معلومات الإصدار

Death Note The Last Name 2006 1080p BluRay x264 DTS-FGT
Death Note The Last Name 2006 1080p BluRay x264-FOXM
تعليق من Dr.Nilusha
Fits for almost all releases... Enjoy!!

الوسوم

BluRay
x264
1080
TS
نشرت في: 2020-10-26
تنزيلات: 85
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

පරිවර්තනය සහ උපසිරැසි නිර්මාණය නිලූෂ හේමාල් අලහකෝන් Death Note 2 : The Last Name (2006)

ළගට එන්න එපා!

ඔයාමනේ කිව්වේ මැරෙන්න ඕනේ කියලා.

මම එහෙම දෙයක් කිව්වේ නෑ.

ඔයා සහායක අධ්‍යක්ෂක කෙනෙක්.

අපි යමු දිව්‍යලෝකෙට.

ඔයාගේ දෙමාපියෝ බලාගෙන ඉන්නවා.

"රියුටාරෝ සකෂිරෝ"

මිසා අමානේ. ඔයා ජීවිත කාලය වැඩි වුනා.

ඔයා දේව දූතයෙක්ද?

නෑ. මම මරණයේ දෙවියෙක්.

මරණයේ දෙවියෙක්?

නියමයි.

ඔය පොතේ කාගේ හරි නමක් ලිවුවොත්,

එයා මැරෙනවා.

පාවිච්චියට උපදෙස් මේ පොතේ නම ලියන විට ලියන කෙනා, නමේ අයිතිකාරයාගේ රූපය හිතේ තබා ගත යුතුයි. එයින් එකම නම තියෙන අය බේරෙනවා."

පාවිච්චියට උපදෙස්. තත්පර 40ක් ඇතුලත මරණය සිදුවිය යුතු ආකාරයත් ලිවිය යුතුයි. නැත්නම් එය ස්වභාවික හෘදයාබාධයක් වේ.

මරණයට හේතුව ලිව්වාට පසු, ඊළග විනාඩි 6යි තත්පර 40 ඇතුලත මරණයේ විස්තර ලිවිය යුතුයි.

"මරණයේ සටහන" අල්ලන ඕනෑම කෙනෙකුට එය අයිති මරණයේ දෙවියාව දර්ශණය වේ.

මරණයේ සටහනේ අයිතිය නැති වෙන විටම, ඒ ගැන මතනයන්ද නැති වේ. නැතිවන්නේ මරණයේ සටහන ගැන මතක පමණි.

අයිතිය නැතුවත්, පොත නැවත ඇල්ලුවොත්, ඒ මතකයන් සියල්ල යලි ලැබේ.

මරණයේ සටහන පාවිච්චි කල හැක්කේ දින 23ක් පමණි. මෙය දින 23 නියමයයි.

පොතේ නමක් ලිව්වොත්, එයාගේ මරණය කිසිසේත් නැවැත්විය නොහැක.

නයෝමි මිසෝරා, ශියෝරි අකිනෝට වෙඩි තබා, දිවි නාසා ගනි.

එයාලා එකට වැඩ කලාද?

මට හිතාගන්න බෑ.

ශියෝරිගේ පෙම්වතා ලයිට් යගාමි නේද?

පුදුම අපරාධයක්.

අත හරින්න. මේක මළගෙයක්.

විද්‍යාලයේ කට්ටියද? මට අහන්න දේවල් ටිකක් තියෙනවා.

අපි පොලිසියෙන්.

පොලිස්? ඒක වැඩිය හොඳයි.

යන්න.

මේක හොඳ නෑ.

පොලිස්?

මට දුකයි ශියෝරි සහ ලයිට් ගැන.

කවුද කිව්වේ නයෝමි මිසෝරා කියන්නේ, දක්ෂ FBI කෙනෙක් කියලා?

එයාගේ පෙම්වතා මැරුණාට පස්සේ, එපා වෙන්න ඇති.

එයාලා කොහොමද තාමත් ලයිට්ව සැක කරන්නේ?

අන්න එයාලා.

ලයිට් යගාමි... තමන්ගේ පෙම්වතිය අවාසනාවන්ත විදියට මියගිහින්..

එයාගේ තාත්තා පොලිස් දෙපාර්තමේන්තුවේ ලොක්කෙක්.

එයාගේ නංගී, උසස් පාසල් ශිෂ්‍යාවක්.

මේකට කීරා සම්බන්ධයි.

අනුමාන කරන්න එපා...

ශියෝරි මැරුණේ කීරා අතින් නෙමෙයි.

කොහොමද එයාලා ලයිට්ට එහෙම දේවල් කියන්නේ?

ඔයාගේ උදව්වට ස්තූතියි.

එයාලා ඔයා ගැන දුක් වෙනවා, ලයිට්.

ශියෝරිගේ මරණයට මම පලිගන්නවා.

ඔයා මේකට මැදිහත් වෙන්න එපා.

මම කීරාව එල්ලුම් ගස් යවනවා.

ඒත්, ඔයානේ කීරා?

පහකින්.

හතර.. තුන...

හරි!

සුභ සැන්දෑවක්.

මේ සයිකෝ නිෂියාමා.

කියෝහිකෝ නකයාමා, අපරාධ සැකකරුවෙක් මියයයි.

නකයාමා දරුණු ලෙස ගැහැණු ළමයෙක් මරා දැමීම නිසා අපරාධ ලැයිස්තුවේ සිටියේය.

ඔහු ක්ෂණිකව ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇත.

මරණයට හේතුව හෘදයාබාධයයි.

අද මියගිය කෙල්ලගේ මල්ලිගේ දහවන උපන්දිනයයි.

දිව්‍යලෝකේ ඉන්න මගේ අක්කා, කීරාගෙන් ඉල්ලලා

මගේ උපන්දින ප්‍රාර්ථනාව දෙන ලෙසට.

"කීරා වෙනුවෙන් එකතු වෙමු."

එල් රහස් පරීක්ෂකයෙක් පොලීසිය සමග වැඩ කරන,

කීරා ගැන තොරතුරු හෙලිකරගෙන තිබේ.

කෙසේ වෙතත්, අනාගතය තවමත් පැහැදිලි නැත.

මේ තියෙන්නේ එල් හදාගත්ත පරීක්ෂණ කාර්යාලය.

මේක පොලිසිය තාම නීත්‍යානුකූලව පිලිඅරගෙන නෑ.

ඔයා ළග මොනවාහරි සන්නිවේදන උපකරණ තියෙනවා නම්...

මෙතනින් තියලා යන්න.

රියුසාකි. ලයිට් යගාමි මහතා ඇවිත්.

රියුසාකි?

බොරු නම් වලින්ද ඉන්නේ?

ඇයි එහෙම හිතන්නේ?

පහුගිය දේවල් වලින්, කීරාට ඇත්ත නම් ඕනේ මිනිස්සු මරන්න.

ඔයාට හොඳ බුද්ධිමත් මනසක් තියෙනවා.

ඒක නිකම් හොඳ කිව්වා වගේ නෙමෙයිනේ.

ඔයා කීරා නෙමෙයි කියලා විශ්වාසද?

මේක විහිළුවක්ද?

මම විහිළුවලට ආසනෑ.

එහෙනම් ඇයි මට මහෙට එන්න කිව්වේ?

මම දැන් මැරුනොත්, මුලින්ම සැක කරන්නේ ඔයාව.

ඔයා මැරුනොත්, මම කීරා? කොහොමද එහෙම කියන්නේ?

හැම ඇතුලේ තොරතුරක්ම, කීරාට දැනගන්න ලැබෙනවා.

ඉතිං මම FBI කණ්ඩායමක් යෙදෙව්වා, ඔයා ඇතුලු කට්ටියක් ගැන හොයන්න.

මම දැනගෙන හිටියා, මගේ පස්සෙන් ආපු බව.

ඒත් කියන්න දුකයි, ඒ හැමෝම මැරුණා.

ඒත් අපි එක සැකකාරයෙක් අදුරගත්තා.

කීරාගේ වැඩවලට ගැලපෙන එක්කෙනෙක්...

මමද?

හරි. ඒ නිසා තමයි අපි ඔයාගේ, කාමරේ කැමරා හයි කරලා බැලුවේ.

ඒක නීතිවිරෝධීයි.

මගේ තාත්තා දන්නවාද ඒ ගැන?

ඒක හදිසි තත්වයක්.

එතකොටවත් මාව නිදහස් නැද්ද?

ඔයා අපිව රැවැට්ටුවා වෙන්න පුළුවන්.

නයෝමි මිසෝරි ඔයා පස්සේ ගියේ, අපෙන් කිසිම තොරතුරක් ගන්නේ නැතිව.

ඇති.

කොහොමද ඔයා?

ලයිට්ගේ පෙම්වතිය මැරුණේ නයෝමි අතින්.

කීරාට පුළුවන් මැරෙන විදිය වෙනස් කරන්න.

ඔයා කියන්නේ ශියෝරීයි නයෝමියි මැරුවේ මම කියලාද?

ඇයි?

එතකොට මිනිස්සුන්ට දුක හිතිලා, ඔයාව මේ කණ්ඩායමට ගන්න නිසා.

මාව මරන්න.

පාහරයා!

ඔයාට හැඟීම් කියලා දෙයක් නැද්ද?

මට්සුඩා මහතා, මම හැමෝටම ඔප්පු කරන්නම් මම කීරා නෙමෙයි කියලා.

මම කොහොමද මිනිස්සුන්ව මැරුවේ?

ඒක මට තාම හිතාගන්න බෑ.

ඒක මම දැනගෙනහිටියා නම්, හැමදේම විසඳලා.

හැම සාක්ෂියක්ම මගේ පැත්තට නම්?

ඔයාගේ දඩුවම මරණය.

චෙක්මේට්.

ගොඩාක් දක්ෂයි.

අපි කවුරුවත් ඔයාව සැක කරන්නේ නෑ.

රියුසාකි විතරයි ඔයා ගැන හොයන්නේ, වැඩි පරිස්සමට කියලා.

මම දන්නවා ඒක වැඩකට නැති දෙයක්.

ඒත් වැදගත්ම දේ, අපි කොහොමහරි කීරාව නවත්තන්න ඕනේ.

මමත් හිතනවා..

ඔයා කීරා නෙමෙයි කියලා.

මට පුළුවන් ඔයාට මෙයාගේ නම පෙන්වන්න.

ඔයාගේ ජීවිතෙන් බාගයක් විතරයි ඕනේ.

එතකොට ඔයාට මෙයාව මෙතනම මරන්න පුළුවන්.

කීරාගේ වැඩපිළිවෙල අනුමත කරමින් අගමැතිතුමා කල ප්‍රකාශය

පාර්ලිමේන්තුවේදී පවා කතා කරනු ලැබුවා.

තරුණ මන්ත්‍රීවරුන් බහුතරයක් ඔහුට සහයෝගය දක්වනවා.

මම දන්නවා..මරන එක වැරැද්දක්.

ඒත් අපේ ජාතිය අපරාධකරුවන් මරන්න යුද්ධ කරලා තියෙනවා.

ප්‍රශ්නේ තමයි, අපි මරන්නේ හරි මිනිස්සුද කියලා.

ඔයා මගෙන් ඇහුවොත්, මම හිතන්නේ කීරා කරන්නේ හරි දේ කියලා.

"අපි කීරාට සහයෝගය"

කවුද මේ පිස්සා?

මේකට මමත් වගකියන්න ඕනේ.

මට කියන්න යගාමි.

ඔයා කොහෙද අපේ කට්ටිය හංගගෙන ඉන්නේ?

අපි එල් ගේ නියෝග පිලිපදින්නේ.

කවුද එයා? ඇමරිකානුවෙක්ද?

මට කියන්න බෑ.

ඔයා මහ මෝඩයෙක්.

එල් එයාගේ ජීවිතේ මේකට දීලා තියෙනවා. අපිට එයාව විශ්වාසයි.

හරි. මම ඕන දෙයක් දෙන්නම්. මිනිස්සු, බඩු, සල්ලි...

ඒ පාහරයාව අල්ලගන්න.

මේ සකුරා TV සැණකෙලිය කිසි වැඩක් නෑ.

එකපාරටම හොඳ ගායකයෝ ටිකක්වත් ආවොත්.

මිනිස්සුන්ට පිස්සු හැදෙයි.

එහෙම වාසනාවක් නෑ.

දෙමෙගාවා මහතා, සයිකෝගේ ජීවිතය අනතුරේ..

ඔය වැඩේ මට කරන්න දෙන්න. කීරාව හොඳටම දන්නේ මම.

ඇත්තම කියන්න, ඔයාට ඒක කරන්න බෑ.

යාළුවනේ..

මට බෑ?

අපි ඒක කරමු, සයිකෝ. ඉක්මන් කරන්න.

ඔයාට විශ්වාසද අපිට අනුමැතියක් අවශ්‍ය නෑ කියලා? අපිව අස් කරයි.

හොඳ ප්‍රතිචාරයක් ලැබුනොත්, ලොක්කෝ මුකුත් කියන්නේ නෑ.

මේක ඇත්තම සැණකෙලියක්.

මේක වැඩසටහනක් නෙමෙයි.

ඔයා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ?

පොඩ්ඩක් වෙනස් වෙන්න..

එයාට විරුද්ධව පැමිණිලි කරනවාද? ඔයාගේ රස්සාව නැති කර ගන්න එපා.

මොකක්?

කොමසාරිස්තුමා.

සකුරා TV දැන් කීරාගේ පණිවිඩයක් දෙන්න යනවා.

"කීරාගෙන් පණිවිඩයක්"

"දෙවෙනි කීරා" කියලා කෙනෙක්ගෙන් අපිට පටිගත කල තැටි දෙකක් ලැබිලා තියෙනවා.

දෙවෙනි කීරා?

පළවෙනි තැටිය, අපිට දැනුම් දෙනවා, අත්අඩංගුවට ගත් අපරාධකාරයෙක්ගේ මරණය.

ඒ කියපු විදියටම, ඒ කෙනා හෘදයාබාධයකින් මියගියා.

හරිද බලන්න.

දෙවෙනි කීරා අපිට කිව්වා මේ තැටිය 2:59ට පෙන්වන්න පටන් ගන්න කියලා.

අපි මොනවාද කියලා බැලුවේ නෑ.

අපි කලින් කියපු විදියටම, අපි එයා කියන දේ කලේ නැත්නම්,

එයා සකුරා TV එකේ සාමාජිකයන් එකින් එක මරනවා කිව්වා.

අපිව ප්‍රාණ ඇපකරුවන් බව, මතක තබා ගන්න.

අපි අපේ ජීවිත පරදුවට තබමින්, මේ ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නේ.

මේක මෙහෙ වෙන දෙයක්ද?

මම හිතනවා. දැන් සැණකෙලියකට වෙලාවක් නෑ.

දැන් 2:59. මෙන්න කතාව.

මම දෙවෙනි කීරා.

කීරා වගේම, මමත් අපරාධ නැති ලෝකයක් බලාපොරොත්තු වෙනවා.

කීරාට විරුද්ධ වෙන සියලුම දෙනා මගේ හතුරෝ.

කීරාට විරුද්ධ වෙනවා කියන්නේ, අපරාධකාරයන්ට ඉඩ දෙනවා වගේ.

කසුහිකෝ හිබිමා. දැන් තායියූ TV එකේ වැඩසටහනක. එයා දැන් හෘදයාබාධයකින් මැරෙනවා.

කීරා කරන්නේ අමු අමුවේ මිනී මැරීමක්.

තායියූ TV එක තිරයට ගන්න.

ඉක්මනට!

කීරා කියන්නේ දරුණු ඒකාධිපතියෙක්.

එයාට කැමති දේ කරන්න දුන්නොත්, අපි එයාගේ වහල්ලු වෙයි.

හිබිමා මහතා?

හිබිමා මාහතා.

ඔයා හොඳින්ද?

එයා මැරිලා.

අනේ ඉන්නකෝ.

හිබිමා මහතා!

ගිලන්රථයක්.

කසුහිකෝ හිබිමා කියන විදියට කීරා නපුරු කෙනෙක්.

මේක තමයි එයාගේ දඩුවම.

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left