200 ensimmäistä riviä.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Crisis (2021)
සත්‍ය සිදුවීම් ඇසුරෙනි.
වෙඩි තියන්න එපා! මගේ ළඟ ආයුධ නෑ.
ඔයා ඒකේ සතියක් ඉඳලා එන්න. හරි.
- මහත්වරුණි. - අපිට කතාකරන්න ඕනේ.
කැනඩා කට්ටිය. එයාලාගේ කොල්ලාව දේශ සීමාවේදී අල්ලගෙන.
- මොකක්? බඩුගේන කෙනා? - සෙඩ්‍රික්. එයා හැම ප්‍රවෘත්තියකම.
දෙවියනේ. කොහොමද ඒ වගේ දෙයක් වුනේ?
අපි දන්නේ නෑ කොහොමද ඒ මගුල වුනේ කියලා,
ඒත්, දැන් ඉතිං ලොකු ආතතියක් හැමතැනම ඇතිවේවි.
- එයාලා කොහෙද කොල්ලාව තියාගෙන ඉන්නේ? - මොන්ට්‍රියල් රැඳවුම් මධ්‍යස්ථානයේ.
මම දන්න කෙනෙක් ඉඳිවි එහේ.
මේ සෙඩ්‍රික් කාගේ හරි නම් කියයිද...
නෑ. එයා කාගෙවත් නම් කියන්නේ නෑ.
හොඳයි. මොකද ඒක හැමෝටම හොඳ නැතිවේවි.
- මොන මගුලක්ද? - මොකද?
- මම මේකේ හිටියා පැය භාගයක්. - අද වාහන තදබදය තිබ්බා.
- ඔයා කොන්වේ හරියෙදී ආපහු හැරෙව්වා නේද? - ඔවු. ඇයි ඔයා ආයේ අවුල්වෙලාද?
ආයේ අවුල් කතා කියවන්න එපා.
- දෙවියනේ සමාවෙන්න. - හරියට එළවන්න.
මම පුළුවන් හොඳින් කරනවා.
මම පැයකින් ආපහු එනවා.
- හේයි. - හායි.
- ඔයාගේ නංගී රූපවාහිනි කාමරේ. - ස්තූතියි.
හේයි පොඩි කෑල්ල.
දොස්තර කිව්වා ඔයා දවස් 19ක් හිටියාලු.
මගේ වැඩේ දැන් ගොඩාක් දුරට ඉවරයි,
ඒක ඉවර වුනාම, අපි වැව පැත්තේ රවුමක් යමු.
අපිට පුළුවන් උදේ කෑම කන්න.
මම කියන්නේ, අපිට අම්මාවත් එක්ක යන්න පුළුවන්.
ඔයා මොකද හිතන්නේ?
- එයා මෙතඩෝන් අරගෙනද? - ඔවු.
වෙන මොනවාත්?
සාමාන්‍ය වේදනානාශක. එයා ප්‍රචණ්ඩ වුනා.
පොඩි ඇහීමේ දුර්වලතාවයක් ඇති, දකුණු කන 40%ක් විතර ඇහෙන්නේ නෑ.
ඒක ඉක්මනින් හරියාවි.
- ඇයි එහෙම වෙන්නේ? - අපි දන්නේ නෑ. සමහර වෙලාවට එහෙම වෙනවා.
අපි හිතන්නේ අබිං නිසා කණේ ස්නායු දුර්වල වෙලා කියලා.
මම ක්ලෙයාර්. මම ඇබ්බැහි වෙච්ච කෙනෙක්.
මම පාවිච්චි කලේ, ඔක්සි, හ්ම්....
මට ඇහුණා රොන් කතා කලා බඩු ගන්න දොස්තර ගැන.
ඒකෙන් මට දෙයක් මතක් වුනා.
මතකය තරම් හොඳ දෙයක් නෙමෙයි, එක පාරක්
මට හොඳටම ඕනෙ වෙච්ච වෙලාවක,
මගේ දොස්තර ඒ වෙනකොට මට බෙහෙත් ලියන්නේ නෑ, ආහ්....
මට වෙච්ච අනතුරක් නිසා අත වෙලලා තිබුනේ,
ඉතිං මම මගේ අත කාර් එකේ දොරට තියලා...
එතකොට මට බෙහෙත් ගන්න පුළුවන් නිසා..
මට ඉන්නවා නියම පුතෙක් අවුරුදු 16යි,
මට බැරිවුනා හොකි තරඟයක්වත් බලන්න
ඒවා ගැන හිතන්නේ නැතුව.
මම කැමතියි එයා වෙනුවෙන් හොඳ කෙනෙක් වෙන්න,
මම ඒකට දවස ගානේ උත්සාහ කරනවා.
ඔයා ලියුම ගෙනාවාද?
- ගෙනාවා. - මෙහෙට එන්න.
- කොහොමද ඔයාට? - කොහොමද ඉස්කෝලේ?
- ගොඩාක් හොඳයි. - හොඳයි.
ස්තූතියි.
හරි. ඔයාගේ නැන්දා එනවා අද රෑ කෑමට,
ඒ නිසා පුහුණුවෙන් පස්සේ, ඔයාට පුළුවන්ද කඩේට ගිහින්,
කේක් ටිකක් අරගෙන එන්න? මම ෆජීටා හදන්න යන්නේ.
- ආහ්. ඔයා උයනවාද? - මට විහිළු කරනවාද?
ඔයා කිව්වේ පීසා ගෙන්නනවා කියලා?
මොකද්ද කිව්වේ?
- මම මේවා ගේන්නම්. - ස්තූතියි.
- ආදරෙයි. - ආදරෙයි.
අපේ නිෂ්පාදනය, ක්ලැරලොන්, අපිට අවශ්‍ය නෑ
ලොකු බාධා දාන්න,
අපි ප්‍රතිග්‍රාහක සියල්ල නවත්තනවා වැර ගැන්වුම් ක්‍රිටාවලියකින්.
එමගින් දැඩි ලෙස අඩුවෙනවා, ඇබ්බැහි වීමේ සම්බාවිතාවය.
රෝගියෙක් දවසට දෙපාරක් එක පෙත්ත ගානේ ගන්නවා නම්
ඇබ්බැහි වීමේ දර්ශකය
ඔක්සිකෝඩෝන් වලින් කාලකටත් අඩු වෙනවා.
ක්ලැරලෝන් පත්වෙනවා පළවෙනි ඇබ්බැහි නොවන වේදනා නාශකය බවට.
නෝනාවරුණි මහත්වරුණි, මේ ශුද්ධ භාජනයක්.
අපි මේකෙන් පානය කරමු.
අද අපිට අමතක වෙලා තියෙන්නේ
අපේ තීන්දුව ගන්න හදිස්සිය නිසා,
නිරීක්ෂණ කිරීමේ අවස්ථාවන්,
කලින් ගත්ත තීරණයට පක්ෂග්‍රාහී වන අවස්ථාවක්.
දැන් කවුද ඒක කිව්වේ?
ආහ්...
ඇලෙක්සැන්ඩ්‍රා.
- ලුයිස් පාස්චර්. - ලුයිස් පාස්චර්.
එයා එහෙම කිව්වා. එයා ඒ මත ජීවත් වුනා අවුරුදු 30ක්.
එයා වැඩ කලේ එක අරමුණක් සාර්ථක කරගැනීමට.
දැන්, ගොඩාක් අය කියයි,
කෙනෙක් අවුරුදු 30ක් දෙයකට මහන්සි වීම ප්‍රතිපල නොමැතිව, පිස්සු වැඩක් කියලා.
ඒත් පිස්සු කියන එකේ තේරුම මෙතනදී
වෙන තේරුමක් වෙනවා නේද?
මොකද, අපි වගේ පිස්සෝ නැතුව, ලෝකෙට මොකද වෙන්නේ?
හරි. ඊළඟට මොකද්ද?
නෑ. මට තේරෙනවා බිල්.
මට ඕනේ ප්‍රතිපල ආයේ සැරයක් පරීක්ෂා කරලා මුකුත් අවුලක් නෑ කියලා තහවුරු කරන්න.
මට විශ්වාසයි ඔයාගේ වැඩ හැමදාම අවුලක් නෑ කියලා.
ඒත් ඔයා දන්නවානේ, අපි මේකෙදී ගොඩාක් පිටිපස්සෙන්.
මාත් එක්ක ඉන්න.
හැමදේම හරියාවි.
අපි ඔයාට ගොඩාක් දේවල් පහුගිය අවුරුදු ටිකේ දීලා තියෙනවා, ටයිරෝන්,
ඔයා හැමඑකක්ම සාර්ථක කලා.
ඒත්, ඔයාට ඕනේ නම් UCLA වල ඩේවිඩ් නියුන්ට කතා කරන්න
පර්යේෂණ කටයුතු කරගෙන යන්න...
නෑ නෑ නෑ. එහෙම කරන්න ඕනේ නෑ. මම පොරොන්දු වෙනවා, ඒක සූදානම් වේවි.
- හේයි රීවා. - හේයි.
නෝත්ලයිට් පර්යේෂණයේ ප්‍රතිපල හම්බවුනාද?
ඔවු. මට සමාවෙන්න ආචාර්යතුමා. මම එවා දෙවෙනි පාර පරීක්ෂා කරනවා.
ඒවා අද රෑ වෙනකොට සූදානම්.
- හැමදේම හොඳින් නේද? - ඔවු.
- හරි. මට ඉක්මනින් කියන්න. - හරි.
ඉවර වෙච්ච ගමන්ම මට කතා කරන්න.
දැන්, වොෂින්ටන් වලින් ඇවිත් ඉන්නවා ගැරට් කියලා පරීක්ෂකවරියක්.
ඇය සම්පූර්ණ වාර්ථාව ඉල්ලනවා.
ඔයාට බැරිද එයාට පැහැදිලි කරන්න?
පුළුවන්, ඒත් එයාට ඕනේලු මෙහෙයුමේ ප්‍රධානියාගෙන් අහන්න.
ඒ ඔයා නේද?
- මොකද වෙන්නේ යාළුවනේ? - කොහොමද ජීවිතේ ස්ලිම්?
අවුලක් නෑ.
මොකද්ද ප්‍රශ්නේ? එයා එක්ක කලින් වැඩ කරපු කවුරුහරි ඔයා දන්නවාද?
ඔවු. ඇත්තටම මම. මම වර්ජිනියා වල ඉන්න කාලේ.
ඔයා? මොකද කලේ?
සුපවයිසර් වෙන්න කලින් එයා ක්ෂේත්‍ර නිළධාරිනියක්.
එහෙමද? මම හිතුවේ ඔයා හැමදාම මේසේ හිටපු කෙනෙක් කියලා.
එ් කියන්නේ ඔයා මගේ ගැන නොදන්න දේවල් තියෙනවා වගේ කෙලි මහතා.
දෙවියන්ට ස්තූතිවේවා! අපි ඒ විදියටම ඉමු.
මේ මෙහෙයුම කෙලින් එකක්.
- අපි අපේම කියලා පෙති මෝලක් දැම්මා. - ඒකෙන්ද ඔක්සි බෙදාහරින්නේ?
ගොඩාක් දුරට නෑ. ඒකෙන් තමයි අපි අපචාර දොස්තරලා හොයාගන්නේ.
ඒ දොස්තරලා එකට එකතු වෙලා ඉන්නේ. එයාලා ඉන්නේ අන්තිම අඩියේ.
රෝගීන් ආවාම, දොස්තරලා ලියලා දෙනවා බෙහෙත් වට්ටෝරුවක්
ඔක්සි වලට එයාලාට අවශ්‍ය වුනත් නැතත්.
කොහෙන්ද මේ ලෙඩ්ඩු එන්නේ?
- කූඩාරම් වලින්. - එයාලා ඔයාගේ කට්ටියද?
ඔවු මැඩම්. එක්කෙනෙක් ඉන්නවා අපි රතු කියලා නම් කරපු.
එයා අනාත මිනිස්සු ළඟට ගිහින් මිනිස්සුන්ව අරගන්නවා
අපේ සායනයට එන්න අපි ගෙවනවා $100ක් එක පාරකට.
හේයි සල්ලි ටිකක් හොයන්න කැමතිද?
ඔවු. මොකද්ද කරන්න තියෙන්නේ?
එයා හොයන්නේ දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න කට්ටියව.
එයාලාව අපි ළඟට ගේනවා, එක පාරකට එක වෑන් එකක්.
රෝගීන්ට පුළුවන් බල්ලෙකුගේ X කිරණ පිටපතක් හරි පෙන්නලා, පෙති අරගන්න.
පේන විදියට ඔයා ලොකු අමාරුවක ඉන්නේ, ඔක්සි 80 හොඳද?
සෝමා 30ක් වුනත් හොඳයි.
එතකොට ඔයාගේ සහකාරයෝ? ආර්මේනියානුවෝ?
ඔවු. ආර්මෙන් මෙටෝසියන් සහ මිනාස් සගමෝනියන්.
එයාලා AP13 වැඩකරපු අය. ආර්මේනියානු පාතාලයේ සාමාජිකයෝ.
අපි මත්ද්‍රව්‍ය විකුණනවාද?
නෑ මැඩම් නෑ..
අනාත මිනිස්සු පෙති අරගන්නවා ඔසුසල් වලින්
අපි ඒවා ආපහු මිලට ගන්නවා එතනදීම.
- එහෙනම් මොකටද පෙති හදන්න ගත්තේ? - විශ්වාසය ඇතිකරගන්න.
ජේක්ට ආර්මේනියානුවන්ට ලං වෙන්න තියෙන එකම විදිය විශ්වාසය
සහ මූල්‍ය ගණුදෙනු.
මේ තත්වයට එන්න අවුරුද්දක් විතර වෙස්වලාගෙන හිටියා.
බදු මුදල් 600,000ක්,
ඔයාලාට ඉන්නවා දූෂිත දොස්තරලා, පාවිච්චි කරන අය සහ ආර්මේනියානුවෝ.
ඇයි ඉතිං අල්ලන්නේ නැත්තේ?
මොකද මෙතන ඔක්සි විතරක්ම නෙමෙයි.
අලුත් මාරාන්තික එක ෆෙටනිල්.
මේ කාමරේ හැමෝම දන්න විදියට,
ඒක හෙරොයින් වලට වඩා සිය ගුණයක් භයානකයි.
ඒවා නැව්ගත කරනවා චීනේ ඉඳලා කැනඩාවට.
ඊටපස්සේ දේශසීමා හරහා ඇමරිකාවට බෙදාහරිනවා.
ආර්මේනියානුවෝ තමයි වැඩිපුරම මුහුදුබඩ ඔක්සි බෙදාහැරීම කරන්නේ.
දැන් එයාලාට ඕනේ ෆෙටනිල් වල පාලනය අරගන්න.
ජේක්ට පුළුවන් වුනොත් ආර්මේනියානුවෝ සහ කැනඩාවේ අය එකට අල්ලගන්න,
අපිට හැමෝමව අල්ලගන්න පුළුවන්.
- හලෝ? - හායි. සෑම්.
- මම ඩේවිඩ්ගේ අම්මා. ක්ලෙයාර්. - ඕහ්! හායි මිස් රේමන්
- ඔයා ඩේවිඩ්ව දැක්කාද? - නෑ. මම අද පුහුණුවීම් ගියේ නෑ.
එයා තාම ගෙදර ආවේ නෑ. අනේ මන්දා.
- ඔයා පුහුණුකරුගෙන් ඇහුවේ නැද්ද? - නෑ. මම දැන් අහන්නම්.
- හරි. එහෙම කරමු. - හරි.
- ස්තූතියි. - බායි.
මොකද වෙන්නේ පදනමේ ආධාරයට?
මාව විශ්වාස කරන්න, ඔයාට තමයි මුලින්ම කියන්නේ.
ආධාර අඩුකිරීම් එක්ක ජීවත් වීම එක විදියක කලාවක්.
- ඒ කියන්නේ මේ පාර වැඩිකරන්නේ නෑ වගේ. - කාටවත් වැඩිකරන්නේ නෑ.
සමහරවිට, ඔයාට ලැබෙයි බබාගේ නිවාඩුවෙන් පස්සේ එනකොට.
මම හිතුවේ ඔයා දරුවා එක්ක ඉඳීවි කියලා.
ආදරෙන් විතරක් තුන්දෙනෙකුට ජීවත්වෙන්න අමාරුයි. නේද?
ජෙෆ් පොඩ්ඩක් උදව් කරනවා. එයා ගොඩාක් උදව් කරනවා නම්...
තව වයින් දෙන්නකෝ...
එතකොට මොන වගේ කලාකාරයෙක් වෙන්නද ඔයාට ඕනේ?
- හේයි රීවා. - හායි. ඔයා තාම රෑ කෑමෙද?
ඔවු.
අධ්‍යයනය ඉවර කලා. ඒත් දෙයක් මට වද දෙනවා.
- මොකක්ද හරියටම? - මම කැමතියි මුණ ගැහිලාම කියන්න.
හරි... පරක්කු වුනාට කමක් නැද්ද?
එහෙමම බෑ. ඔයාට පුළුවන්ද දැන් විද්‍යාගාරයට එන්න?
- මොකක්? දැන්? - මම හිතන්නේ ඒක හොඳයි.
හ්ම්ම්... හරි.
හරි. මම දැන් එන්නම්.
මම කිව්වා සේවාදාකයාට, "ගොඩාක්ම වැදගත් තේරීම
ඔයා මේක විස්තර කරන්නේ, ලියපු එකක් විදියටද"
සේවාදායකයා කට්ටිය දිහා බැලුවා..
ඊටපස්සේ කියනවා..
වෝගල් පුහුණුකරු. හායි. කතා කලාට ස්තුතියි.
ඔවු රේමන් මෙනවිය, ඩේවිඩ් අද පුහුණුවීම් වලට ආවා.
එයා ගියා හවස 5:00 ට, ගෙදර යන ගමන් කඩෙන් බඩුගන්නවා කියලා.
හරි.. ඒකද ඔයා එයාව අන්තිමට දැක්ක වෙලාව?
No comments yet. Be the first to leave one.