලනවා.

...නගරය, සිරගෙවල්, කුළුණ ඇතුළ පවා සම්පූර්ණයෙන්ම සෝදිසි කරන්න.

අර හමු වුණ මායාකාර ඝාතකයින් ගැන මොනවා හරි තොරතුරක් ලැබුණද?

නැහැ.

අර රකුසන් ගැන?

උසස් ආයතනය සිරුරු පරීක්ෂා කරමින් හිටියා නේද?

තවම මුකුත් නැහැ.

එතකොට ඔයා මුකුත්ම දන්නේ නැහැ, බෙලහීන රජෙක්!

ඔයාට එක අදහසක්වත් නැද්ද?

...මගේ අදහස අහන්න ඕන නම්,

මීට අවුරුදු දහයකට කලින් තිබුණු ඒ මහා සටන.

මායා ලෝකය හොල්ලපු අර විනාශ කරන්නන් වගේමයි මුනුත් පේන්නේ.

ඒ මහා විනාශය වුණ දවසේ... කවුරු හරි බේරුණා කියලා හිතනවද?

මේක ඇහුණත් විනෝදයි! ඔය අපිරිසිදු ප්‍රේතයෝ ආයෙත් එයි කියලා ඔයා හිතනවද?

ඔයාට වැරදුණා කියලා මම කිව්වොත්?

ලිවියා සහ මගේ මිනිස්සු ලොකු කැපකිරීමක් කළා මුන්ව සහමුලින්ම නැති කරන්න.

ඔයා බය වෙලාද?

මට මතකයි. ඔයා ඒ සටනට සහභාගී වුණේ නැහැ නේද?

ඔයා ආයෙත් ඔයාගේ වනාන්තරයටම පැනලා යයි, නේද මෝඩ පැටියෝ?

මේ හේතුව නිසයි මම කවදාවත් මැජියා ෆෙන්ඩර් රැස්වීම් වලට එන්න අකමැති.

තමන්ගේ මරණ සහතිකය ලෑස්ති කරගත්තද, තුච්ඡ කාලකන්නියා?

කෙනෙක්ව මරන්න හැදුවට පස්සේ කියන්න පුළුවන් හොඳම දේ ඒක නෙවෙයි.

මුලින්ම ඔයාව පොඩි කරලා දැම්මොත් මොකද හිතෙන්නේ?! ආ?

නතර කරන්න.

සෑම කණ්ඩායමක්ම තමන්ගේ පරීක්ෂණ දිගටම කරගෙන යන්න.

අලුත් මල් පොහොට්ටු වල අස්වැන්න නෙළන කාලය ළඟයි.

ඒ වෙනුවෙන් සූදානම් වෙන්න අමතක කරන්න එපා.

...එහෙනම්, සාරිසා

ඔයා ඉන්නවද?

ඔතන මොකද කරන්නේ?

...ඇත්තටම මම

කෝ අර ගෑනියෙක්?

කිසිම බේදයක් නැතුව මැජියා ෆයින්ඩර්ස්ලා ඔක්කොටම එන්න කිව්වා.

ඇත්තටම... එයා කිව්වා බඩ රිදෙනවා කියලා, ඒ නිසා අද එන්නේ නැතිලු.

කොලෙට්

ලෙහානා

ඇයි මේ මල්?

මේ රස්ටි වෙනුවෙන්

එයාට තාම සොහොනක් නැහැ, ඒත් මට කරන්න පුළුවන් අඩුම දේ මේක කියලා මම හිතුවා.

රස්ටි නියුමන්ගේ ගතිගුණ කොහොමද?

ඇත්තටම, මමවත් ඒක හරියටම දන්නේ නැහැ.

එයා වෘත්තීය විෂයන් ගැන විශේෂයෙන් හදාරපු නිසා, මට එයාව නේවාසිකාගාරයේදී වැඩිය දැකගන්න ලැබුණේ නැහැ.

මම අහලා තියෙන විදිහට එයා ටෙරාලිස් වල බටහිර අගනුවර ඉඳන් ආපු ශිෂ්‍යයෙක්.

එයා එකපාරටම මතු වුණා, ඒ වගේම එකපාරටම බෝයිල් එයාට ගොඩක් සමීප වුණා.

මම එයා ගැන ඉරිසියා කළා.

...ඒත් විල් කිව්වේ එයා හොඳ යාළුවෙක් කියලා.

එයා ගොඩක් සතුටින් හිටියේ.

More Assamese subtitles for Wistoria: Wand and Sword

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left