نخستین 200 خط.
1998 පෙබරවාරි
තුවාල ලැබු අය : 19
මියගිය අය : 24
අවුරුදු 16කට කලින් වගේම, ඔයා හැමතිස්සෙම අමාරු දෙයක් ඉල්ලනවා.
අපි පැරණි මිතුරන්නේ.
නිල් නිවසේ කාර්ය මණ්ඩලය.
මේ හන් කි ජූන්. මට ජනාධිපතිතුමාට කතා කරන්න ඕන.
මටත් උදව්වක් ඉල්ලා ගන්න පුළුවන්ද?
ජනාධිපතිතුමාව ලබා ගැනීමට නොහැකියි.
ඒක හදිසියක්. මේක වැදගත්!
මුදල් අමාත්‍යතුමා?
මොකුත්ම කරන්න එපා.
ඔයා කරන්න ගිය හැමදෙයක්ම නතර කරන්න.
ඒ වගේම...
මේ විදියට අපි එකිනෙකා හමු නොවී ඉමු.
මට මොනවහරි දෙයක් ඔයාට කියන්න තියෙනවා නම්, නිල වශයෙන් එන්න.
නිල් නිවසට.
වෙන දෙයක් එහෙම තියෙනවද සර්?
නෑ.
අපි ආපහු යමු.
1 කොටස
මම රෝගියෙක්ව හොයනවා.
මට ආරංචි වුනා අද උදේ ඔහුව චියොන්ග්ජුවලින් මෙහෙට අද මාරු කළා කියලා.
මේ පැත්තෙන් එන්න.
මේවා අනතුර සිදුවූ ස්ථානයෙන් ලබාගත් භාණ්ඩ.
ඒවා ඔයාගේ පියාට අයිති දෙවල්ද?
වෛද්‍ය සේවකයා කිව්වේ චියොන්ග්ජුවලට කිට්‍ටුව 17 වෙනි මහා මාර්ගයේ ඉඳලයි ඔහුව හොයාගත්තේ කියලා.
ඔවුන් හිතන්නේ ඔහු රිය පදවන අතරතුර නින්ද ගිහින් කියලා.
තාත්තේ...
ඔයා හොඳින්ද?
හොඳින් නේද?
දකුණු කොරියානුවනි! ජනාධිපති ලී ඩොන්ග් හී ඔහුගේ පුරවැසියන්ට සමෘද්ධිය පොරොන්දු වුණා.
ඔහුගේ පදවිය වසර තුනක් තුළ ඔහුගේ 90% ක පිළිගැනීමේ ප්‍රතිශතය 10% දක්වා පහත වැටී ඇත.
98 දී ජනපති ලී විසින් මීට පෙර පවත්වාගෙන ගිය සමාගමෙන් බලපැමක්
කොටස් මෙහෙයවීම පිටුපස සිදුවී තිබෙනවාද කියා විශේෂ පැමිනිල්ලකට අනුව විමර්ෂනයක් සිදු වෙමින් තිබෙනවා.
සමාගමෙන් වරදක් සිදුවී ඇත්නම් ලී පරිපාලනයට ආචාර ධර්ම පිළිබඳ බරපතල ප්‍රශ්නයකට මුහුන පෑමට සිදු වනු ඇත.
මේ අතර, ජනපතිගේ බලාපොරොත්තුව ඔහුට නැවත සහයෝගය ලබා ගැනීම සඳහා
පහළ පන්තියේ සාම්ප්‍රදායික වෙළඳ පොළක සංචාරය කිරීමටයි.
එහෙත් ඔහුගේ උත්සාහයන් නිෂ්ඵල බව පෙනෙනවා.
විශේෂ පුද්ගලයා මීටර් 100 ක දුරකින් පයින් ගමන් කරයි.
ඔහුගේ අදහස ගුසන්ග් වෙළඳ පොළේ
පයින් ගමන් කරන්නයි.
ප්‍රාදේශීය නිලධාරී මණ්ඩලය දින හතක් එය පරීක්ෂා කෙරුවා.
අපේ ඒජන්තවරුන් ඒ ගැන පරීක්ෂාවෙන් සිටිනවා.
විශේෂ පුද්ගලයා?
ඔහු නිල් නිවසින් විනාඩි 5ක් ඇතුළත පිට වෙනවා.
ඉක්මන් කරන්න, ඒජන්ත!
හන් ටේ කියොන්ග්! ඔයා හොඳින්නේ, සොල්දාදුවා.
- ඇයි ඔයා පරක්කු? - මට සමාවෙන්න සර්.
ඔයාගේ ස්ථානයට යන්න.
විශේෂ පුද්ගලයා පිටතට එනවා.
විශේෂ පුද්ගලයා නිල් නිවසින් පිට වුණා. ඔහු විනාඩි 30කින් මෙතනට එයි.
9882, විශේෂ පුද්ගලයා-1250 විනාඩි 30කට කලින් පැමිණෙනවා.
පහළ කලාපය පාලනය කරන්න.
ඔයාට මෙතන නවත්වන්න බැහැ.
කරුණාකරලා මෙතන ගොඩබාන්න එපා.
ඒකෙ පොත්ත ඔයා මේ විදියට ගලවන්න.
මොනවද වෙන්න යන්නේ?
308 කලාපය, ස්නයිපර් වෙඩික්කරුවන් ස්ථානගතයි.
ඊගල් හය, මංසන්ධිවල රතු සංඥා දමන්න.
මුදල් අමාත්‍යතුමා හන් කතා කළේ නැද්ද?
නෑ සර්, ඔහු කතා කළේ නෑ.
ඔයා මොනවද කරන්නේ?
මොනවහරි වෙන්නද යන්නේ?
නෑ සර්. මොකුත් නෑ.
ඔහු දැන් පාලම පසු කළා. විනාඩියකින් පැමිණීමට නියමිතයි.
9882, විශේෂ පුද්ගලයා-1250. විනාඩියකින් පැමිණීමට නියමිතයි.
වෙළෙඳපොළ තමා ඕනෑම කෙනෙකුට ජනාධිපතිතුමාට පහරදිය හැකි ලෙහෙසිම තැන.
හඳුනානොගත් වස්තූන් පිරුණු තැනක්.
ගිනිඅවි හා පුපුරන ද්‍රව්‍ය ආවරණය කිරීමට අපට කළ නොහැකියි.
අවදියෙන් සිටින්න.
විශේෂ පුද්ගලයා-1250, තප්පර 10කින් පැමිණීමට නියමිතයි.
9, 8, 7...
[ඔයාගේ පියා සිටින්නේ අවදානම් තත්ත්වයක. කරුණාකර අමතන්න.]
4, 3, 2, 1.
පැමිණියා.
කොරියානු ජනරජයේ ජනාධිපතිවරයා! අත්පොලසන් දෙන්න!
මාර්ගයෙන් ඉඩ දෙන්න! මාර්ගයෙන් ඉඩ දෙන්න!
මට සමාවෙන්න!
සර් මාළු කේක් තියෙනවා!
ඒක හොඳයි.
මේ සීතල කාලගුණේ ඔයා බොහෝ වෙහෙස මහන්සිවී වැඩ කරනවා.
ස්තුතියි!
ලී ඩොන්ග් හී!
ඒ 100% කාබනික බත්.
මේක උත්සාහ කරන්න.
මේ 9882. විශේෂ පුද්ගලයා නියමිත සිථානයට මීටර් 10ක දුරකින් සිටින්නේ.
පදිකයින් පාලනය කරන්න.
වම් පැත්තෙන්! ඔහුව අල්ලන්න!
විශේෂ පුද්ගලයා?
කණ්ඩායම! වාර්තා කරන්න!
වාර්තා කරන්න. කණ්ඩායම! වාර්තා කරන්න!
කණ්ඩායම! මොනවහරි කියන්න!
පිටවීමේ මාර්ගයේ වාහනය සුදානමින්. විශේෂ පුද්ගලයා ඉවත් වෙනවා.
විශේෂ පුද්ගලයා ආරක්ෂිතද?
කණ්ඩායම! වාර්තා කරන්න!
වාහනය පිටවීමේ මාර්ගයේ!
මගේ දෙවියනේ , මොනවද වෙන්නේ?
ඔහුව අරගෙන යන්න.
ඒයි, මෙතන දැන්ම පිරිසිදු කරන්න.
ඒයි!
ඔයාට පිස්සුද?
ඔයා මේ කාරණය පිළිබඳ අවධානයෙන්ද?
ඔයා මොනවද කරන්නේ?
පිටි වෙනුවට බෝම්බයක් තිබුණා නම් එහෙම...
විශේෂ පුද්ගලයා අපිට අහිමි වෙන්න තිබුණා.
මොකක්ද ඒකෙ තේරුම කියල ඔයා දන්නවද?
මොන දේ උනත්!
ඔයාගේ යුතුකම කවදාවත් අමතක නොකරන්න.
ඒ ඔහුද?
ඔව්, ඒ ඔක්කොම මගේ වරද.
මම ඕනෑම විනය ක්‍රියා මාර්ගයකට සුදානම්.
පිටිවලින් වැහිලා දුවන ජනාධිපතිතුමාගේ පින්තූර අඩංගු ප්‍රවෘත්තිය නැවැත්තුවා.
අන්තර්ජාලය ගැන කතා කරන්න මම කැමති නැහැ.
ඒ පින්තූර එළියට ගියොත් ඔයාගේ දඬුවම ගැන සලකා බලන්නම්?
එය කවදාවත් සිදු වුනේ නැත්නම් කියා හිතන්න?
එය ප්‍රමාණවත් සර්.
ඔයා දැන් හදන්නේ ඔයාගේ කණ්ඩායම ආරක්ෂා කරන්නද?
අද සිදුවීමට රහස් සේවය විරුද්ධයි.
සාම්ප්‍රදායික වෙළඳපොළ භයානකයි.
ඔයා හිතන්නේ කාර්ය මණ්ඩලය දන්නෑ කියලද?
ඔයාගේ රාජකාරිය ආරක්ෂාව ගැන බැලීම නෙමෙයිද?
මමයි රහස් සේවය භාරව ඉන්නේ.
ඔයාට පුළුවන් මට කෙළින්ම පැමිණිලි යොමු කරන්න.
එහෙනම් ඔයා මේ තැනින් ඉල්ලා අස් වෙනවද ඒජන්ත?
ඒජන්ත හන් තමයි මුදල් අමාත්‍යතුමාගේ පුත්‍රයා.
අපිට විනාඩි 30කට කලින් දැනුම් දුන්නේ.
අද උදේ, රිය අනතුර නිසා ඔහු සිටියේ කෝමා තත්ත්වයකයි.
වෙළඳපොළ සංචාරය අතරතුර ඔහු මිය ගියා.
ඒක මගේ වැරැද්ද සර්.
ඔයා කිව්වා වගේ, මොන දේ උනත්... මගේ පියා මිය ගියත්...
මගේ වගකීම අමතක නොකරන්නයි තිබ්බේ.
රහස් සේවය ඔහුට දඬුවම් කරාවි.
ඒ හින්දා නවත්තන්න.
මට ඔයාගේ හැඳුනුම්පතයි ලාංඡනයයි දෙන්න.
දැන් ඉඳන් ඔයා පරිවාසයේ.
යන්න පුළුවන්. ඔවුන්ට ඔයාව අවමංගල්‍යයට අවශ්‍ය වෙයි.
මගේ වාර්තාව හදලා මම පස්සේ යන්නම්.
- මට ඒක අවශ්‍ය නෑ. ඔයාට යන්න පුළුවන්! - නෑ සර්.
ඒක මගේ වැරැද්ද. මමයි වගකිවයුතු.
ඇතුළට එන්න.
මට සමාවෙන්න සර්.
ඒ ඔක්කොම මගේ වරද.
එහෙනම් ජනාධිපතිවරණය කියන්නේ මේකයි.
පියාගේ මරණය ළඟ සිටින්නට නොහැකිවුණු පුතෙකු මගෙන් සමාව ඉල්ලනවා.
ඔයා කිසිම වරදක් කරලා නෑ, ඒජන්ත හන්.
වරද කෙරුව අයෙක් ඉන්නවා.
අපි ආවා සර්.
මෙපමණ දුරකට තමයි මට ඔයාව අරගෙන යන්න පුළුවන්.
ඒකට කමක් නෑ. ස්තූතියි.
ඒජන්ත හන් ටේ ක්යොන්ග්.
ඔයාගේ පියාගේ නැති වු භාණ්ඩ ලැබුණද?
ඔව් සර්.
ඔයාට පුළුවන් නම්, කියන්න පුළුවන්ද තිබුණේ මොනවද කියලා?
ඔහුගේ සෙල් ෆොන් එකයි,පසුම්බියයි කාර් එකේ යතුරයි.
මට යන්න පුළුවන්ද?
ඔව් පුළුවන්.
ඔයාට මාගේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා.
ඔයා හන් කීජූන්ගේ පවුලේ සාමජිකයෙක්ද?
මට ඔයාට උදව් කරන්න පුළුවන්ද?
මම සේජො පොලිස් ස්ථානයේ යූන් බෝ වොන්.
චියොන්ග්ජු සහ සෙඔජොරි අතර 17 වෙනි මහා මාර්ගයේ ඔයාගේ පියාගේ අනතුර සිදුවු ස්ථානය තිබෙන්නේ.
ඔයාගේ පියා එහෙට ගිය හේතුව ඔයා දන්නවද?
නෑ.
වෙන මිතුරෙක් හෝ ඥාතියෙක් එම ප්‍රදේශය තුළ ඉන්නවද?
කවුරුත් නෑ.
ඔහු ළඟක දී ඉඳන් අමුතු විදියකට හැසිරුණාද?
කරදරෙන් හෝ කනස්සල්ලෙන් වගේ?
අනතුර සිදුවීමට කලින් වැඩ නිසා මම කොරියවෙන් පිට හිටියේ.
මට මාසෙකින් විතර මගේ පියාව දකින්න බැරිවුනා.
ඒ වගේම එතැන දී ඔහුව හම්බවුනේ ඇයි කියා මට දැනගන්න ඕන. සතුටුද?
රිය අනතුර පිළිබඳ සිදුවීමේ දී මගේ ප්‍රදේශයේ කණ්ඩායමේ...
අය දැනටමත් නිගමනය කරලා තියෙන්නේ නින්ද යාමෙන් සිදුවූ රිය අනතුරක් කියලයි.
ඔයා කියන්නේ ඒක එහෙම නෙමෙයිද?
සුදුපාට ලියුම් කවරයක් ඔහුගේ භාණ්ඩ අතර තිබුණේ නැද්ද?
ඔයා මොනවා ගැනද කතා කරන්නේ?
ඒක මෙච්චරක් විතර ලොකුයි.
එහෙම දෙයක් තිබුණෙ නෑ.
ඒ ඔහුගේ සෙල් ෆෝන් එකයි පසුම්බියයි කාර් එකේ යතුරයි.
ඇයි ඔයා මෙහෙම කරන්නේ?
මට සමාවෙන්න ඔයාගේ අවමංගල්‍යය අතරතුර කරදර කරන්න වුනාට. ඔයාගේ සහයෝගයට ස්තූතියි.
එතකොට ලබාගත් බඩු ගැන මොකද කියන්නේ?
ඇයි ඔයා මෙහෙට ආවේ?
චියොන්ග්ජුවලට ඔයාගේ පියා කාව හමුවෙන්නද ගියේ කියලා හොයාගත්තොත්...
මට ඇමතුමක් දෙන්න.
ඔවුන් දැනටමත් තීරණය කරලා තියෙන්නේ නින්ද යාමෙන් සිදුවූ රිය අනතුරක් කියලයි.
ඔයාට පුළුවන් නම්, කියන්න පුළුවන්ද තිබුණේ මොනවද කියලා?
මෑතකාලයේ ප්‍රවේශ අයිතමය.
මම ඔහුගේ මුරපදය දන්නේ නැහැ.
ඒ කියන්නේ...
එයට අන්තිමට ප්‍රවේශ වෙලා තිබෙන්නේ...
8:25 ට.
102-815 කොරිඩෝවද?
ඔව්, මම සීසීටීවී වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමට කැමතියි. ප.ව.8:25 න් පටන් ගන්න.
මේ පැයේ රථගාලේ සීසීටීවී වීඩියෝ දර්ශන පරීක්ෂා කරන්න පුළුවන්ද?
2626.
ඔයා අවදියෙන්ද? ඔයා හොඳින්ද?
මම ගිලන් රථයකට කතා කරන්නම්.
හන් ටේ ක්යොන්ග්!
ටේ ක්යොන්ග්!
No comments yet. Be the first to leave one.