أول 200 سطر.
පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ❤️❤️ රුක්ෂාන් ඛාන් (රුකා) ❤️❤️ w w w . p i r a t e l k . c o m ● කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ●
හැම දෙයක්ම වෙනස් වෙනවා.
ඒක විතරමයි ඇත්ත.
එයාලා කියන්නෙ මැමත් කෙනෙක්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ කියලා.
මෙහෙමයි, මං ලොකු වෙද්දී නම්, ඔය කියන තරම් හැම දෙයක්ම මට මතක හිටියෙ නෑ.
මං ඒ සේරම දේවල් මෙතන තියන්න තීරණේ කළා, එතකොට ඒක කවදාවත් වෙනස් වෙන්නෑ. අපේ රංචුවේ ඉතිහාසය.
මේ සේරම දේවල් පටන් ගත්තේ මැමත් කෙනෙක්ගෙන්, රංචුවේ මගේ ආදරණීයම මැනීගෙන්.
දඩයක්කාරයෝ හින්දා එයාට එයාගේ පවුලේ අයව නැති උනා.
හදවතේ තිබුණු වේදනාවත් එක්ක එයාව තනි කෙනෙක් කෙරුණා.
ඊට පස්සේ සීඩ්ව හම්බුනා, ලොකු හිතක් තියෙන ස්ලොත් කෙනෙක්...
…එයාගේ පවුලේ අයම එයාව අතෑරලා දාලා ගියපු
ඒ ඉතිං එයා ටිකක් කරදරයක් කියලා, අපි කියමුකෝ.
එතකොට ඩියේගෝ, දරුණු සේබර්-ටූත් කෙනෙක්.
එයා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ඒ කුරිරු රංචුවට විරුද්ධ වෙලා
යන්න තැනක් නැතුව තනිවුනා.
දෛවය මේ අනපේක්ෂිත තුන්දෙනාව
අතරමං වුන දරුවෙක්ව රැක බලාගන්න කරදර පිට කරදර එද්දී මෙයාලව එක්කහු කළා.
දරුවාල්ව ආපහු එයාගේ පවුලේ අයට භාර දුන්නට පස්සෙ එයාල එක පවුලක් උනා.
දැන්, මැනී හිතාගෙන හිටියේ එයා තමයි අයිස් යුගයේ ඉන්න අන්තිම මැමත් කියලා
ඒ හින්දා එයා කවදාවත් ආදරයක් හොයන්න බලාපොරොත්තු උනේ නෑ.
ඒ ඉතිං, එයාට මාව මුණ ගැහෙනකන් විතරයි, එලී.
පොළොව දෙදරණවා කියලා අපිට දැනුණා.
එකම බර තියෙන ටොන් දහනවයේ දෙන්නෙක්ට එහෙම නොවී තියෙයිද ඉතිං.
දරුකමට හදාගත්තු පොසම් සහෝදරයෝ වෙන ක්‍රෑෂුයි එඩීයි මාත් එක්ක මේ රංචුවට එකතු උනා.
අපි හයදෙනාට ලොකු ලොකු වික්‍රමයන් කරන්න උනා.
ඒත් ඒක ලෝකේ අවසානය කියලා අපි හිතන හැම වතාවකම,
ඒක අපිව තවත් එකිනෙකාට ළං කළා.
අපි පොළොව යට ජීවත් වෙන ඩයිනෝසරයන්ගේ හැංඟුණු ලෝකෙට
යන්න පැකිළෙනකොට පවා.
අපිට එහෙදි බක් කියලා නිර්භීත මුගටියෙක් හම්බුනා.
එයා නිර්භීතයි, වික්‍රමාන්විතයි වගේම ටිකක් විතර ඔලුව හොඳ නෑ.
ක්‍රැෂ්ටයි එඩීටයි ඕන උනේම එයා වගේ වෙන්න.
දැන් අපි එකිනෙකාව හොයාගෙන,
මට ඕන අපි එකට ඉන්න හැම මොහොතක්ම රැකගන්න,
මොකද ඒ දේවල් වෙනස් වෙන්නෙ කවදද කියලා ඔයාලා කවුරුවත් දන්නෙ නෑ.
ඒ වගේම පහුගිය ටිකේ මගේ අයියලා ටිකක් කලබල වෙලා හිටියෙ.
මේක කොල්ලන්ට පෙන්නනකම් ඉවසිල්ලක් නෑ.
ක්‍රෑෂ්! එඩී!
වුහූ-හූ!
මේක තමා අපේ මෙච්චර කාලෙකට වෙන හොඳම සෙල්ලම වෙන්නෙ.
අතිශයින්ම භයානකයි.
සුපරි-පරි භයානකයි.
මාරම විදියට භයානකයි.
වොහ්.
ඒක සෑහෙන්න ලොකු පල්ලමක්නේ.
ඒ අපි පහලට ගිහින් බැලුවොත් විතරනේ.
ක්‍රෑෂ්! එඩී!
ඔයාලා භයානක දෙයක් නොකර හිටියොත් තමා හොඳ!
ඔයා දන්නවද, මං හිතුවා...
මොකක්ද? ඔයා කවද්ද ඒක කරන්න පටන් ගත්තෙ?
ගිය සතියේ.
එතකොට ඔයා මොකුත් කිව්වෙ නෑනේ?
ඇයි ඔයා එහෙම කළේ, ක්‍රෑෂ්? ඇයි?
හරි නම් අපි සහෝදරයෝ වෙන්න එපැයි.
මට ඒකට උදව් කරන්න බැරි වුණා.
මං එතන ඉඳගෙන, මං හිතුවා,
"ඔයාට එපා වෙලා නැද්ද එලී හැමදාම අපිට කරන්න බෑ කියන දේවල් අහගෙන ඉඳලා?"
ඔව්.
"තාර වලවල් වල නාන්න එපා." "ගිනි කූඹින්ව උගුරේ ගාගන්න එපා."
" අඩි 10,000 අස්ථායි හිම කන්දක දඟලන්න එපා."
එයා සාධාරණ උපදෙස් වලින් අපිව මර්ධනය කරනවා.
කොහොමද අපි අයින් වෙලා අපේම තැනක් ගත්තොත්?
ඔහ්! ඔයා කිව්වේ තනිකඩ ගුහාවක්ද?
නෑ, මං වැඩිපුර හිතුවේ තනිකඩ කොල්ලො දෙන්නෙක් ගැවසෙන තැනක් ගැන.
ඔහ්, ඒක හොඳයි.
නිකමට හිතන්න.
කොල්ලනේ!
මාව ඔතනට ගෙන්න ගන්න එපා.
බලන්න. මං හිතන්නේ අපිට ස්වාධීන පොසම්ලා වෙන්න කාලේ ඇවිල්ලා.
මං මේ කන්දට හිමිකම් කියන්නේ පොසම්ලගේ නිදහසේ නාමයෙන්!
ක්‍රෑෂ්!
එඩී!
කෝ මේ දෙන්නා?
ඉතිං මම නිතරම හිතුවේ හොඳ සනීපාරක්ෂාව අධිතක්සේරු කරන විදියක් ගැන.
ඒත් ඇත්තටම මට විශේෂ හැඟීමක් ඇති වෙන්නෙ ඔයාලා මට ඇහුම්කන් දෙන එක.
ඔයාලා ඇත්තටම අහන් ඉන්නවනේ. අනික…
අහ්-හහ්. මං ඒක පස්සෙ කරන්නම්, පැටියෝ. මම පොරොන්දු වෙනවා.
මැනී! අපිට යන්න වෙනවා!
අයිස් කන්දක් එනවෝ.
හරි එහෙනම්!
වී-හී-හී-හී!
වොහ්!
යේ!
- යේ! - හූ-හූ!
ඒක හදාගන්න අපිට මුලු වසන්ත කාලෙම ගත වුනා!
මුලු වසන්ත කාලෙම!
ඔයාලා ඒක තත්පර ගාණකින් විනාස කළා.
හූ! ඒක අලුත් වාර්තාවක්.
අපි අයිස් කන්ද වට්ටලා මෙතන විනාස කරලා දාන්න අපිට විනාඩි අටක් ගියා.
ඒත් ඇයි ඔයා ඒක අපේ හිම ලිස්සන තැනම මැද හැදුවේ?
අලුත් වැරැද්දක්, මචෝ.
ඩියේගෝ! මේ දෙන්නා ඔයාගේ.
හරියටම වෙලාවට.
ඔහ්, නියමයි. දැන් මට ජලභීතිකාව තියෙනවා.
හරි, හරි. අපි මේක පවුලක් වගේ විසඳගමු.
මැනී, ඔයාගේ හැඟීම් වචන වලට පෙරළන්න. "මට හිතෙනවා…"
කෝ කියන්න. "මට හිතෙනවා…"
මට හිතෙනවා ඔයාව මිදි ගෙඩියක් වගේ තලලා දාන්න.
ඒකත් හොඳයි. ඉදිරි ගමනක් තියෙනවා!
හරි, බලන්න, ඒක හදිසි අනතුරක්.
අපි නිදා ගන්න අලුත් තැනක් හොයා ගන්න බලමු
එතකොට ඔයාට පුලුවන්නේ උදේම එයාලට කෑ ගහන්න.
මට ගල්වලට කෑ ගහන්නත් පුළුවන්.
එයාගේ ආරක්ෂාව තිබුනේ නැත්නම් ඔය දෙන්නා චුතවෙලා ගොඩක් කල්.
හා! එයා හිටියේ නැත්නම්, අපි ලෝකෙම අනිත් පැත්ත හරෝනවා.
ඔව්! අපේ ඒ දක්ෂකම නම් මාර ශක්තිමත්.
නෑ, ඔයාලගේ ගඳ තමයි ශක්තිමත්. ගඳ එනව නම් ඔයාලා ජීවත් වෙන්නෙවත් නෑ.
- අපිට ඕන නම් පුළුවන්. - අනේ... ඔහ්, ඇත්තද?
- එඩිතර කුක්කෝ දෙන්නා ඔප්පු කරනවකෝ බලන්න. - මැනී, එයාලට දොස් කියන එක නවත්තන්න.
හොඳයි, මං මේ කියන්නේ සමහර විට එයාලා එයාලගේ ජීවිතේ එක්තරා තැනකට ඇවිල්ලා ඇති
එතනදී එයාලා මගේ කොණ්ඩ ගස් ටික ගලවලා දාවි.
මං... මං කිව්වේ, ඔයා දන්නවනේ, එයාලගේ ඉරණම හොයාගෙන යාවි. හහ්?
- කවුරුත් කොහේවත් යන්නෙ නෑ! - ඇයි නැත්තේ?
මොකද ඔයාලට තනියම කිසිම දෙයක් කරන්න බැරි නිසා.
ඔයාලට තනියම කරගන්න පුලුවන් ඕනෙම දෙයක්, අපි දෙන්නටත් පුලුවන්.
ඔයාලට ඔයාලා ඉන්න තැන සුද්ද කරගන්න පුලුවන්ද?
ඔයාලට තනියම කෑම හොයාගන්න පුලුවන්ද?
විලෝපිකයන්ගෙන් ඔයාලට තනියම බේරෙන්නෙ පුලුවන්ද?
ඔහ්, අනිවාරෙන්, මෙන්න මේවා කියන්න. අපි වැදගත් දේවල් කරන්නෙ.
මේ වගේ.
අමනාපයේ විරෝධය.
දන්නවද, ඔයාලා මගේ සහෝදරයෝ වුණත්, සමහර වෙලාවට මට හිතෙනවා
ඔයාල පොසම්ලා වගේ නැතුව ටිකක් හරි මැමත්ලා වගේ හිටිය නම් කියලා.
එයා නිකම්ම අපේ පොසම් ජාතියට නිග්‍රා කළා.
ඒ තමයි අපි කවුද කියන එකේ ලොකුම කොටස.
අන්න හරි! මට බබාට වගේ සලකපු කාලේ ඉවරයි.
එලියට ගිහින් ලෝකයාට අපේ සලකුණ තියන්න කාලේ ඇවිල්ලා තියෙන්නෙ!
මං නම් හැමදාම ලෝකයට මගේ සලකුණ තියනවා.
මං මගේ කකුල උස්සලා ඒක කරන්නෙ. උදාහරණෙකට, අර ගහ මගේ.
අර ගහ, අරෙක.
එතකොට අර අතන තියෙන ගල. ඔයාගේ කොට්ටෙත්!
අරහෙට ගිහින් නිදාගන්න.
නැත්නම් රෑ පුරාවටම මට ඉන්න වෙන්නෙ ගොරවන ඔයාගේ පැත්තට හැරිලා.
මං... මං ගොරවන්නෙ නෑ.
මාව විශ්වාස කරන්න, ඔයා රෑ පුරාවටම කරන්නෙ මූණෙන් පිඹින එක තමයි.
ඔව්, ඔහ්... හරි, බලන්න, මං ක්‍රැෂ්ටයි එඩීටයි කියපු දේට මට සමාවෙන්න.
ඒක නිකම්... මෙහෙමයි, පවුලක් වෙන අමාරු වෙන්න පුළුවන්.
අපි තනිවෙච්ච අයගෙන් පිරුණු, රංචුවක්.
අනික ඒක මගේ පැත්තෙන් විතරයි.
හරි, මං කවදාවත් ඔයාගේ පැත්ත ගැන පැමිණිලි කරනවා ඔයාට ඇහිලා නෑනේ.
මගේ පැත්ත ගැන මං බලාගන්නවනේ.
ඔව්, හොඳයි, ඩියේගෝත් බලනවා.
ඊට පස්සේ අපි දෙන්නම සීඩ්ව බලාගන්නවා.
නෑ, ඔයාලට ඕනේ නැද්ද... ඔයාලට ඕනේ නැද්ද පස්සට ටිකක් ඉතුරු කරගන්න.
හොඳයි, පොසම් පවුල් වල එහෙම නැහැ.
ඔව්, දන්නවනේ, ඔයාට සමහර විට ප්‍රතිවිපාකවලට මූණ දෙන්න එයාලට ඉඩ දෙන්න පුලුවන්. තේරෙනවනේ.
කොහොමද? එයාලව පන්නලා දාලද? එයාලට තනියම ජීවත් වෙන්න බෑ කියලා ඔයා දන්නවනේ.
ම්ම්ම් හිත ඇදිලා යනවා.
සමහර විට ඔයා එයාලා ගැන බය වුනාට එයාලට තවදුරටත් ඔයාව වුවමනා නැතුව ඇති.
එහෙම නැත්නම් එයාලගේ එකම ස්වභාවික ආරක්ෂාව මැරුණු සෙල්ලම වෙන්න ඇති.
ඒ අය මගේ සහෝදරයෝ.
ඔයාට කලින් මට හිටිය එකම පවුල එයාලා.
එයාලා මගේ ජීවිතේ බේරුවා, මැනී.
පොසම් අම්මා මාව එයාගේම කෙනෙක් විදියට හදා වඩා ගත්තා.
මං කවදත් හිටියේ සතුටින්.
අන්තිමට මට දැනුනේ මං ගෙදර ඉන්නවා වගේ.
ඒ වගේම අපිට එයාව නැති වුණාම මගේ හිත හොඳටම රිදුණා.
හැබැයි මං දැනගෙන මගේ සහෝදරයොයි මමයි හැමදාමත් අපි එකිනෙකාට ඉන්නවා කියලා.
හොඳයි, සිස්, මං හිතන්නේ ඔයා තමයි දැන් අපේ පවුලේ ප්‍රධානියා.
ඔයා දන්නවද මටත් මගේ අම්මව නැති වුණා.
මෙහෙමයි, හරියටම බැලුවොත් එයා මට ලියුමක්වත් ලියන්නෙ නැතුව නිකම්ම දාලා ගියා.
ඒත් ඊට පස්සේ මට මැනීව හම්බුනා.
ඊට පස්සේ, ඩියේගෝ ඇවිත් අපිව මරන්න හදනකොට,
අපි පවුලක් වෙන්න යන්නෙ කියලා අපි දැනගෙන හිටියේ.
සීඩ් ඔයාට නිදාගන්න වෙන තැනක් නැද්ද?
ඔයාට තියෙනවද?
අපිට සමු නොදී නිකන් යන්න බැහැ.
සුබ ගමන් සිස්. මේ තමයි අපේ ඉරණම අපිම හදාගන්න ඕනේ කාලේ.
සමහර විට අපිම අපේ කෑමවේල හොයාගනීවි.
අපි ඔයාව ආයේ කවදාවත් දකින එහෙකුත් නෑ.
හහ්?
ඔයාලට ඒක ඇහුනද?
හහ්? මොනාද... මට නම් මුකුත් ඇහෙන්නෑ.
හරි. මාරම නිහඬයි. කිසිම දෙයක් කැඩෙන්නේ නෑ. කවුරුත් රණ්ඩු වෙන්නෑ.
ඒකෙන් කියවෙන්නෙ එක දෙයයි.
එයාලා ගිහින්. එයාලා හැමදේම අරගෙන ගිහින්.
එයාලට ගෙනියන්න කිසි දෙයක් නෑනේ.
හරියටම හරි.
අහ්-ඔහ්. මේක ඔයාට නම් හොඳක් වෙන පාටක් නැහැ.
මැනී, මගේ සහෝදරයෝ එලියේ කැලේ ඉන්නෙ, මේ හැමදේම ඔයාගේ වැරැද්ද.
මොකක්, මගේ වැරැද්ද?
ඔයාමනේ එයාලට අභියෝග කළේ තනියම ජීවත් වෙන්න උත්සහ කරන්න කියල.
ඇත්තම කාරණේ, එයාලව එයාලගේ විනාශයටයි ඔයා යැව්වේ.
ස්තූතියි, සීඩ්.
ඕනෙම වෙලාවක, යාලුවා. මං හැමවෙලේම ඔයාගේ පස්සෙන් ඉන්නවා.
කලබල වෙන්න එපා පැටියෝ.
ක්‍රෑෂුයි එඩීයි අමාරුවේ වැටුනොත් එහෙම, එයාලට ආපහු පාර හොයාගෙන එන්න පුළුවන් වෙයි.
ආපහු පාර හොයාගෙන එන්න?
එයාලට පුලුවන් දේවලිනුත් අන්තිම නරක දේ තමයි.
හරියට දිශාවක් හොයාගන්න බැරි එක.
ම්ම්ම්. අනික එයාලගේ ගණන් හැදිල්ල එහෙමත් ගන්න දෙයක් නෑ.
එන්න. අපි එයාලව හොයාගන්න ඕනේ.
එයාලට සිංදුවක්වත් හරියට කියාගන්න බෑ. අනික අර කුරුල්ලොන්ගේ සද්දේ දාන එකත් එහෙම අන්තිමයි.
යාලුවා, අපේම නීතිරීති විතරයි තියෙන්නෙ!
අපිට ජීවිත නවයක් තියෙන එකේ අපිට බය වෙන්න කිසි දෙයක් නෑ.
- අපෝ මොකක්ද අනේ. හැමෝම දන්නවා ඒ බල්ලොන්ට කියලා. - ඔහ්.
හරි, අපිට ජීවිත කීයක් තියෙනවද?
හරියටම මතක නෑ. හතරක් හරි එකොළහක් හරි.
ඉරණම බලාගෙන ඉන්නවා!
No comments yet. Be the first to leave one.