RRR

RRR (రౌద్రం రణం రుధిరం)

تنزيل الترجمة Sinhala

معلومات الإصدار

Baiscopes lk - RRR 2022 720p WEBRip x264 AAC-[YTS MX]
تعليق من Baiscopes.lk

الوسوم

other
full_subtitles
forced_subtitles
نشرت في: 2026-05-19
تنزيلات: 13
ضعاف السمع: No

معاينة ترجمة Sinhala

أول 200 سطر.

කතාව

"අතු වල එල්ලීලා, නිම්න වල සෙල්ලම් කරලා..."

"හැමදාම මම අම්මගෙ උකුලෙ නැලවෙන්න ඕනෙ"

"ගහ පිටිපස්සෙ ඉඳන් සිංදු කියන කොවුලා"

"මම කතා කරන හැම වෙලාවෙම 'කූ' කියලා මට උත්තර දෙන්න මං ගාව ඉන්න ඕනෙ..."

"උදාවෙන හැම දවසකම..."

"...අම්මේ, මට ඔයාගෙ අඩි පාරෙ යන්න ඕනෙ"

"අතු වල එල්ලීලා, නිම්න වල සෙල්ලම් කරලා"

"හැමදාම මම අම්මගෙ උකුලෙ නැලවෙන්න ඕනෙ"

දඩයම් කරන්න හොඳ දවසක් නේද, මගේ ආදරණීය?

ඔව්, ටිකක් විතර.

ඔයා ඒක විශ්වාස කරනවද?

මේක පුදුමයි. කවුද මේ කලාකරුවා?

මොකක්? මේ පොඩි කෙල්ලද?

මට මේ පොඩි පැකේජ් එක අපේ මැන්ටල්පීස් එක උඩ තියාගන්න ඕනෙ.

එඩ්වඩ්. -ඔව්, සර්.

ඔයාගෙ දරුවගෙ සිංදුව අගය කරන්න ආර්යාව ඔයාට තෑග්ගක් දෙනවා.

මේක ගන්න, ලොකී.

ඔබේ සේවයට, ආර්යාවනි.

ඔබේ සේවයට, ස්වාමීනි.

මල්ලි.

ලොකී, ඒගොල්ලෝ ඔයාට දීපු සල්ලි සිංදුවට නෙවෙයි.

ඒගොල්ලෝ ඔයාගෙ දුවව සල්ලි වලට ගත්තා.

මල්ලි!

මල්ලි.

මල්ලි... මල්ලි...

මගේ දරුවා.

කරුණාකරලා මගේ දරුවව මට ආපහු දෙන්න.

මම ඔයාගෙ කකුල් දෙක ළඟ වැටෙනවා.

මම ඔයාගෙන් බැගෑපත් වෙනවා!

මම ඔයාගෙන් බැගෑපත් වෙනවා. මම ඔයාගෙ කකුල් දෙක ළඟ වැටෙනවා.

සාජන්ට්!

ඔයාගෙ තුවක්කු බටේ තියෙන උණ්ඩයේ වටිනාකම ඔයාට තේරෙනවද?

ඒක හැදුවේ එංගලන්ත කම්හලක එංගලන්ත ලෝහ පාවිච්චි කරලා.

ඒක මහා මුහුදු හතක් පහු කරගෙන ආවේ එංගලන්ත නැවක.

ඒක ඔයාගෙ තුවක්කු බටේට එනකොට...

...ඒකට පවුමක් වියදම් වුණා.

පවුම් ස්ටර්ලින් එකක්!

ඉතින් ඔයාට ඕනෙ ඒක නිකරුණේ නාස්ති කරන්නද...

...මේ දුඹුරු කුණුගොඩවල් වලට?

පාර අයින් කරන්න.

අනේ මගේ දරුවාව අරන් යන්න එපා... මම ඔයාලගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා...

නෝනා, කරුණාකරලා.

ගින්දර

දිල්ලියේ මායිම

අපේ නායක ලාලා ලජ්පත් රායිව නිදහස් කරපල්ලා! නැත්නම් අපි මේ පොලිස් ස්ටේෂන් එක ගිනිබත් කරනවා!

අපේ නායක ලාලා ලජ්පත් රායිව නිදහස් කරපල්ලා!

එහෙම දෙයක් නෑ සර්. අපි උන්ව ඇවිස්සෙන කිසිම දෙයක් කළේ නෑ.

ලාලා ලජ්පත් රායිව කල්කටාවේදී අත්අඩංගුවට ගත්ත හින්දයි උන් මෙතන කලබල කරන්නේ.

මුන්ට පිස්සු හැදිලා!

අපිට දැන්ම අමතර හමුදා ඕනෙ!

තව පැය 7ක් විතර යයි.

පෝලිම අල්ලගෙන ඉඳපල්ලා යකෝ!

මුන්ව ගිනිබත් කරමු!

අර බල්ලව අල්ලගනින්...

...තව...

...ඌව මගේ ගාවට අරන් වරෙන්...

තෝ මාව පාවා දුන්නා!

තෝ ජරා ද්‍රෝහියෙක්!

දෙයියනේ!

අර සෙනඟ!

මම බය වෙලා හිටියේ සර්!

මට ඊට වඩා මූව බයයි.

වාර්ෂික විශේෂ නිලධාරීන්ගේ උත්සවය නිමිත්තෙන්...

"අපේක්ෂකයෝ 75ක් අතරින් සුදුසුකම් ලබලා තියෙන්නේ 3ක් විතරයි"

උදාර කැපවීම වෙනුවෙන්.

ඒ ෆිලිප් ඇන්ඩර්සන්,

චාල්ස් ලැන්ග්ෆෝර්ඩ්,

ෆ්‍රෑන්ක් පූල්.

අනිත් අයට කියන්න තියෙන්නේ,

ලබන අවුරුද්දේ වාසනාව උරගා බලන්න කියලා.

විසිරෙන්න!

වතුර

ආයුබෝවන් සර්.

මෙයා මිස්ටර් වෙන්කට් අවධානි.

නිසාම්ගේ විශේෂ උපදේශක.

ගවර්නර් ස්කොට් ඉන්දියාවේ නෑ.

ඔයා ආපු කාරණය මිස්ටර් එඩ්වඩ්ට කියන්න.

ළඟදී දවසක ගවර්නර් ස්කොට් ආදිලාබාද්වලට ගිය වෙලාවේ...

...එයා එනකොට පොඩි ගෑණු ළමයෙක්ව එක්කගෙන ආවා.

අපේ නවාබ් මාව එව්වේ ඒ ගැන ඔයාට යමක් කියන්න.

ඒක අපි ඩෙකෑන්වලින් ගෙනාපු ගෑණු ළමයා ගැන.

අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස ඒ ළමයාව ආපහු එයාගේ ගමට යවන්න ඕන කියලා.

ඒක අපේ නවාබ්ගෙත් අදහස-

ඇයි ඒ?

ඔබතුමා අරන් ඇවිත් තියෙන්නේ ගොන්ඩ් ගෝත්‍රයේ දරුවෙක්, සර්.

ඉතින්? -ඉතින් මොකක්ද?

උන්ගේ ඔළුවේ අං දෙකක් තියෙනවද?

ඒ මිනිස්සු හරිම අහිංසකයි සර්.

ඔබතුමා උන්ට මොන වධ දුන්නත් උන් කටක් අරින්නේ නැහැ.

හැබැයි උන්ගේ එක ගුණයක් තියෙනවා.

උන් බැටළුවෝ වගේ රංචු පිටින් ඉන්න කැමතියි.

එක බැටළු පැටියෙක් නැති වුණත් උන්ට ඒක ලොකු ප්‍රශ්නයක්.

අන්න ඒ නිසයි රංචුවට එඬේරෙක් ඉන්නේ.

එයා රංචුවව තමන්ගේ පණ වගේ රකිනවා.

ඉතින් මේ ගෝත්‍රිකයා බලගතු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බිම දාන්නද යන්නේ...

...එයාගේ දුන්නයි ඊතලයි පාවිච්චි කරලා.

ඉතින් මේ ගෝත්‍රිකයා අපිට ගේම දෙන්නද හදන්නේ?

මාව වැරදියට තේරුම් ගන්න එපා.

මම මේ උත්සාහ කරන්නේ එයා ගැන ඔයාට කියන්න විතරයි.

නැති වුණ බැටළුවාව හොයාගෙන එන්න එඬේරා කොච්චර දූර වුණත් යයි.

ඒක උදේ වුණත් රෑ වුණත්,

අව්ව, වැස්ස, ගල් පර්වත, කඳු, මිටියාවත් මේ හැමදේම මැදින්...

එයා කොහේ හරි ගිහින් අන්තිමට නැති වුණ බැටළුවාව හොයාගන්නවාමයි.

ඒ වෙලාවේ බැටළුවා කොටියෙක්ගේ කටේ හිටියත්...

...ඌගේ දත් කඩලා කට දෙකට පලලා,

බැටළු පැටියව ආපහු රංචුවට අරන් යයි.

පේන විදිහට නම් එඬේරා එයාගේ දඩයම පටන් ගන්න දිල්ලියට ඇවිත් ඉන්නේ.

උගුල ඇටෙව්වා. අපේ සහෝදරයාට දැනුම් දෙන්න.

ජංගු, මේක වෘකයෙක් නෙවෙයි. මේක කොටියෙක්.

ජංගු!

මම මගේ වැඩකට ඔයාව පාවිච්චි කරනවා.

මට සමා වෙන්න, සහෝදරයා.

අපි දිල්ලියට ඇවිත් දැන් මාස 6ක් වෙනවා.

අපි මල්ලීව හොයාගන්න කරන්න පුළුවන් හැමදේම කරනවා.

ඔයා හිතනවද...

...මල්ලී පණ පිටින් ඉන්නවා කියලා?

අක්තර්.

ඔයා කොහේද මෙච්චර වෙලා හිටියේ?

වැඩ ගොඩක් තියෙනවා. එන්න.

ඕක මට දෙන්න.

ඒයි! ඔහේ!

ආයුබෝවන් සර්.

ආයෙත් එන්ජිම නතර වුණා... මොනවද ඔයා හැදුවේ?

මම මේක කොච්චර පෑගුවද?

ඒත් මේ මල ඉලව්ව ස්ටාර්ට් වෙන්නේ නැහැනේ.

මම පොඩ්ඩක් බලන්නම් සර්.

මේක රිසර්ව් එකේ තියෙන්නේ සර්.

මට සමාවෙන්න.

මොකක්ද මේ මගෝඩි වැඩේ?

මම කිසිම දෙයක් කළේ නැහැ සර්.

ඔයා කලින් මොකක් හරි ගලවලා දැන් ඒක ආයේ හයි කළා නේද...

...ආයෙත් මගෙන් සල්ලි කඩාගන්න නේද?

මම කිසිම දෙයක් කළේ නැහැ සර්.

තෝ වංචාකාරයා!

මගේ කිසිම වරදක් නැහැ සර්.

සර්. කරුණාකරලා ඔහුට සමාව දෙන්න සර්.

මම කිසිම දෙයක් කළේ නැහැ සර්. - ඔහුට සමාව දෙන්න සර්.

රොබර්ට්, කරුණාකරලා ඕක නවත්තන්න.

ඒක ඔහුගේ වරදක් නෙවෙයි.

ආයෙ කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ සර්! මම ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලනවා.

දෙවියනේ!

පුතේ.

පරිස්සමෙන් පුතේ. - අයියේ, ඔයාට හොඳින්ද?

ඔහු මෘගයෙක්.

බලන්නකෝ ඔහුට කොච්චර දරුණු විදිහට ගැහුවද කියලා.

පුතේ, ඇයි ඔයා ඔයාගේ කේන්තිය හංගගෙන ඉන්නේ?

ඔවුන් මම ගැන ඇත්ත දැනගත්තොත්...

...මට නවාතැන් දුන්නට ඔවුන් ඔයාලා හැමෝටම දඬුවම් කරයි.

මම ඔයාගේම දරුවෙක් නොවුණත්, ඔයා මාව පණ වගේ රකිනවා.

මම නිසා ඔයාලට කිසිම කරදරයක් වෙන්න දෙන්න බැහැ.

මොනවා වුණත් මගේ ඇත්තම අනන්‍යතාවය මම කාටවත් දැනගන්න දෙන්නේ නැහැ.

ඕක තමයි මුළු කතාවේම සාරාංශය.

දිල්ලියේ ආණ්ඩුකාරවරයාව ඉලක්ක කරන දඩයක්කාරයෙක් නිදැල්ලේ සැරිසරනවා.

අපි මේ මෝඩ ගෝත්‍රිකයෝ ගැන ඇත්තටම කරදර විය යුතු නැහැ.

කොහොම වුණත් අපේ හිතවත් නිසාම්...

...මේ ගෝත්‍රිකයන්ගේ දක්ෂතා ගැන දන්න නිසා ඔහු එහෙම හිතනවා ඇති.

අනික මේක ආණ්ඩුකාරවරයා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා...

...අපි ඒ ගැන පියවරක් ගන්න ඕනෙ.

ඒ වගේම ඒක සෑහෙන්න කරදරයක් වෙයි. -හරි සර්.

අපි මේ මූව අල්ලගමු.

මට නම් හිතෙන්නෙ මේ ඌරව අඟුරු ගොඩක දාලා පුච්චන්නයි..

සර්, අපිට ඒ ෆයිල් එක දෙන්න.

ඔව්... එතන තමයි ගැටළුව තියෙන්නෙ, නිලධාරිතුමා.

මිනිහා ගැන අපේ ළඟ කිසිම දෙයක් නෑ.

ඔය කියන්නෙ කිසිම දෙයක් නැහැ කියලද?

හඳුනාගන්න පුළුවන් ලකුණු?

අපරාධ වාර්තා?

ඒක කරන්න බැරි වැඩක් වගේ.

කොහොමද යකෝ අපි මූව අල්ලන්නෙ?

කිසිම අපරාධ වාර්තාවක් නැති වැද්දෙක්ව අල්ලන්නද උන් අපිට කියන්නෙ?

කවුරු හරි කෙනෙක් මේ කරන්න බැරි වැඩේ කළොත්"

...එයාට විශේෂ නිලධාරි තනතුරට උසස්වීමක් ලැබෙනවා.

ඕනෙ මූව පණ පිටින්ද නැත්නම් මරලද?

මට මේ මනුස්සයා ගැන සහතික වෙන්න පුළුවන්.

කාට හරි මේ වැඩේ කරන්න පුළුවන් නම්, ඒ මෙයාට විතරයි.

මරලා ගෙනාවොත් ඔයාට තෑගි මුදලක් හම්බවෙයි.

පණ පිටින් ගෙනාවොත් ඔයාව විශේෂ නිලධාරි තනතුරට උසස් කරනවා.

අපි මුළු දිල්ලිය පුරාම හොයන්න ඕනෙ නෑ.

එයාට ඕනෙ කරන දේ තියෙන්නෙ ස්කොට්ගෙ බංගලාවෙ.

එයා එතනට එයි.

එයා ඒ අවටම ගැවසෙයි.

සෙනඟ මෙච්චර ගොඩක් මැද්දෙ අපි කොහොමද එයාව හොයාගන්නෙ?

එයා හිතයි එයාගෙ හතුරගෙ හතුරෝ එයාගෙ යාළුවෝ කියලා.

අපිත් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධයි වගේ රඟපාන්න ඕනෙ.

ඒක කරන්න කලින්...

...විප්ලවකාරයෝයි කැරලිකාරයෝයි රහස් සාකච්ඡා තියන්නෙ කොහේද කියලා හොයාගන්න.

ඇතුළට යන්න කලින් ඔළුව නමන්න...

...එළියට එනකල්ම ඒ විදිහට ඉන්න.

තමුන්ගෙ වැඩේ කරලා යන්න.

හැඳුනුම්පත් පෙන්නන්න.

ඔයා.

හැඳුනුම්පත.

මට අමතක වුණා, සර්.

නවත්තන්න, ඕක නවත්තන්න.

නවත්තන්න. -සමාවෙන්න සර්.

ඇයි ඔය විදිහට මිනිහට ගහන්නෙ? -මිනිහට හැඳුනුම්පත අමතක වෙලා, මැඩම්.

ඒකෙන් ඔයාට මිනිහෙක්ට තිරිසනෙක්ට වගේ සලකන්න අයිතියක් ලැබෙන්නෙ නෑ.

සොරි මැඩම්.

එයා හරි කරුණාවන්ත පාටයි.

التعليقات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left