Aurangzeb

Aurangzeb (औरन्गज़ेब)

Descargar subtítulo en Sinhala

Información de lanzamiento

Aurangzeb (2013) DVDRip x264 AAC [395MB]
Comentario por SinhalaSUB

Etiquetas

DVD
DVDRip
dvdrip
dvdr
x264
Publicado el: 2013-07-17
Descargas: 37
Para personas con discapacidad auditiva: Yes

Vista previa de los subtítulos en Sinhala

Las primeras 200 líneas.

෴"/හේවා-ලුණුවිලගේ"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

ගුර්ගාවා.

..මගේ තාත්තගේ ගම.

මගේ නගරය.

එහෙදි තමයි, එකතු කිරීමේ (පගාව ගැනීමේ) වෙළදාම, මම පාසලේදී ඉගෙන ගත්තේ.

පාසලේ ඊලග අවුරුද්දට, ශිෂ්‍ය නායකයා හා නිවාස නායකයා තේරීම සිදුවෙමින් තිබුනා.

ඒ දෙන්නගෙන් කෙනෙක් වෙන්නම ඕනේ උනා මට.

අපේ පාසලේ, හැම අවුරුද්දකම ඒ වගේ එකතු කිරීම් (පාගා ගැනීම්) සිදු උනා,

නිදහස් දිනයේදී, ගුරුවරුන්ගේ දිනයේදී,

ඒ වගේම විදුහල්පතිගේ උපන්දිනේටත්.

හැම පොඩි එකෙක්ගෙන්ම රුපියල් දහය ගානේ.

පොඩි උන්, උනේගේ දෙමව්පියන්ගෙන් සල්ලි ගෙනත් දුන්නා.

එකතු කරන්න පුළුවන් ශිෂ්‍යන්ට විතරයි,

ශිෂ්‍ය නායක හා නිවාස නායක තනතුරට ඉල්ලුම් කරන්න පුළුවන්.

ඒ වසරේ, විදුහල්පතිතුමා අපේ පන්තියේ අය රාජකාරියට දැම්මා.

බාලංශේ ඉදන් දහය වසර දක්වා, හැම පොඩි එකෙක්ගෙන්ම රුපියල් දහය ගානේ එකතු කරන්න.

ඒත්, දහය වසරේ පොඩි උන් වගයක්,

හැම වසරේම වගේ සල්ලි නොදී ඉන්න තරමට මුරණ්ඩු වුනා.

ඒත් ඒ අවුරුද්දේ මුරණ්ඩු උන උන් ගුටි කෑවා.

ඊටපස්සේ උන් තව අය අරං ආවා මට ගස්සවන්න.

ඒ සේරම උන් ටිකත් ගුටි කෑවා.

පාසලට පොලිසියෙන් ආවා.

මට විදුහල්පති තුමාගෙන් සමාව ඉල්ලන්න උනා.

ඒත් තණතුර දැනුම් දෙද්දී,

නිවාස නායක තණතුරට 'ආර්ය පොගොට්' ගේ නම ලියලා තිබුනා.

මගේ නම.

ලේ සහ දහඩිය පහලට ගැලුවා,

නමුත් සල්ලි, ඉහලට,

පහලින් සිටින අයට පුළුවන් නම් ඉහලින් ඉන්න අයට ප්‍රවාහය කරන්න,

ඒ අය, "සුදුසු (කඩිසර)" අය විදියට පිළිගැනෙනවා.

'DCP රවිකාන්ත් පොගොට්.'

මගේ මාමා.

එයයි, රාමා නැන්දයි තමයි මාව හදාවඩා ගත්තේ,

එයාලගේ පුතා දේව් සහ එයාලගේ දුව ට්‍රිෂා එක්ක.

ආයුබෝවන් මාමේ.

කොහොමද පුතේ?

ආයුබෝවන් මාමේ. - ආශිර්වාද වේවා දුවේ.

මේ ඇහුනද, ළමයි ටික ආවා.

කොහොමද උබට? - වරදක් නැහැ..

නැනෝ. - ට්‍රිෂා.

ලද්ඩු ටිකක් ගන්න.

ඇතුලෙන් තියා ගන්න? - පොඩ්ඩි..

ප්‍රණාම වේවා නැනෝ. - වැජබේවා.

අනේ, සේරම් අය ඇවිත්ද.

ආයුබෝවන් නැන්දේ.

සතුටින් ඉන්න-

හරි, හැමෝම දැන් "රක්ෂා(සිරිතක්)" බැදගන්න හොදද.

වාඩි වෙන්න, මම අත හෝදන් එන්නම්.

පිටතින් බැලුවම, අපි සේරම සාමාන්‍ය පොලිස් පවුලක උදවිය වගේ පෙනෙන්නේ.

ඒත් අපි, නියම ව්‍යාපාරිකයෝ පවුලක්.

අපි, එකතු කිරීමේ (පාගා ගැනීමේ) ව්‍යාපාරය කරනවා!

මෙහෙ බලන්න, සේරම අය හිනා වෙන්න..හොදයි.

විෂ්ණුට පේන්නේ නැති වෙන්න ට්‍රිශාට දෙන්න.

ආයෙත් හොරාට පොඩ්ඩි ට සල්ලි දෙනවද.

ඔයාගේ නංගි තෝරගත්ත පොලිස්කාරයට,

සල්ලි වලිනුත් පාට පේනවා.

කළුද සුදුද කියලා!

විෂ්ණුට කියන්න විජයි සහෝදරයට උන දේ.

ඊටපස්සේ තේරුම් ගනීවි බල්ලෙක්වත්, අවංක මිනිස්සු ගණන් ගන්නේ නැහැ කියලා.

විෂ්ණු, මාමගේ බෑණා.

එයාට, මාමා මේ එකතුකිරීමේ ව්‍යාපාරය ගැන හුලං පාරක්වත් වදින්න දුන්නේ නැහැ.

මොකද, විෂ්ණු ගොඩක් සත්‍යවාදියි.

එයාව දකිද්දී වෙලාවකට බයත් හිතෙනවා.

එයාගේ තත්ත්වෙත් මගේ තාත්තාගේ වගේ වෙයිද කියලා.

ඔයා යන්න, මම එන්නම්.

හොදයි.

නගරෙට දුරින් ගෙයක් ගත්තේ, සැනසුමෙන් ඉන්න පුළුවන් වෙන්න.

දැන් මේ නගරයම බඩ ගගා ගෙදෙට්ට රිංගලා.

එතැන, ඔයාට කෙනෙක් වෙන්න බැරි වුනු, ඔයාට යමක් කරන්න බැරි වුනු,

ඒ නගරේ ඔයාට දුරින් පේන එකට මැසිවිලි කියන්නේ ඇයි.

උබට සේරම හම්බුනා නේද?

ආර්යා.

මෙච්චර අවුරුදු ගානකට පස්සේ ඒගැන විතරයි ඇහුවේ.

ලෝකෙම ඉන්න පොලිසියේ අයගෙන් වැරදි වැටලීම් සිදු වෙනවා.

නිර්දෝෂී මිනිස්සු මැරෙනවා.

ඔයාගෙන් උනේ එක වැරැද්දයි, ඊටපස්සේ ඔයා මගේ දිහා බලන එකත් නැවැත්තුව.

පොඩ්ඩක් හරි කතා කලත් ඇහුවේ, 'කෑම කෑවද, ඉස්කෝලේ ගියාද' කියල විතරයි?

අද කතා කරන්නද?

ඔයාගේ කැමැත්තක්.

මම මේ දේ ගැන ඔයාට කවදාවත් කියල නැහැ, මොකද,

මොකද, මට ඔයාව කිසිම කරදරේක දාන්න ඕනේ උනේ නැහැ.

ඒක දෙන්නෙකුගේ ජීවිත ගැන ප්‍රශ්නයක්.

ඒ දෙගොල්ලෝ, මගේ විශ්වාසය, මගේ වගකීම.

මොන දෙගොල්ලොද?

එක ගැහැණියක් සහ එක කොල්ලෙක්.

ඔයාගේ ගැහැණිය?

ඔයාගේ පුතා?

ඔව්.

මගුලේ...

අම්මා මැරුණට පස්සේ ඔයා කොච්චර තනි උනාද?

අපි දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා.

එයාලව දැක්කට පස්සේ ඔයාට තව දේවල් දැනගන්න ලැබෙයි.

මට ඕනේ නැහැ ඒ අයව දකින්න.

ලිපිනය දෙන්න.

ඔයාට ඕනේ එයාලට සල්ලි යවන්න නේද?

මම යවන්නම්.

මම මැරුණු විත්තියත් කියන්න.

එයාල ඉන්නේ නනිටාල් වල.

ඒත්, රවී එක්ක හරි වෙන කා එක්ක හරිවත් මේ ගැන කතා කරන්න එපා.

අනික, මම මැරුණට පස්සේ, ඒ අය ඔයාගේ වගකීම.

ඔයාගෙම පවුලේ අය විදියට.

වීරා පොගොට්?

ඒ මම.

මම ආර්යා.

අම්මේ, මම යනවා...

අම්මා, මොකද උනේ අම්මා?

ඔයාගේ තාත්තා.

ආර්යා තමයි ආරංචිය ගෙනාවේ.

ආර්යා?

තාත්තා ඔයා ගැන ගොඩාක් කතා කරා.

මටනම් කිව්වේ, මැරෙන්න ටික දවසකට කලින් ඔයාල දෙන්නා ගැන.

ඔව්.

එයා බය උනා ඔයාට කියන්න.

එයා දැනන් හිටියා, ඔයා මාවයි අම්මවයි බාර ගන්නේ නැහැ කියලා.

සේරම දේවල් දැනගත්තට පස්සෙත් ඔයා එයාට සමාව දුන්නේ නැද්ද?

ආර්යා...

ආර්යා...

මාමා.

හිතා ගන්නවත් බැහැ.

ඒ කිව්වේ?

මගේ සහෝදරයා, විජේ කාන්ත්,

අවුරුදු 25 කට කලින් පොලිසියෙන් නෙරපනු ලැබූ,

වැටලීමකදී, මැරෙන්න ඕනේ මැරයෙක් වෙනුවට

වැරදීමකින් ඒ මැරයාගේ බිරිද සහ අවුරුදු තුනේ ළමයා නැති උනා.

ඒත් අද, ඒ ගැහැණිය සහ ඒ පුතා මගේ ඉස්සරහා ඉන්නවා.

මොනවද කියවන්නේ ඔයා?

මම කියන්නේ ඇත්ත නේද?

මම කිසිදෙයක් දන්නේ නැහැ.

යශ්වර්දන් සින්ග්ව නම් දන්නවා ඇති නේද?'

මොන යශ්වර්දන් සින්ග්ද?

විශාල්, ඇතුලට යන්න.

ඔයාල දෙන්නත් යන්න.

මට ඔයාට කිසිම උත්තරයක් දෙන්න ඕනේ නැහැ.

උත්තර නොදුන්නට කමක් නැහැ, ඒත් අපි දිගටම ප්‍රශ්න කරනවා.

මම කිසිම යශ්වර්දන් සින්ග් කෙනෙක්ව දන්නේ නැහැ.

කවුද මේ යශ්වර්දන් හාහ්?

උබේ ඇත්තම තාත්තා.

එක සහෝදරයෙකුත් ඉන්නවා, නිවුන්නු.

මේ...

මේ මොනවද අම්මේ?

අම්මේ, මොනවහරි කියන්න.

යශ්වර්දන් සින්ග් කියන්නේ දිල්ලි, UP(උත්තර් ප්‍රදේශ්), හරියානා..

යන ප්‍රාන්ත තුනේ ලොකුම මැරයා.

මම එයාව බදිද්දී, මම එයා ගැන කිසි දෙයක් දැනන් උන්නේ නැහැ.

දැනගත්තට පස්සේ,

දරුවෝ දෙන්නෙක් උන්නා.

අජයි

සහ විශාල්.

ඉන්ස්පෙක්ටර් විජේකාන්ත්, ඒ වෙද්දී යශ්වර්දන්ට විරුද්ධව සාක්ෂි හොයමින් උන්නේ.

මට ඒ කසාදෙන්, ඒ ගෙදරින් යන්න ඕනේ උනා.

ඒ නිසා මම, එයාගේ ඔත්තුකාරයෙක් උනා

යශ්වර්දන්ව කවුද හම්බෙන්නේ, කවුද එන්නේ.. යශ්වර්දන් ගෙදරින් පිට වෙන්නේ කීයටද..

මම ඔත්තු දෙමින් හිටියා

ඔය විදියට කාලය ගත උනා.

ඒත් සාක්ෂි හොයාගන්න බැරි උන නිසා, නඩුව කරන්න බැරි උනා.

හරියටම, ඔයාගේ වැටලීමක් උනේ නැහැ වගේ.

ඒ නඩුව උනේ නැහැ.

ඒත්, මගෙයි විජයි අතරයි සම්බන්දයක් ඇති උනා එකට වැඩ කරද්දී,

ඒත්, එක දරුවෙක් විතරක් ගෙනාවේ ඇයි?

මට මගේ පුතාට කියන්න ඕන වෙලා තිබ්බ දේ, කිව්වා

ඔයාට තව මොනවත් අහන්න ඕනේ නම්,

වරෙන්තුවක් ගෙනත්, අත්අඩංගුවට ගන්න!

එහෙම බැරිනම්, ආයුබෝවන්.

මට එක දෙයක් තේරුනේ නැහැ,

එයා පොලිසියෙන් අයින් කළා, ඔයාල දෙන්නා නිසා.

එයා මාධ්‍යය, දෙපාර්තමේන්තුව ඇතුලේ නින්දා, අවනම්බු වින්දා,

ඒත්, නිහඬව හිටියා.

එයාට ඕනේ උනා නම් ඕනෑම කෙනෙක් වෙන්න තිබ්බා දෙපාර්තමේන්තුවේ.

එයා නිතරම කිව්වා, තමන්ගේ අයගේ වටිනාකම සිහිනයට වඩා වැඩියි කියලා

ඇත්තට?

මම අද වෙනකම් හිතන් උන්නේ, එයා මගේ වටිනාකම තේරුම්ගත්තේ නැහැ කියල.

අද දැනගත්තා, එයා මාව තමන්ගේ කියලවත් හිතලා නැහැ කියලා.

මගේ සහෝදරයට කිසිම නඩුවක් යශ්වර්දන්ට විරුද්දව දාන්න බැරි උනා.

අද යශ්වර්දන්, විශාල බූදලයක් හිමිව,

නීති විරෝධිව වැඩ කරනවා.

එයාට විරුද්දව සාක්ෂි පොලිසිය සතුව එදා තිබුනෙත් නැහැ, අදත් නැහැ.

යශ්වර්දන් අත්අඩංගුවට පත් උනොත්,

ඔයාල දෙන්නව ලෝකයා ඉස්සරහට ගෙන ආවොත්,

ඔව්, අගේ සහෝදරයාගේ නැති උන නාමය නැවත ගන්න පුළුවන්.

ඒත්, දැන් කොහොමද යශ්වර්දන්ව හිරේ අරින්නේ?

'Aurangzeb (ඔරන්ග්සෙබ්) කියන නම අහල තියේද?'

මූගල් අධිරාජ්‍යයා?

යශ්වර්දන්ගේ කල්ලියේ එක "ඔරන්ග්සෙබ්"කෙනෙක් ඉන්නවා නම්,

එයාටයි පුළුවන්, රජාව අල්ලාගෙන, අනිත් අයව මරලා කිරුල හිමි කරගන්න?

ඒ කියන්නේ, අජේ?

අජේ වෙනුවට විශාල්.

ගමේ සේරම ඉඩම් විකිනුනාම,

සේරම ෆාර්ම් එකේ ජරාවල් අරන් නගරෙට එනවා.

මම මුලින්ම කලේ ෆර්ම් එක විකුනපු එක.

සල්ලි හම්බ කළා, කිසිම තත්ත්වයක් නැහැ.

රියදුරාට යන්න දීපන්, කාලකන්නියෝ.

මේ දුප්පත් අසරණයව නම් කොහොමත් අතාරිනවා,

ඒත්, මම බොට මොනවා කරයිද කියලා උබ හිතුවද?

උබේ ඔලුව ඇතුලේ ජනේලයක් හදන්නද

ඒකෙන් හුලං ආවාම, මොලේ හීතල වෙයි.

මගේ තාත්තා කියනවා, මම මහා මොට්ටයෙක් කියලා.

තියහන්, තියල බලපන්. උන්ඩේ එලියට එනවද, නැත්නම් ආපසු එතන තියෙනවද කියලා.

තියහන්, තියහන්, තියහන්.

තෝ, පර බල්ලා

මේ දේපළ ගනුදෙනුකරන්නා අපිටයි වැඩ කරන්නේ.

Aurangzeb subtitles in other languages

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left