Doctor Strange

Doctor Strange

Unduh Subtitle Sinhala

Informasi rilis

Doctor Strange 2016 720p 10bit BluRay 6CH x265 HEVC-PSA
Doctor Strange 2016 1080p 10bit BluRay 8CH x265 HEVC-PSA
Doctor Strange 2016 1080p BluRay REMUX AVC DTS-HD MA 7 1
Komentar oleh LightGrey
Perfectly Re-Synced for 10bit PSA Release | ප්‍රණීත් චින්තක රණසිංහ @ බයිස්කෝප් සිංහලෙන්

Tag

BluRay
1080
TS
HD
REMUX
x265
HEVC
720p
720
Diterbitkan pada: 2017-02-19
Unduhan: 310
Tuna Rungu: No

Pratinjau subtitle Sinhala

200 baris pertama.

P C R ප්‍රණීත් චින්තක රණසිංහ

මාස්ටර් කයිසිලියස්.

ඔය පූජාවෙන් තමුන්ට ලැබෙන්නේ දුක විතරයි.

බොරුකාරී!

අභියෝගාත්මක වටය, බිලී.

ඔහ්, මොකක්ද අප්පා, බිලී. ඔයා මට විහිලු කරනවා වෙන්න ඕනේ.

නෑ, ඩොක්ටර්.

සිංදුව මාර ගති, චක් මැන්ජියෝනී, 1977.

ඇත්තටම, බිලී, ඔයා කිව්වේ ඒක අනුමාන කරන්න අමාරු ඇති කියලා.

හහ්! මේක 1978 සිංදුවක්.

නෑ, බිලී, ඔයාට ඔච්චර ආතල් ඕක 1978 කියලා ගොණු කරපු නිසා,

ඇල්බම් එක එලියට දැම්මේ, 1977 දෙසැම්බර් මාසේ.

- නෑ, නෑ. විකිපීඩියා වල කියනවා... - ආපහු බලන්න.

- කොහේද ඔයා මෙච්චරක් වැඩකට නැති තොරතුරු ගබඩා කරලා තියාගන්නේ? - වැඩකට නැති?

ඒ මිනිහා ෆ්ලූගල් නලාවෙන් හොඳම දහ දෙනා අතරේ ඉන්නේ.

තත්වේ, බිලී? - 1977.

අනේ! ඉන්න.

මට නම් ඔයාව පේන්න බෑ.

වෝව්! "මාර ගති", හා නැද්ද?

ඔහ්, මම... මම මේක බලාගන්නං, ස්ටීවන්. ඔයා ඔයාගේ හරිය කලා ඔයා යන්න, අපි මේක වහලා දාන්නම්.

- ඔය මොකක්ද? - GSW.

පුදුමයි ඔයාට එයාව පණපිටින් තියාගන්න පුළුවන් වුනු එක.

නින්ද සම්බන්ධයි, තවදුරටත් මොලයේ මූලය බැලුවාම...

මං හිතන්නේ මම ප්‍රශ්ණේ හොයාගත්තා ඩොක්ටර් පාමර්.

- ඔයා එයාගේ ඔලුවේ උණ්ඩයක් ඉතුරු කරලා. - ස්තුතියි. ඒක මෙඩුලා එකේ තෙරපීගෙන තියෙන්නේ.

මට විශේෂ කෙනෙක් ඕනේ වෙනවා මොලය මැරුණු බව හොයාගන්න.

- මේ ගැන මට අවුල් ගතියක් දැනෙන්නේ. - අපිට දුවන්න වෙනවා.

- ඩොක්ටර් වෙස්ට්! ඔයා මොනවද කරන්නේ? හේයි! - අවයව ලබාගන්නවා. මෙයා පරිත්‍යාගිකයෙක්.

- පොඩ්ඩක් ඉන්න. මම ඒකට එකඟ වුනේ නෑ. - මට ඔයාව ඕනේ නෑ...

...ඒ වැඩේ කරගන්න. අපි දැනටමත් මොලය මැරුණා කියලා සටහන් කලා.

ඔහේ අලුත් වැඩියි. අපිට මෙයාව සූදානම් කරන්න වෙනවා පශ්චාත් ශීර්ෂ ශල්‍යකර්මයකට.

මම ඔයාට ඉඩ දෙන්නෑ මැරුණු මිනිහෙක් ඔපරේශන් කරන්න දෙන්න.

ඔයාට මොනවද පේන්නේ?

- උණ්ඩයක්? - නියම හැඩේට තියෙන උණ්ඩයක්.

කෙනෙක් උණ්ඩයක් ශක්තිමක් කරන්නේ ඇලොයි, ඊයම් සහ ඇන්ටිමොනි එක්ක.

විශ රසායනිකයක්. ඒ වගේම ඒක හිසෙන් කශේරුක තරල අතරට ගමන් කරලා...

- අධික වේගයකින් මධ්‍ය ස්නායු පද්ධතිය අක්‍රීය කරනවා. - අපිට යන්න වෙනවා.

රෝගියා මැරිලා නෑ, ඒත් එයා මැරෙන්නයි යන්නේ. ඔයාට තාමත් මෙයාගේ අවයව ගන්න ඕනේ ද?

- මම ඔයාට උදව් කරන්නම්. - නෑ! ඩොක්ටර් පාමර් මට උදව් කරාවි.

ස්තුතියි.

- පරිලෝකනය, ඉක්මනට. - අපිට ඒකට වෙලාවක් නෑ.

- ඔයාට අත් දෙකෙන් ඒක කරන්න බෑ. - මට පුළුවන් ඒ වගේම මම කරනවා.

මේක වැඩ පෙන්නන්න වෙලාවක් නෙමෙයි, ස්ට්‍රේන්ජ්.

කවුද වැඩ පෙන්නුවේ විනාඩි 10කට කලින්, මිනිහෙකුට වැරදි මැරුණු වෙලාවක් තියලා?

හිස් කබලේ ස්නායු ප්‍රකෘතියි.

ඩොක්ටර් වෙස්ට්, ඔයාගේ ඔරලෝසුව වහගන්න.

ඔයාට කියන්න, කවුරුත් ඉස්සරහා එයාව නෝන්ඩි කරන්නේ නැතුවයි ඉන්න තිබුනේ.

මට එයාගේ රෝගියා බේරන්න තිබුනෙත් නෑ, ඒත්, දන්නවනේ ඉතිං, සමහර වෙලාවට මට මාවම නවත්තගන්න බෑ.

- නික් ගොඩක් හොඳ ඩොක්ටර් කෙනෙක්. - ඒත් ඔයා ආවේ මං ලඟට.

- ඔව්, ඉතිං, මට දෙවනි අදහසක් ඕනේ වුනා. - ඔයාට දෙවනි අදහසක් තිබුනා.

- ඔයාට ඕනේ වුනේ විශ්වාසනීය අදහසක්. - හොඳයි, ඒක ප්‍රධානයි...

...ඔයාට මගේ හදිසි නියුරෝන ශල්‍යවේදියා වෙන්න තරම්. ඔයාට ලොකු වෙනසක් කරන්න පුළුවන්.

- මට ඔයාගේ මස් කඩේ වැඩ කරන්න බෑ. - හේයි! මේ බලන්න, එයා...

බලන්න, මම බිඳුනු ශුෂූම්නා පාවිච්චි කරනවා...

...මධ්‍යම ස්නායුක පද්ධතියේ නියුරෝන වර්ධනය කරන්න.

මගේ වැඩ වලින් ඉදිරි අනාගතේ දහස් ගානක් බේරේවි.

හදිසි අනතුරු අංශයේ, මට බේරන්න වෙන්නේ තුවක්කුවක් ගත්තු බීපු මෝඩයෙක් විතරයි.

ඔව්, ඔය හරි. හදිසි අනතුරු අංශයේ, ඔයාට ජීවිත බේරන්න වෙනවා විතරයි.

කිසිම ප්‍රසිද්ධියක් නෑ, CNN සම්මුක සාකච්ඡා නෑ...

හොඳයි, පේන විදියට මට නික් එක්කම ඉන්න වෙයි වගේ.

ඔහ්, පොඩ්ඩක් ඉන්න. ඔයාලා එහෙම... ඔයාලා දෙන්නා අරම...

මොකක්ද?

එකට බුදියනවා. සමාවෙන්න, මං හිතුවේ මම මගේ අප්පිරියාව අපැහැදිලිව පෙන්නන්න ඇති කියලා.

ඇත්තටම, පැහැදිලිව පෙන්නුවා.

ඒ වගේම නෑ, මට ගොඩක් තද නීතියක් තියෙනවා එකට වැඩ කරන අයත් එක්ක යාලු වෙන එක ගැන.

- ඔහ් ඇත්තට? - මම ඒකට කියන්නේ ස්ට්‍රේන්ජ් ප්‍රතිපත්තිය කියලා.

ඔහ්, හොඳයි! මට සතුටුයි මොකක්හරි එකක් මගේ නමට තියෙන එක ගැන.

ඔයාට කියන්න, මම හොයාගත්තා කශේරුක අස්ථි ශල්‍ය ක්‍රමයක්,

ඒත් කොහොමහරි, ඒකට කවුරුවත් ස්ට්‍රෙන්ජ් තාක්ශණය කියලා කිව්වේ නෑ.

- අපි දෙන්නයි ඒ තාක්ශනේ හොයාගත්තේ. - ඔයාට කියන්න

මට කියන්න වෙනවා, මම කොඩක් වර්ණනාවට පත්වුනා ඔයාගේ ප්‍රතිපත්තියෙන්.

මේ බලන්න, මම අද රෑ නියුරෝන ශල්‍ය සමාජ රෑ කෑමකදී කතා කරනවා. මාත් එක්ක එන්න.

තවත් කතා කරන හමුවක් ද? මාර ප්‍රේමණීයයි.

ඔයා ඉස්සර මාර ආසාවෙන් මාත් එක්ක ඒවට ආවේ.

- අපිට එකට විනෝද වුනා. - නෑ. ඔයා විනෝද වුනා.

ඒ අපි දෙන්නා ගැන නෙමෙයි, ඒ හැම එකක්ම ඔයා සම්බන්ධව.

- මං ගැන විතරක්ම නෙමෙයි. - ස්ටීවන්. හැම දෙයක්ම ඔයා ගැන.

සමහරවිට අපිට නම වෙන් කරගත්තෑකි. ස්ට්‍රේන්ජ්-පාමර් තාක්ශණය.

පාමර්-ස්ට්‍රේන්ජ්.

බිලී! මට මොනවද තියෙන වැඩ?

මං ලඟ තියෙනවා අවුරුදු 35 ක් වයස වයසක ගුවන් හමුදා කර්නල් කෙනෙක්. කොන්දේ පහල කොටස තැලිලා...

...පර්යේශනාත්මක විදියේ පලිහකින්. Mid-thoracic කශේරුක පැල්මක්.

හොඳයි, මට උදව් කරන්න පුළුවන්, ඒ වගේම තව 50කට වුනත් පුළුවන්.

මගේ කාලයට වටින දෙයක් හොයලා දෙන්න...

මගේ ලඟ වයස 68ක ගැහැණු කෙනෙක් ඉන්නවා සංකීර්ණ මොලයේ මූල පිලිකාවක් තියෙනවා.

අපොයි ඔව්. මට මගේ නියම වාර්ථාව කඩාගන්නද කියන්නේ? කොහෙත්ම බෑ.

මොකද කියන්නේ වයස අවුරුදු 22ක් වුනු ගැහැණු කෙනෙක්...

...මොලේ ඉලෙක්ට්‍රෝනික උපාංගයක් සවි කරලා තියෙද්දී අකුණකට අහුවෙච්ච එක?

ඒක නම් සිත්ගන්නාසුලුයි වගේ.

ඔයාට පුළුවන්ද මට එවන්න...

...හරි හම්බුනා.

හේයි.

ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. හැම දෙයක්ම හරියාවි.

එයාලා මොනවද කලේ?

එයාලා ඔයාව චොපර් එකකට දාලා ගෙනාවා. ඒත් ඔයාව හොයාගන්න ටිකක් වෙලා ගියා.

කාර් එකේ හිටපු වෙලාව ඇතුලේ ඔයාගේ ස්නායු වලට හානි වෙලා.

එයාලා මොනවද කලේ?!?

අස්ථි වල මල නොබැඳෙන වානේ පින් 11ක්.

අස්ථි බන්ධනියන් කිහිපයක් ඉරිලා.

අත් දෙකේම ලොකු ස්නායු හානියක් වෙලා.

ඔයා පැය 11ක් තිස්සේ මේසේ උඩ හිටියා.

බලන්නකෝ මේ ෆික්සේටර් දිහා.

කාටවත් මීට වඩා හොඳට කරන්න ලැබෙන්නේ නෑ.

මට මීට වඩා හොඳට කරන්න තිබුනා.

- නෑ. නෑ. - ඔයාගේ ශරීරයට සනීප වෙන්න වෙලාව දෙන්න.

ඔහේ මාව විනාස කරලා.

මට කොච්චර කාලයක් ඉන්න වෙයිද...

ඩොක්ටර් ස්ට්‍රෙන්ජ්... ඔයාගේ පටක තාමත් සනීප වෙනවා.

එහෙනං ඒක ඉක්මන් කරන්න. ස්ටෙන්ට් එකක් යවන්න brachial ධමනිය යටින් radial ධමනිය ඇතුලට.

ඒක කරන්න පුළුවන්.

පර්යේශනාත්මකයි වගේම මිලයි, ඒත් කරන්න පුළුවන්.

මට ඕනේ කරන්න පුළුවන් කියන එක විතරයි.

උඩට.

උඩට.

ඔයාගේ ශක්තිය පෙන්නන්න.

- අහ්! මේකෙන් ඇති වැඩක් නෑ. - මේක අප්‍රයෝජනවත් නෑ, ඔයාට මේක කරන්න පුළුවන්.

එහෙනං මේකට උත්තර දෙන්න, සාමාන්‍ය උපාධිකාරයා.

ඔයා කවදාවත් දැකලා තියෙනවද මෙච්චර ලොකු ස්නායු හානියක් තියෙන කෙනෙක්...

මේක කරලා සනීප වෙනවා?

එක කෙනෙක්, ඔව්. ෆැක්ටරි අනතුරක්, එයාගේ කොන්ද කඩාගත්තා. අංශබාගේ හැදුනා. එයාගේ කකුල් වැඩකට නැතුව ගියා.

රෝද පුටුවේ ඉඳලාම මිනිහගේ උරහිසේ වේදනාවක් ආවා.

එයා සතියට තුන් පාරක් ආවා.

ඒත් දවසක එන එක නැවැත්තුවා. මං හිතුවේ මිනිහා මැරුණා කියලා.

අවුරුදු කීපෙකට පස්සේ, මිනිහා මාව පහු කරගෙන පාරේ ඇවිද්දා.

- එයා ඇවිද්දා? - ඔව්, ඇවිද්දා.

අමු බොරු. මට එයාගේ ෆයිල් එක පෙන්නන්න.

ගබඩාවෙන් ඒක ගන්න නම් මට ටික කාලයක් යාවි.

ඒත් ඒකෙන් තමුසෙගේ උද්දච්ච ගතිය වැරදියි කියලා පෙන්නන්න නම්,

මම ගෙනත් දෙන්නං.

මම ඔයාගේ පර්යේශණ හැම දෙයක්ම දිහා බැලුවා.

මම ඔයා එවපු හැම ගොනුවක්ම කියෙව්වා, ඒත්... කිසිම එකක් වැඩ කරන එකක් නෑ.

මම... මං හිතන්නේ ඔයාට තේරෙන්නේ නෑ හානිය කොච්චර දරුණුයිද කියලා, මම...

- මේ බලන්න, මෙහෙම දෙයක් තියෙනවා, මම... - වැඩිම වුනොත්, උත්සාහා කරලා අසමත් වේවි.

බලන්න, මට තේරෙනවා. මේකයි කාරණාව. මම...

ඔයා ඉල්ලන දේ කරන්න බැරි දෙයක්, ස්ටීවන්.

මොකක්ද අප්පා...

- මට මගේම කියලා කීර්තියක් තියෙනවා රැකගන්න. - එටියෙන්, පොඩ්ඩක් ඉන්න.

- මට ඔයාට උදව් කරන්න බෑ... - නෑ. නෑ, පොඩ්ඩක් ඉන්න!

හායි.

එයා ඒක කරන් නෑ වගේ.

මිනිහගෙන් වැඩක් නෑ.

ටෝකියෝ වල අලුත් ප්‍රතිකාරයක් තියෙනවා. එයාලා වගා කරනවා පරිත්‍යාග කලල සෛල

ඊට පස්සේ ඒවා නෙලාගෙන ඒවයින් 3D-ප්‍රින්ට් කරලා සැකිල්ලක් හදනවා.

එකතු වෙලා ණයක් ගන්න පුළුවන් වුනොත්, පොඩ්ඩක්...

- ස්ටීවන්... - පොඩි ණයක්, 200,000ක් විතර.

ස්ටීවන්. ඔයා හැම වෙලාවකම සල්ලි වියදම් කලා ඒවා ලැබුණු ඉක්මනින්ම

ඒත් දැන් ඔයා වියදම් කරන්න හදන්නේ ඔයාට නැති සල්ලියක්.

සමහරවිට මේක වෙන්න ඇති ඔයාට මේක නතර කරන්න වෙලාව.

නෑ. කොහෙත්ම මේක නෙමෙයි නතර කරන්න වෙලාව.

මොකද කිව්වොත්, ඔයාට පේනවා ඇති, මම තවත් සනීප වෙන්නේ නෑ!

ඒත් මේක තවදුරටත් වෛද්‍ය විද්‍යාව ගැන නෙමෙයි. මේක මේනියාවක්.

සමහර දේවල් හදන්න බෑ.

- මගේ වැඩ නැති ජීවිතේ... - තාමත් ජීවිතයක්.

මේක අවසානය නෙමෙයි. තවත් දේවල් තියෙනවා ඔයාගේ ජීවිතේ අර්ථවත් කරන්න පුළුවන්.

මොන වගේ දෙයක්ද? ඔයා වගේ කෙනෙක් ද?

මේ හරියේදී තමයි ඔයාට සමාව ගන්න තියෙන්නේ.

මේ හරියේදී තමයි ඔයාට මෙහෙන් යන්න තියෙන්නේ.

හොඳයි. මට තවත් ඔයා මේ වගේ දෙයක් විහින් කරගන්නවා බලං ඉන්න බෑ.

- බලං ඉන්න හරි අමාරු ඇති? - ඔව්.

ඔව් එහෙම තමයි. ඒ වගේම මගේ පපුව කඩා වැටෙනවා ඔයා මේ විදියට දකින එකෙන්.

නෑ. මට අනුකම්පා කරන්න එපා.

- මම ඔයාට අනුකම්පා කරන්නේ නෑ. - ඇත්තට? එහෙනං ඔයා මොනවද මෙතන කරන්නේ?

පරණ යාලුවෝ ට්‍රිප් එකක් යන්න වගේ මෙහාට චීස් වයින් ගෙනල්ලා?

අපි යාලුවෝ නෙමෙයි, ක්‍රිස්ටීන්. අපි ආදරවන්තයෝ කියන එක ලඟින්වත් නෑ.

ඔයා හරි ආසයි කඳුලු පිරුණූ ආදර කතාවකට, නැද්ද? දැන් මාව එහෙම එකෙක් වගේද පේන්නේ?

අසරණ ස්ටීවන් ස්ට්‍රේන්ජ්, පිං පතා උදව් කරන්න පුළුවන් එකෙක්.

එයාට අන්තිමේදී මාව ඕනේ වුනා. කරන්න කියලා තවත් මානුශීය වැඩක්.

පැලැස්තර ගහලා ආපහු ලෝකෙට දාන්න, පපුවේ බේරෙන කරුණාවක් එක්ක...

ඔහේ හරියට හිතනවා! නැද්ද?!?

බායි, ස්ටීවන්.

මම ඔයාට කිව්වා!

පැන්ග්බෝර්න්, ජේ. මෙට්‍රෝපොලිටන් මහ ‍රෝහල

මොකක්ද, බං! මේකේ තරඟයක් කොහේ ද?

උඹලාගේ කයිය නම් තියෙනවා!

ජොනතන් පැන්ග්බොර්න්, C7-C8 කශේරුකා හානියක්, සම්පූර්ණ වශයෙන්.

- ඔහේ කවුද? - මැද පපුවෙන් පහල අංශබාගය හැදිලා හිටියේ.

අත් දෙකම අර්ධ වශයෙන් අක්‍රීය වෙලා තිබුනේ.

මං ඔහේව දන්නේ නෑ.

මම ස්ටීවන් ස්ට්‍රේන්ජ්. මම ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්. කලින් එහෙම වෙලා හිටියා.

ඇත්තටම, දන්නවදං මචං? මං හිතන්නේ මං උඹව දන්නවා.

මම කලින් ඔයාගේ කාර්යාලයට ආවා. ඔහේ මාව බලන එක ප්‍රතික්ශේප කලා.

මට ඔහේගේ සහායිකාවගෙන් එහාට එන්න ලැබුනේ නෑ.

- ඔයා ප්‍රතිකාර කල නොහැකි මට්ටමක හිටියේ. - ඒකෙන් ඔහේට කාඩ් එක වැටුනේ නෑනේ?

ඔයා මේ ඇවිල්ලා තියෙන්නේ ආපහු එන්න බැරි තැනකින්!

මම... මම මගේ පාර හොයාගන්න උත්සාහා කරනවා.

හේයි, පැන්ග්බොර්න්, උඹ එනවද නැද්ද?

හොඳයි.

මම මගේ ඇඟ ගැන අදහස අතෑරලා දාලා හිටියේ.

මම හිතුවේ මගේ මනස විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

අඩුමගානේ ඒකවත් දියුණු කරන්න ඕනේ කියලා හිතුවා.

ඉතිං මම තාපසයෝ එක්ක, පූජනීය කාන්තාවෝ ලඟ හිටියා.

නොදන්න මිනිස්සු මාව කඳු ගානේ උස්සගෙන ගියා පූජකයෝ දකින්න.

අන්තිමේදී, මම මගේ ගුරුවරයා හොයාගත්තා.

ඒ වගේම මගේ මනස ඉහලට ගියා. මගේ ආත්මය ගැඹුරු එකක් වුනා.

කොහොමහරි...

- ඔයාගේ ශරීරය සනීප වුනා. - ඔව්.

එතකොට මට ඉගෙන ගන්න ගැඹුරු රහස් තිබුනා,

ඒත් මට ශක්තියක් තිබුනේ නෑ ඒවා ලබාගන්න.

මම මගේ ප්‍රාතිහාර්යෙන් සෑහීමකට පත්වුනා, ඊට පස්සේ මම ගෙදර ආවා.

ඔයා ඔය හොයන තැනට කියන්නේ කමාර්-ටාජ් කියලා.

More Sinhala subtitles for Doctor Strange

Komentar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left