The Batman

The Batman

Stáhnout Sinhala titulky

Informace o verzi

The Batman 2022 1080p 10bit BluRay 8CH x265 HEVC-PSA
The Batman 2022 720p 10bit BluRay 6CH x265 HEVC-PSA
The Batman 2022 BluRay 1080p TrueHD Atmos 7 1 AVC REMUX-FraMeSToR
Komentář od LightGrey
Synced for 1080p 10bit BluRay x265 PSA | හසන්ත වික්‍රමරත්න @ බයිස්කෝප් සිංහලෙන්.

Tagy

BluRay
720p
720
x265
HEVC
1080
HD
REMUX
Zveřejněno: 2022-05-18
Stažení: 203
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

හේ!

...අඳුරු සහ කුණාටු සහිත හැලෝවීනයක්.

සුබ සන්ධ්‍යාවක් සහ සාදරයෙන් පිළිගන්නවා GC-1 සජීවී රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශයට.

අද රාත්‍රියේ අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති වන්නේ...

දැනට ධූරය දරණ නගරාධිපති දොන් මිචෙල් ජූනියර් සහ..

28 වියැති පහලම මට්ටමට සිටින බෙලා රියල් අතර නිකුත්වූ දත්ත වාර්තා අනූව කරට කර සටනක් පවතිනවා.

ඊයේ රාත්‍රියේ පැවති ඔවුනගේ අවසන් විවාදයෙන් පසු ඊළඟ අඟහරුවාදා පවත්වන්නට නියමිත ඡන්දයේ උණුසුම තවත් වැඩි වූවා.

දැන් මේ මගේ තරුණ විරුද්ධවාදිනියට අවශ්‍ය වී තිබෙනවා ගෝතම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මුලිනුපුටා දමන්න...

ශ්‍රේෂ්ඨ තෝමස් වෙයින් විසින් නිර්මාණය කරනු ලැබූ..

සාගර බාධක බැම්ම වැනි අත්‍යවශ්‍යම කරන වැඩසටහන් වල අරමුදල් කපා හැරීමෙන්...

සහ එවැන්නකින් ආරක්ෂාව අවශ්‍ය වන අයට එය නොලැබී යනවා.

ප්‍රතිසංස්කරණ වැඩසටහන වැඩක් නැහැ. මේ නගරය අවුරුදු 20ක් තිස්සේ ප්‍රතිසංස්කරණය වෙනවා.

බලන්න ඒ නිසා අද අපි කොහෙද ඉන්නේ කියල. අපරාධ අහස උසට.

- මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉතිහාසේ තිබුනටත් වඩා වැඩියි. - දැන් ඔහොම ඉන්න ටිකක්.

අපේ පාරවල් වල මුහුණු ආවරණ දාගත්ත නීතියට පිටින් වැඩ කරන සමාජ ආරක්ෂකයෙක් ඉන්නවා.

මගේ පාලනය යටතේ...

ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ලොකු බලපෑමක් කරලා තියෙනවා.

සැල්වතෝර් මැරෝනි නඩුව තමයි ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම මේ නගර ඉතිහාසයේ.

ඒත් අනෙකුත් මත්ද්‍රව්‍ය තවමත් මැඩපවත්වා ගත නොහැකිවෙලා තියෙනවා. දැන් තත්වය තවත් නරක අතට හැරිලා.

මම කියන්නේ නැහැ කරන්න කිසිම දෙයක් නැහැ කියල.

ඒත් අහන්න, මටත් ලස්සන බිරිඳක් සහ පොඩි පුතෙක් ඉන්නවා, හරිද? මම කිසිම විවේකයක් ගන්නේ නැහැ...

හේ.

ඔව්, මම දැන් ඒක බලනගමන් ඉන්නේ.

ඇයි තාමත් එයා කරට කර ඉන්නේ?

ඒත් මම හිතුවේ අපිට අලුත් දත්ත වාර්තා වලින් වාසියක් ලැබෙන්න ඇති කියල.

හරි, දන්නවද දෙයක්? මට තවත් මේක බලන්න බැහැ.

මට උදේට කෝල් එකක් දෙන්න හොඳද?

...තවමත් මේ නගරයට දේවල් කලහැකි බව විශ්වාස කරන කෙනා.

අපිට නායකයෙක් ඕන, මිචෙල් මහත්තයා නැතුව නැටුම් කන්ඩායම් නායකයෙක් නෙමේ.

සහ මිනිස්සුන්ට ඇත්ත කියන කෙනෙක්.

ඔක්තෝබර් 31 වෙනි බ්‍රහස්පතින්දා.

නගරයේ පාරවල් නිවාඩුවත් සමඟ ජනතාවගෙන් පිරි ගොස්.

වර්ෂාවත් තිබෙද්දිත් පවා.

අවුල්ජාලා තුල සැඟවී සිටීම තමයි...

සර්පයෙක් ලෙස සැඟවී සිට පහරදීමේ ගුණාංගය.

ඒත් මමත් මෙහි සිටිනවා.

ඒ දෙස බලාගෙන.

වසර දෙකක රාත්‍රීන් පුරාවට මාව නිශාචර සත්වයෙක් බවට පත්කර තිබෙනවා.

මම මගේ ඉලක්කයන් ප්‍රවේශමෙන් තෝරාගත යුතු වෙනවා.

- කෝ වරෙන්! දීපන් මට සල්ලි! - හරි.

- ඉක්මන් කරපන්! - හරි, හරි!

මේක විශාල නගරයක්.

මට හැම තැනකම ඉන්නත් බැහැ.

ඒත් උන් දන්නේ නැහැ මම ඉන්නේ කොහෙද කියල.

බලපන්කො මූ දිහා.

බූම්!

නියමයි බන්! අන්නේකයි මාත් කියන්නේ!

යෝ, බලමු උඹේ වැඩ.

මෙයා උඹේ.

අපිට දැන් සංඥාවක් තියෙනවා. මාව අවශ්‍ය වූ විටදී.

ඒත් ඒ ආලෝකය අහසට වැදුනම...

එය ඇමතුමක් විතරක් නොවේ.

එය අනතුරු ඇඟවීමක්.

ඔවුන්ට.

බිය...

කියන්නේ ආයුධයක්.

උඹේ මොලේ විකාර වෙලාද? යන්නේ කොහෙද බලාගෙන පලයන්, පිස්සෝ!

උන් හිතන්නේ මම සෙවනැළි අතර සැඟවිලා ඉන්නේ කියල.

ඒත් මම තමයි සෙවනැළි.

යමං, යමං.

- හේ, ගහපන් බන්, යමං! - අල්ලපන් ඌව!

- මොකද්ද බන්! - මොනවද උඹ කරන්නේ?

උදවු!

කවුරුහරි මට උදවු කරන්න!

උදවු, උදවු!

කොහෙද උඹ යන්නේ ආහ්හ්?

- යමං - වරෙන්, බන්. ඇනලා දාපන්!

උඹට දැන් හෙල්ලෙන්න බෑ නේද?

දැන් ගහපං මූට වැටෙන්නම.

දැන් තමා වැඩ පෙන්නන වෙලාව, බන්.

වරෙන් බන්.

වරෙන්, ඒක කරපන් බන්.

උඹ දැක්කද මූව?

දැන් උඹ මොකාද?

මම තමයි වෙන්ජීන්ස් (පළිය).

මල මගුලයි, මේ ඌ.

ඒයි බන්, එපා, එපා, එපා!

අනේ මට මොකුත් කරන්න එපා.

පොලිස් මෙහෙයුමක්.

එයා මගෙත් එක්ක ආවේ, නිලධාරිතුමා.

ඔයා මගෙත් එක්ක විහිලු කරනවද, සර්?

ඔයා එයාට ඇතුල් වෙන්න දෙනවද?

මාර්ටිනේස්, එයාට ඇතුල්වෙන්න දෙන්න.

පිස්සු යකෙක්.

අපි මොනවද දන්නේ?

පරීක්ෂකතුමා?

සමාවෙන්න, ලුතිනන්.

හිසට දැඩි පාරක් වැදිලා තියෙනවා. ඔලුවේ විවරයක් තියෙනවා.

එයාට සැහෙන්න පාරක් වැදිලා තියෙනවා. හයියෙන්.

මේ ලේ ඔක්කොම ඔලුවෙන් ආව එව්වද?

නැහැ.

සමාවෙන්න.

ගොඩක් එව්වා එයාගේ අතෙන් ආව ඒවා.

මහපට ඇඟිල්ල කපක්ලා දාලා.

මිනි මරුවා සමරුවක් විදිහට අරගෙන යන්න ඇති.

කපලා අයින් කරනකොට එයා පණපිටින් ඉඳලා.

ලේ ගැලීම නිසා හම දුර්වර්ණ වෙලා...

තුවාලය වටේ.

පහල ඉන්න ආරක්ෂක අංශ කිව්වේ එයාගේ පවුලේ අය ට්‍රික් ඕ ට්‍රීට් කරන්න ගිහින් කියල.

නගරාධිපතිතුමා මෙතන තනියමම ඉඳලා.

මිනීමරුවා වහල කවුළුවෙන් එන්න ඇත්තේ.

කාඩ් එකක් තිබ්බ කිව්වා නේද.

ඔව්.

"ඔබගේ රහසිගත මිතුරාගෙන්. කවුද?

"අදහසක් වත් නැද්ද?

"අපි සෙල්ලමක් කරමු. ඔයයි මමයි විතරක්.

"බොරුකාරයෙක් මැරුණම මොකද කරන්නේ?"

රහස් කේතයකුත් තිබුනා.

මේ දේවල් වලින් ඔයාට මොකුත් තේරෙනවද?

මෙතන මොකද වෙන්නේ?

මම එයාට එන්න කිව්වේ, පීට්.

මේක අපරාධ ස්ථානයක්.

මේ නගරාධිපති, දෙයියන්ගේ නාමෙට!

පහල මාධ්‍ය වලින් ඇවිල්ලා ඉන්නවා.

දන්නවනේ, මම තමුන්ට සැහෙන්න හොඳින් සලකල තියෙනවා, ජිම්, මොකද අපි දෙන්නගේ ඉතිහාසයක් තියෙනවා.

ඒත් මේක සීමාවෙන් සැහෙන්න පැනලා තියෙන්නේ.

ඉන්න.

- එයත් මේකට සමබන්ධ වෙලාද? - නැහැ එයාගේ සම්බන්ධයක් නැහැ.

තමුන් කොහොමද දන්නේ?

මිනිහා නීතියට විරුද්ධව සමාජය ආරක්ෂා කරන එකෙක්! එයා සැක කාරයෙක් වෙන්නත් පුළුවන්!

මොනවද මේ මට කරන්නේ? අපි හවුල්කාරයෝ වෙලත් හිටියා.

මම හදන්නේ මේකට සම්බන්ධයක් හොයාගන්න, පීට්.

ඔහු නිසොල්මනේ ඉන්නවා. (ඔහු තවමත් බොරු කියනවා)

සමාවෙන්න?

තේරෙවිල්ල.

බොරු කාරයෙක් මැරුණට පස්සේ මොකද කරන්නේ? ඔහු නිසොල්මනේ ඉන්නවා.

දෙයියනේ.

මේක වෙන්න ඕන තමුන්ගේ ආසම රාත්‍රිය එහෙම නේද යාළුවා?

සතුටුදායක හැලොවින් එකක් වේවා.

සමාවෙන්න, කොමසාරිස්තුමා.

එයාල ඔබේ ප්‍රකාශය දෙනකන් බලන් ඉන්නවා.

මෙයාව මෙහෙන් අයින් කරවන්න.

දැන්ම!

එන්න.

ඔව්.

ළමයා තමයි එයාව හොයාගත්තේ.

ඔයා එනකොට වෙන කවුරුහරි ගේ ඇතුලේ හිටියද?

අපි ඇත්තටම යන්න ඕනේ දැන්.

අද රාත්‍රියේ පුතෙක්ට තාත්තෙක් නැති උනා.

බිරිඳකට සැමියෙක් නැති උනා.

මට මිත්‍රයෙක් නැති උනා.

නගරාධිපති මිචෙල් නගරයේ සටන්කාමියෙක්...

ඒ මිනීමරුවා හොයාගන්න තෙක් මම කිසි විවේකයක් අරගන්නේ නැහැ.

මේක කිසිම හිත්පිත් නැති අපරාධයක්...

අපි අපට ලැබුන සෑම තොරතුරක් පස්සෙම විමර්ශනය කරනවා...

නේ අපරාධකරුවා සොයාගෙන අල්ලගන්න.

මම ආණ්ඩුකාරවරයාට කතා කෙරුවා...

මට වෙනසක් කරන්න පුළුවන් කියල මට කියන්න පුළුවන් උනා නම් හොඳයි...

ඒත් මම දන්නේ නැහැ.

මිනීමැරුම්, කොල්ලකෑම්, පහරදීම්.

අවුරුදු දෙකකට පස්සේ ඒ හැම දෙයක්ම වැඩිවෙලා.

දැන් මේක.

මේ නගරය නගරය විසින්ම ගිලගන්නවා.

එක්කෝ මේක බේරගන්න බැරි මට්ටමක තියෙන්නේ.

ඒත් මම උත්සහ කරන්න ඕන.

මගේ උපරිමෙන්.

මේ රාත්‍රීන් සියල්ලක්ම වේගයෙන් ගෙවීගෙන යනවා...

මුහුණු ආවරණයක් පිටුපස හිඳිමින්.

සමහර උදෑසන වල...

මම මටම මතක් කරගන්නවා...

ඒ සිද්ධ උන හැම දෙයක්ම.

අදහාගත නොහැකි අන්දමේ හදිසි ප්‍රවෘත්තියක් මේ දැන් වාර්තා වෙනවා.

නැවත සිව් වරක් බලයේ සිටි ගෝතම් නගරාධිපති ඩොන් මිචෙක් ජූනියර්...

ක්‍රෙස්ට් හිල් දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ නිවාස තුලදීම ඊයේ රාත්‍රියේ මරාදමා තිබී හමුවී තිබෙනවා.

අපරාධය සම්බන්ධ නියම තොරතුරු මෙතෙක් නිකුත් කොට නැහැ...

නමුත් නගරයම ආවරණය වන පරිදි මෙහයුමක් ක්‍රියාත්මක වෙනවා...

පොලිසිය සහ FBI ඒකාබද්ධව මෙම කෘර මිනීමරුවා සොයා.

නියතවම මෙය පළමු වතාව නොවේ...

ගෝතම් නගරය දේශපාලනික චරිතයක් මරා දැමීම නිසා සෙලවී ගොස් තිබෙනවා.

ඇත්තටම කීවොත්, භයානක මීට සමානම සිද්ධියක්, එනම් මීට වසර 20 කට කලින් සිදුවූ

මේ සතිය තුල අනුස්මරණය කරනු ලබනවා, ඩොක්ටර් තෝමස් වෙයින් සහ ඔහුගේ බිරිඳ මාර්තා...

මරාදමනු ලැබුවා වෙයින් නගරාධිපති ඡන්ද ව්‍යාපාරය අතර තුරදී.

අද වන තෙක්ම නොවිසඳුණු ඒ අපරාධය කම්පා කරවන සුළු එකක්.

ඩොන් මිචෙල්ගේ දේශපාලනික ජීවිතය...

විශේෂයෙන් ඉස්මතු වෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය වලට එරෙහි කල යුද්ධය..

ඔහු සහ නගරයේ පොලිසිය ප්‍රධාන මෙහෙයුමක් දියත් කරනු ලැබුවා...

ඒ හරහා භයානක අපරාධ කල්ලි නායකයෙක් වල සැල්වතෝර් මැරෝනි අත්අඩංගුවට ගනු ලැබුවා...

එය ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතෙක් කල ලොකුම වැටලීම ලෙසින් හඳුන්වනු ලබනවා.

මම හිතනවා ඔයාට මේ ගැන අහන්න ලැබෙන්න ඇති කියල?

ඔව්.

මට තේරෙනවා.

මේ ලේ සේරම එයාගේ ඔළුවෙන් ආව එව්වද?

දෙයියනේ.

රහස් කේතයකුත් තිබුනා.

ඔයාට මේවගෙන් මොකුත් තේරෙනවද?

මිනීමරුවා මේක බැට්මෑන්ට තියල ගිහින්ද?

මමයි එයාට එන්න කිව්වේ, පීට්.

පෙනෙන විදිහට.

ඔයා දැන් ප්‍රසිද්ධ චරිතයක් වෙමින් තියෙන්නේ.

ඇයි එයා ඔයාට ලියන්නේ?

මේ මිචෙල්, දෙයියන්ගේ නාමෙට!

මම දන්නේ නැහැ තාම.

මට පහල මාධ්‍ය සාකච්චාවක් තියෙනවා.

ටිකක් නාගන්න.

අපේ වෙයින් එන්ටර්ප්‍රයිසස් එකේ ගිණුම්කරණ යාලුවෝ ටික උදේ කෑමට එනවා.

මෙහෙ? ඇයි?

- ඔයාව එහෙට එක්කගෙන යන්න බැරි නිසා. - මට මේවට වෙලාව නැහැ.

මේක දැන් බැරෑරුම් වේගෙන එන්නේ බෘස්.

මේක දිගටම සිද්ධ වෙනවා නම්, ඔයාට කිසි දෙයක් ඉතුරු නොවෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

මට ඒකට කමක් නැහැ.

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left