Attack the Block

Attack the Block

Stáhnout Sinhala titulky

Informace o verzi

attack the block-done
Komentář od astronaut

Tagy

other
Zveřejněno: 2025-07-21
Stažení: 59
Pro sluchově postižené: No

Náhled titulků v jazyce Sinhala

Prvních 200 řádků.

෴"සොහාන් ජයසූරිය"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

හායි අම්මේ

සමාවෙන්න අම්මේ මට ළඟදී කතා කරන්න බැරි වුණා.වෙලාවක් තිබුණේ නෑ..

නෑ අම්මේ, මම මේ ආපහු ගෙදර යන ගමන්.

ළමයි ගිනිකෙලි පත්තු කරනවා හැමතැනම..

කොහොමද අම්මෙ තාත්ත හොඳින්ද?..

ලබන සතිඅන්තේ මොකද කරන්නේ?..

මම දැන් ගෙදර යනවා.

මම ඔයාට ඉරිදා කතා කරන්නම්, අපි එදාට කරන්න දෙයක් කතා කරගමු..

මම තියන්නම් අම්මේ...

හරි, බායි..

යන්න කොල්ලනේ.

ඒයි, එයාව වට කරන්න.

ෂික්...මල මගුලයි..

දීපං මෙහාට ෆෝන් එක, දීපං ඕක, දීපං!

සල්ලි, පර්ස් එක. ගනින් මෙහාට ඔක්කොම, දීපං මට.

පැනල යන්න හදන්න එපා..

අනේ කරුණාකරලා මට කරදර කරන්න එපා..

- දීපං මට ඒ මුද්ද - ඒක වටින එකක් නෙමෙයි...

කට වහගෙන මම කියන දේ කරපං.මැරුම් කන්නද ඕනි?..

- මෝඩ කෙල්ල... - මගෙන් ඈත්වෙලා හිටපං!

- ආහ්!.. - ඕයි, මොකද මේ?

- තමුසේ දඟලනවා වැඩියි.. - ඉක්මන් කරනවා කවුරු හරි එන්න කලින්.

ටිකක් ඉන්නව දෙනකං.

මේක ගන්න..

දෙයියනේ අර බලනවා, අර මොකක්ද?..

හෙණ ගහපං!

- ඒයි අන්න අරකී පැනලා යනවා'.. - ඒකි අපිව අල්ලලා දෙයි'..

- යන්න දීපං.. - කවුරු හරි තකතීරුවෙක් අපිට බෝම්බයක් ගැහුවා.

- නෑ මචං ඒක මොකක්හරි ගිනිකෙළියක්.. - ලොකු මල්වෙඩිල්ලක් වගේ එකක්.

මොකක් වුණත් කමක් නෑ.. දැන් අපිට පුලුවන් කාර් එකත් සුද්ද කරන්න.

අපොයි..!

කෙළා..මොන මගුලක්ද ඒ??...

මොන යක්ෂයෙක්ද ඒ?..

ඌ හරියට ඔරංඋටං කෙනෙක් වගේ.. ඇත්තටම මම දැක්කෙ ඒ වගේ.

ඒයි, ඌ එකපාරටම පැනලා ගියා.. ඌ හරියට අර ගෙවල යකා ඩොබී වගේ.

මෝසස්ව ගෙවල යකෙක් කන්න හැදුවා..හහ් හහ් හ...

මම උගෙ පස්සෙන් යනවා.මම ඕකව ඉවර කරනවා..

බලනවා මම ඒක කරන හැටි

- ඔන්න බලනවා.. - මම ඕකව උස්සලා පොළවේ ගහනවා.

- මේක නම් නියම වැඩක් වේවි.. - වට දෙකයි.එක්කො ඌ, නැත්නම් අපි.

මේක සෙල්ලම් කරන වෙලාව.

මම ගෙනාව මගේ ආයුධත්..

බයිලා ගහන්න වෙලාවක් නෑ මිනිහෝ. මම හොයාගන්නවා මූ මොකාද කියලා!..

ඔයා ඌව මස් කරන්නද යන්නෙ මෝසස්?

- නෑ පෙස්ට්, අපි උගෙන් සොසේජස් හදමුද? - නියමයි..

නෑ අපි ජෑම් හදමු..

ඌ මගේ..

ඒයි මෙහෙ එනවා, මෙහෙ එනවා!

- අපෝ මූ මාර ගඳයිනේ... - මචෝ අපි කොහොමහරි ඌව ඇල්ලුවා..

- ඕයි., මොකෙක්ද ඒ? - මම කොහොමද දන්නේ?මූ හරියට...

මම උඹලට කිව්වා..මූ අමුතු විදියෙ සතෙක්. හරියට වඳුරෙක් වගේ.

මූව වැටුණෙ අහසින්. ඔයා කියන්න හදන්නෙ වඳුරෝ වැස්සක් වහින්න හදනව කියලද?

මූ වඳුරෙක් නම් නෙමෙයි. වඳුරො මෙච්චර දරුණු නෑ..

මූ මොකෙක්ද කියල මම දන්නෑ. මොනව වුණත් මූ මහ අවලමෙක්.

- මම මූ මොකෙක්ද කියල කියන්නෑ, - ඔයා දන්නවද මූ මොකෙක්ද කියල?

මම දන්නව මූ මොකෙක්ද කියල.. විශ්වාස කරන්න මචෝ, මූ පිටසක්වළ ජීවියෙක්.

මූ ඇවිත් තියෙන්නෙ වෙනත් ග්‍රහලෝකෙකින්, අපේ පෘථිවිය ආක්‍රමණය කරන්න..

ඒත් ඌ ගොඩබැස්සෙ වැරදි තැනකට.

වැරදි..තැනට.!

- උඹව ලන්ඩන් වලට පිළිගන්නවා. - උඹව පිළිගන්නව උඹේ අවසානෙට.

මේක අපේ ඒරියා එක, මේක කාටවත්ම නැති කරන්න දෙන්නෙ නෑ.එහෙම නේද මචංලා?..

බී.එල්.ඕ.සී.කේ..(block: -මෙහි අදහස "අපේ ප්‍රදේශය" යන්නයි.එනම් මෙම ළමුන් ජීවත් වෙන තට්ටු නිවාස සංකීර්ණයයි..)

බ්රිප්,..බ්රිප්,..බ්රිප්,..බ්රිප්,..(ජයඝෝෂා කිරීමට නගන හඬකි)

- ඔයා හොඳින්ද ළමයෝ?.. - නෑ ඇත්තෙන්ම නෑ.

- ඔයා මෙහෙද ජීවත් වෙන්නේ? - ඔව්..

- එන්න මාත් එක්ක.මම ඔයාව ‍ගෙදරට ඇරලවන්නම්. - අනේ,..ස්තූතියි..

එන්න අපි යමු...

අනේ අහිංසක ගෑණුළමයා... ඔයා හරියට අවතාරයක් දැක්ක වගේ සුදුමැලි වෙලා..

ඔයා මුහුණ දීලා තියෙන්නෙ ගොඩක් අප්‍රසන්න සිදුවීමකට දරුවෝ..

- ඔයාට හොඳටම විශ්වාසද ඔයාට උණු තේ කෝප්පයක් එපා කියලා?.. - නෑ, එපා ස්තූතියි.මට වතුර එකක් දෙන්න..

ඉලව් ගිනිකෙළි..

මම හිතනවා උන් ඔය ගිනිකෙළි නැවැත්තුවොත් හොඳයි කියලා.

3 වැනි ලෝක යුද්ධයක් එළියෙ සිද්ධවෙනව කිව්වොත් ඔයාට ඒකෙ වෙනසක් දකින්න බෑ...

පොලීසියෙන් මොකද කිව්වෙ මේ ගැන?

අද අවුරුද්දෙ කාර්යබහුලම රාත්‍රියක් නිසා, උන්ව අල්ලන්න ටිකක් අමාරු වෙයි කිව්වා.

උන් ළමයි නෙමෙයි නම් විතරක්, අත්අඩංගුවට ගනී.

ඒත් පිහි, ලොකු බල්ලො අරගෙන රස්තියාදු ගහන උන්ට ළමයි කියන්න බෑ.

මගෙ ප්‍රංශ භාෂාව නම් ටිකක් අවුල් තමයි, ඒත් ඇත්තටම උන් මහ අපතයො ටිකක් නේද?

ඔව් උන් නම් අපතයොම තමයි..

- මූ ඇටකටු ගොඩක් විතරයි. - ඔයා මුකුත් හොයාගත්තද?

මීට වඩා හොඳයි සල්ලි දීලා කුකුලෙක් ගත්ත නම්.. අපිට කන්නවත් තිබුණා.

ඒක නම් කුජීතයි..

මෝසස්, අපි දැන් මේකව කොහෙද අරන් යන්නෙ?

රොන් ළඟට..එයා "නැෂනල් ජියොග්‍රැෆික්" (National Geographic) නාලිකාව බලන හින්ද මේව දන්නවා.

එයාට සත්තු ගැන දැනුමක් තියෙනවා.

ගංජා වවන ගමන් ස්වභාවික පරිසරය ගැන ඉගෙනගන්නවා.

එයා අනිවා මූව අඳුරගනී. මම එයාට කතා කරන්නම්.

මේක නම් මහ පිස්සුවක්, බ්‍රික්ස්ටන් පාරේ රාක්ෂයෙක්.

අපි ඌව අල්ලගත්තා.

නෑ අම්මෙ මම ෆුට්බෝල් ගහනවා.

ඔව් මම පීසා එකක් කෑවා, ඔයා මට සල්ලි දුන්නනේ..

මම හිතන්නේ, ඌ තාම කවුරුවත් හොයාගෙන නැති විදියෙ සතෙක්.

ඔව්, අමුතුම ජාතියෙ සතෙක්.

ඔව් අම්මෙ මම දන්නවා.රෑ දහයට කලින්, ඔව් දිවුරනවා, මම දහයට කලින් ගෙදර එනවා.

අයියෝ අපි කොල්ලකාලා තියෙන්නෙ නර්ස් කෙනෙක්ව. උන්ට හරියට පඩි ගෙවන්නෙවත් නෑ..

අඩෝ මෝසස්, ඇයි තමුසෙ දුප්පත් මිනිස්සුන්වම කොල්ලකන්නේ?

ඒයි අපි යමු මචෝ..

වාව්..අර‍ මොකෙක්ද?...

- මෝසස්, මොකද ඔයාගෙ මූණ තුවාල ‍වෙලා? - අහසින් වැටුණු පිටසක්වල ජීවියෙක් එක්ක සටන් කරලා.

- ෂා...නියම බොරුව. - ඒයියා..මොකක්ද ඒ?

සමාවෙන්න, මට නම් ඒක දිහා බලන්න අප්පිරියයි..

- හැලොවීන් තිබුණෙත් ගිය සතියෙ.. - මේක නම් ඇත්ත එකක් වෙන්න බෑ, මෙයාල හදපු එකක්.

- ආ බොරු නම් අල්ලල බලනවා, - ඕක මගේ මූණට ඈතින් තියාගන්නවා.

නැත්නම් මම දන්නව කරන්න ඕනි දේ.

- ඕක අහකට ගන්න. - නැත්නම් අපිට හැදෙන ලෙඩේ හොයාගන්න බැරිවෙයි.

මට "ක්ලැමීඩියා" හදාගන්න ඕනි නෑ.

ඉතින් ඔයා මට කියන්නෙ මේක වැටුණෙ අහසින් කියලද?

- ඔව්. - එතකොට මූ ඔයාගෙ මූණත් තුවාල කළා?..

- ඔව්. - ඉතින් ඔයා මූව මැරුවා?..

ඔව්.

ඒක මහ කැත වැඩක් මෝසස්..

කෙළා..මූ තාම පණ පිටින්.

- ටියා උඹේ ළඟටම ආවා මෝසස්. - ඒකි බලන් හිටියෙ උඹේ.......හහ් හහ්.

අඩෝ උඹල ඔහොම කතා කරන්නෙ මගේ ඥාති සහෝදරියට..

- ඒයි මිනිහෝ, - ඒයි මේ බලනව මම පනින හැටි.

පිස්සු නැතුව බැහැපන් මිනිහෝ.

- ෂුවර් මට ඒක කරන්න පුලුවන්. - හම්ටි-ඩම්ටි වගේ.

අපිට උඹේ කෑලි අහුලන්න බෑ බිග්ස්, මෙහෙ වරෙන්..

- ඕයි මම දිවුරනවා කවදහරි ඒක කරනව කියලා. - ඔව් ඔව් උඹට අනිවා පුලුවන් වෙයි..

- ඕයි ගැවින් මොනවද පුච්චන්නේ? - මගේ නම ගැවින් නෙමෙයි.

මම මේහැම්..මෙයා ප්‍රොබ්ස්.

ප්‍රොබ්ස්..මේහැම්..ඇත්තට?...

- අඩෝ...ඒ මොකෙක්ද? - ඒක උඹට අදාළ දෙයක් නෙමෙයි.

ඒක නම් පට්ටයි..

උඹල කොහෙද යන්නේ?.. අපිත් එනවා.

ඔව් මෝසස්, අපිටත් ඕනි උඹලට එකතු වෙන්න. අපිත් එළ කොල්ලො තමයි..

පලයල්ල බන් යන්න,.මේක ලොකු මිනිස්සුන්ගෙ වැඩක්, උඹල මේකට පොඩි වැඩියි..

ඔව්, බලපන් තාම උඹේ එක රැවුල් ගහක්වත් නෑ..

අනේ පලයන් ගිහින් කිරි බීල වරෙන්.

හෙලෝ තාත්තේ..

ඔව් මම ෆිල්ම් හෝල් එකට යන ගමන්.

පොරොන්දු වෙනව තාත්තෙ, මම උදේට කාර් එක ගෙනත් පාක් කරන්නම්.

හරි තාත්තේ, මම යනව බායි බායි..

ඊළඟට යන්න ඉන්නෙ මම. ඔයාල පස්සෙ එන්න..

මම....මම...මම ඊළඟ එකේ එන්නම්.

ඉක්මනට උඩට යන්න පුළුවන් එකම විදිහ.

ඔයාට මතකද එයාල ඇඳගෙන හිටියෙ මොනවද කියලා?

උන් හැමෝම වගේ වූල් තොප්පි දාලා තිබුණා.

මාව තල්ලු කරපු කෙනා, මම හිතන්නෙ එතන නායකයා.

එයා කලු පාට බේස්බෝල් කැප් එකක් දාලා හිටියා, ඒක රතු පාට වාටියක් තියෙන එකක්.

මට එච්චරයි මතක.

එයාලගෙ මූණු දැක්කද? එයාලව අඳුරගන්න පුලුවන් විදියෙ දෙයක්?..

නෑ, එයාලා කැප් දාල, ස්කාර්ෆ් දාල තිබුණේ..

උඹලට ඕනි මම ලව්වා පොලීසියට කතා කරවන්නද?..

හොඳම දේ ඔයා අපිත් එක්ක යන්න එන එක..

එතකොට ඔයාට පුලුවන් උන්ව දැක්කොත් අඳුරගන්න.

ඊටපස්සෙ අපිට පුලුවන් ඔයාගෙ යාලුවෙක් ළඟ ඔයාව ආරක්ෂිතව නවත්තන්න.

ඕනි නෑ,.ස්තූතියි..

මම ජීවත් වෙන තැන දාල යන්නෙ නෑ කොහෙවත් යන අපතයො ටිකකට බයවෙලා.

ඒයි, රොන්.

මේ දොර අරිනවා..

ඇයි මොකද?

අදහසක් නෑ..මොකෙක් වුණත් මහ ජරාවක්.

සමහරවිට සත්තුවත්තෙ පාටි එකකදි වඳුරෙකුයි මාළුවෙකුයි එකතු වෙලා වෙන්න පුළුවන්.

මම දැක්ක එයාල මේක අරන් එන හැටි.

- එයාල මේක ඔට්ටුවකින් දිනපු දෙයක් වෙන්න පුළුවන්. - ඒත් මේ ගඳ කොහොම ඉවසුවද?

ඒක නම් ඇත්ත, මේක මහ ජරාවක්..

- ඔයා ඕනි කරන දේවල් ගත්තා නේද? - ආ..ඔව්.

එහෙනම් එන්න.

කට වහනවා.

නියමයි කොල්ලනේ.

ඔයාල මෙච්චර කාලෙකට විද්‍යාවටත් අභිරහසක් වුණු සතෙක් හොයාගෙන තියෙනවා.

මේ ලෝකෙට ආවේණික නොවෙන සතෙක්. ඔයාල උගෙ බෙල්ල කඩලා මෙහාට ගෙනාවා.

- මෙහෙන් ඉඳගන්න, මම මිනිත්තුවෙන් එන්නම්. - හොඳයි.

අපිට පුළුවන් මේකෙන් දියුණු වෙන්න. අපියි මේක හොයාගත්තේ.

- අනිවා කොල්ලෝ. - අපි මේකට පත්තරේ දැන්වීමක් දාමු.

ඊටපස්සේ වැඩිම ගාණකට විකුණල දාමු.

"The Sun" (පුවත්පතක නමක්) එකට දාමු.

නෑ, නෑ, නෑ..ඒතකොට මූවත් පත්තරේ මුල් පිටුවෙ ඉන්න කෙල්ලෙක් වගේ පෙනෙයි.

එහෙනම් "Guardian" (පුවත්පතක නමක්) එකට දාමු.

- ඒ පත්තරේ ගොඩක් ජනප්‍රියයි. - ඒත් උන් සල්ලි ගෙවන්නෙ අඩුවෙන්.

මේක පත්තරේ දාන්න බෑ. FBI එකෙන් ඇවිත් මේක නිකන්ම අරන් යයි.

FBI? එංගලන්තෙ FBI නෑ ඕයි..ඒක තියන්නෙ ඇමෙරිකාවේ.

Section Six(ත්‍රස්තවාදයට එරෙහිව රජය විසින් පිහිටවූ හමුදාවක්) එකෙන් ආවොත් තමයි.

- අපිට මූ ගැන විස්තර හොයාගන්න උගත් මිනිහෙක්ව හොයාගන්න වෙනවා. - ගිහින් බලනවා දුරකථන නාමාවලිය.

බලනව උල්කාපාත ගැන දන්න විද්‍යාඥයන්ගෙ නම් ඒකෙ තියෙනවද තියෙනවද කියලා.

දුරකථන නාමාවලිය? "A" අකුරෙන් පිටසක්වළ ජීවීන් ගැන තියෙනවද?

- අනේ පලයං බං - අපිට නීතීඥයෙක්ව හරි,

නැත්නම් උගත් කෙනෙක්ව ඕනි වෙනවා.

නියම විහිළු කොල්ලනේ.

ඇත්තටම මමත් කැම්පස් එකේදි සත්ව විද්‍යාව හැදෑරුවා.

ඒ ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.

ඒත් ඔයාල මේ මරපු සතා ගැන නම් මම කවදාවත් අහලා නෑ.

ඔයාල බෘස්ව අඳුරගත්තද? අපේ ගොඩක් විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක්.

හමුවීම සතුටක්.

අනේ පලයං බං

ඒයි!, ඒයි!

එහෙම හැසිරෙන්න එපා...

- ඒයි, රොන් - ඇයි ඔයාට බර්බන් එකක් ඕනිද?

මට ඉඩදෙන්න ඒක මෙහේ තියන්න, අපිට ඌව විකුණන්න ක්‍රමයක් හොයාගන්නකම්.

මේක තමයි මේ ගොඩනැගිල්ලෙ තියෙන ආරක්ෂිතම තැන.

අහන්න, මමත් කැමතියි ඒ වැඩේට..ඒත් මට ඒක තීරණය කරන්න බෑ. මම මෙතන සේවකයෙක් විතරයි.

ඇයි ඔයා මේ ගැන ලොක්කගෙන්ම අහන්නෙ නැත්තේ?

- ඒත් හායිහැට්ස් මෙහේ ඉන්නවද? - ඔව්, එයා ඇතුළෙ ඉන්නවා.

එන්නකෝ.

හායිහැට්ස්.

හායිහැට්ස්!

හායිහැට්ස්!

අඩෝ මෝසස්, මගේ තාල ඇල්ලිල්ල මරු නේද?

Komentáře

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left